ප්‍රදේශය තුළ සිටින කැස්බෑ බිත්තර ජාවාරම්රුවන්ගෙන් සහ සුනඛයන්ගෙන් දිවා රාත්‍රී දෙකෙහිම විශාල වෙහෙසක් දරා බේරාගෙන රැකගත් බිත්තර කැදලි මේ අය...
ප්‍රදේශය තුළ සිටින කැස්බෑ බිත්තර ජාවාරම්රුවන්ගෙන් සහ සුනඛයන්ගෙන් දිවා රාත්‍රී දෙකෙහිම විශාල වෙහෙසක් දරා බේරාගෙන රැකගත් බිත්තර කැදලි මේ අයුරින් මුහුදු රල පහරට හසුවී විනාශ වී ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ .
ස්වාභාවික ලෙසම වෙරළේ තිබූ කැදලි බොහොමයක් මෙලෙසින් විනාශයට පත්වුවද, වනජීවී නිලධාරින් විසින් කොටු තුළ තැන්පත් කරන ලද කැදලි බොහෝමයක් හා මිරිස්ස නාවික හමුදා - වෙරළ ආරක්ෂක නිළධාරීන් විසින් පවත්වාගෙන යන බිත්තර කොටුද මෙම දැඩි රළ පහරට හසුවීමට ගියද ඔවුන් විසින් වැලි කොට්ට ගසා දැඩි පරිශ්‍රමයක් දරා ඒවා රැක ගැනීමට කටයුතු කර තිබේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS