දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලාභ ලැබූවත් ලංකා IOC කොටස්කරුවන්ට සලකයි.
Homeගොසිප්

අලාභ ලැබූවත් ලංකා IOC කොටස්කරුවන්ට සලකයි.

PropellerAds

ලංකා IOC සමාගම ඊයේ (08) දිනයේ දී සිය කොටස් හිමියන් වෙත එක් කොටසක් වෙනුවෙන් සත 65 ක ලාභාංශයක් ලබා දෙන බවට නිවේදනය කරනු ලැබීය. 2017/18 මූල්...

විජය නන්දසිරිගේ පුතු අවමංගල සභාවේදී ගැයූ ගීතය
අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතේදී ඒකාබද්ධය රනිල් සමග සතුටුවෙලා
ලෝකෙ දෙවැනියා ඇවිත් නිලූකගේ තරග තුනෙන් එකක් පරදී
ලංකා IOC සමාගම ඊයේ (08) දිනයේ දී සිය කොටස් හිමියන් වෙත එක් කොටසක් වෙනුවෙන් සත 65 ක ලාභාංශයක් ලබා දෙන බවට නිවේදනය කරනු ලැබීය.

2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන පළමු හා අවසාන ලාභාංශය ලෙසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේ වෙතත් 2017/18 මූල්‍ය වර්ෂයේ දී ලංකා IOC සමාගම රුපියල් මිලියන 755 ක අලාභයක් වාර්තා කර තිබේ.

2016/17 මූල්‍ය වර්ෂයේ දී සමාගම රු. බිලියන 3 ක ලාභයක් වාර්තා කළ අතර එහිදී කොටසක් වෙනුවෙන් රු. 1.25 ක ලාභාංශයක් ලබා දීමට පියවර ගෙන තිබුණි.

සමාගමක් අලාභ ලබන අවස්ථාවක දී එහි කොටස්කරුවන් හට ලාභාංශ ලබාදීම සුවිශේෂී තත්ත්වයකි.

ලංකා IOC අලාභ රු. මිලියන 500 කින් පහළට

2018 ජනවාරි - මාර්තු මූල්‍ය කාලපරිච්ඡේදය සඳහා ලංකා IOC පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු සමස්ත අලාභය රු. මිලියන 103.36 ක් ලෙසින් වාර්තා වේ. 2017 ජනවාරි - මාර්තු කාර්තුවේ දී සමාගමේ අලාභය රු. මිලියන 647.05 ක් ලෙසින් සටහන් වන අතර මේ අනුව පසුගිය කාර්තුවේ දී රු. මිලියන 543.69 කින් අලාභ අඩු කර ගැනීමට ලංකා IOC සමාගම සමත් වී ඇත.

මෙම කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 20.33 සිට රු. බිලියන 23.81 ක් දක්වා 17% කින් වැඩි වී ඇති අතර මෙහෙයුම් අලාභය රු. මිලියන 916.5 සිට රු. මිලියන 299.14 ක් දක්වා අඩු වී ඇත.

කෙසේ වෙතත් 2016/17 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලංකා IOC සමාගම රුපියල් බිලියන 3 ක බදුගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබුණ ද 2017/18 මූල්‍ය වර්ෂයේ දී එය රුපියල් මිලියන 755.56 ක අලාභයක් ලෙසින් සටහන් වේ.

2017 ජනවාරි-මාර්තු කාර්තුවේ දී සටහන්ව ඇති රුපියල් මිලියන 5.87 ක්වූ වෙනත් මෙහෙයුම් ආදායම් පසුගිය කාර්තුවේ දී රුපියල් මිලියන 236.69 ක් දක්වා ඉහළ නැග තිබීමත්, 2017 ජනවාරි-මාර්තු කාර්තුවේ දී රුපියල් මිලියන 269.12 ක් ලෙසින් සටහන් වූ පරිපාලන වියදම් ප්‍රමාණය රුපියල් මිලියන 12.86 ක් දක්වා 2018 ජනවාරි-මාර්තු කාර්තුවේ දී පහළ බැස තිබීමත් ලංකා IOC පීඑල්සී මූල්‍ය ප්‍රතිඵල නිරීක්ෂණයේ දී දැකිය හැකි විශේෂ කරුණකි.


මේ අතර පසුගිය මාර්තු 24 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා IOC සමාගම විසින් මෙරට තුළ අලෙවි කරන ඉන්ධන වර්ග කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට පියවර ගනු ලැබීය. එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 9 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව නව මිල රු. 126 ක් වේ. තව ද රු. 95 ක්ව පැවති ඩීසල් ලීටරයක් රු. 100 ක් දක්වා රු. 5 කින් ඉහළ දමනු ලැබීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලාභ ලැබූවත් ලංකා IOC කොටස්කරුවන්ට සලකයි.
අලාභ ලැබූවත් ලංකා IOC කොටස්කරුවන්ට සලකයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivxIxhz1Ggcb_S0TuzQnY4SKQ5b-2nNyWj7R-2vA6-G12HQxcaqcKOafrgyUKG0Kdkqcg0kMDJE5jeT8T_isg6WAEE7Evp5SnsMgY4lPylqCo5KZEIJdGRuMMyfQ-S_NDtk6Y4b5Hi8fU/s1600/Lanka-IOC.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivxIxhz1Ggcb_S0TuzQnY4SKQ5b-2nNyWj7R-2vA6-G12HQxcaqcKOafrgyUKG0Kdkqcg0kMDJE5jeT8T_isg6WAEE7Evp5SnsMgY4lPylqCo5KZEIJdGRuMMyfQ-S_NDtk6Y4b5Hi8fU/s72-c/Lanka-IOC.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/ioc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/ioc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy