දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය

ඉන්ධන මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ මධ්‍යයේ ආණ්ඩුව එය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරන්නේ රාජපක්‍ෂ පාලන සමයේදී දේශීය ඉන්ධන මිල මීටත් වඩා ඉහල මට...

ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය
ඉන්ධන මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ මධ්‍යයේ ආණ්ඩුව එය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරන්නේ රාජපක්‍ෂ පාලන සමයේදී දේශීය ඉන්ධන මිල මීටත් වඩා ඉහල මට්ටමක තිබුණ බව පවසමිනි. අද බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70ක් පමණ වේ. මම 2005 නොවැම්බරයේදී මුල් වරට ජනාධිපති ධූරයට පත්වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73 ක් විය. 2008 ජුනි වන විට එය ඇ.ඩො. 160 දක්වා වැඩිවී තිබුණි. 2014 අගෝස්තු වන විටත් තෙල් මිල පැවතියේ ඇ.ඩො. 103ක මට්ටමකය. තෙල් මිල සැලකිය යුතු ලෙස අඩු වීමට පටන් ගත්තේ 2014 අවසාන මාස තුනේදී පමණි. 2015 ජනවාරියේදී ආණ්ඩු වෙනස සිදුවන විට එය ඇ.ඩො. 51 දක්වා අඩුවී තිබුණි.
 
එතැන් සිට පසුගිය අවරුදු තුන මුලුල්ලේම ලෝක තෙල් මිල අඩු මට්ටමක පැවතියේය. 2016 පෙබරවාරි මස වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 33 දක්වා අඩුවී තිබුණි. ඉන්පසු තෙල් මිල සෙමින් වැඩි වුවද 2017 ඔක්තෝබර් මස වනතුරුත් එය ඇ.ඩො. 55 ක මට්ටමක පැවතියේය. අද පවතින ඇ.ඩො.70 මිල දක්වා එය වැඩි වීමට පටන් ගත්තේ පසුගිය මාස කීපයේදී පමණි. මා රට පාලනය කල සම්පූර්ණ අවුරුදු 09 තුළම කිසිදාක ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත මට්ටමක නොතිබුණි. අපේ ආණ්ඩුව කාලයේ පැවති සාමාන්‍ය තෙල් මිලට සාපේක්‍ෂව අද පවතින ඇ.ඩො. 70ක මිල සැබවින්ම අඩුය. මගේ පාලන සමය තුළදී ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සනිටුහන් වුවද අප ඒ අවුරුදු කීපය ඇතුළත දිණිය නොහැකි යැයි කියූ යුද්ධය ජය ගත්තා පමණක් නොව යටත් විජිත යුගයෙන් පසු මේ රටේ ඉදිවූ විශාලම යටිතල පහසුකම් ව්‍යාපෘති
 
ගණනාවක්ම සම්පූර්ණ කිරීමටද හැකි වූ බව මෙහිදී පෙන්වා දිය යුතුය. ඒ සියල්ල අප කළේ, බොර තෙල් මිල වැඩි වීම හේතුවෙන් පොහොර මිලත් වැඩිවීම නිසා, ගොවි ජනතාවට ඇතිවෙන අහිතකර බලපෑම නැතිකිරීමට පොහොර සහනාධාරයක්ද පවත්වාගෙන යන අතරතුරය. ලෝක බොරතෙල් මිල ඉතා ඉහල මට්ටමක පැවතියත්, අපගේ පාලන සමය තුළ ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගය අප සාක්ෂාත් කරගත් අතර, ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවිය.
 
මගේ පාලන සමයේදී මෙන් නොව යහපාලන ආණ්ඩුවට පසුගිය අවුරුදු තුන තුළදී ලෝක තෙල් මිල ඉතාම පහත් මට්ටමකට වැටීමේ වාසිය ලැබුණි. ඒ අවුරුදු තුන ඇතුළත ආණ්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඉතිරියක් විය. එවැනි විදෙස් විනිමය ඉතිරියක් තිබියදීත්, ආර්ථිකය දිගින් දිගටම පිරිහීමකට ලක් වූ අතර ඒ කාලපරිච්ඡේදය තුළ සංවර්ධන වැඩකටයුතු සහමුලින්ම පාහේ බිඳ වැටුණි. පසුගිය සෙනසුරාදා වත්මන් මුදල් ඇමතිවරයා සභාවක් අමතමින් කියා සිටියේ 2015 ජනවාරියේදී ඔහු එම තනතුරේ සිටියේ නම් ගැලරියෙන් ලැබෙන අත්පොලසන් නාදය වෙනුවෙන් සහන දීම නොකරන බවය. ඒ කතාවම එජාප පසුපෙල මන්ත්‍රීවරයෙකුද කියනු අපි දුටුවෙමු.
 
ඇමතිවරයා ‘ගැලරියෙන් ලැබෙන අත්පොලසන් නාදය වෙනුවෙන් දුන් සහන’ ලෙසින් අදහස් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ රජයේ සේවකයන්ට රු.10,000 ක දීමනාවක් ලබා දීම, හා ඉන්ධන, ගෑස් හා තෝරා ගත් ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම විය හැක. ඒ සියල්ලම ඡන්ද දිනා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කර තිබුණු පොරොන්දු විය.
 
යහපාලකයෝ එදා පවසා සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුවේ දූෂණය නැවැත්වූ පසු ඒ සියලුම සහන දීමට ඕනෑතරම් මුදල් ඉතුරුවන බවය. ජනාධීපතිවරණය ජය ගැනීමෙන් පසු නොබෝ කලකින්ම එළඹෙන පාර්ලිමේනතු මැතිවරණය ජය ගැනීමට නම් ඔවුන් ඒ දුන් පොරොන්දු ඉටු කිරීමට සිදුවිය. අපි දැන් අත් විදිමින් සිටින්නේ දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිතා කිරීමේ ආනිසංශවලටය. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට ඡන්ද ජය ගැනීම සඳහා ඕනෑම සහනයක් දීමට හැකියාව ඇත.
 
නමුත් පියවි සිහිය තිබෙන ආණ්ඩු මේ සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්නේ දිනුවාට පසු ඒ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයා ගැනීමට අසීරු නිසාය. වත්මන් ආණ්ඩුව සිතුවේ ඡන්දය ජයගැනීම ගැන පමණක් මිස, ඊට පසුව සිදුවන්නේ කුමක්ද යන්න ගැන නොවේ. ඡන්ද ජය ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබූ පසු ඒ වැඩි වූ වියදම් පියවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ විරූ ආකාරයට ණය ගැනීමට පටන් ගත්තේය. 2015 ජනවාරියේ සිට අද දක්වා ආණ්ඩුව විදෙස් විනිමය වානිජ ණය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 19.5 ක් හා දේශීය ණය රුපියල් ට්‍රිලියන 6කට වැඩා ලබාගෙන ඇත. අගමැතිවරයා සභාවක් අමතන හැම අවස්ථාවකදීම වර්තමාන ආර්ථික තත්වය පසුගිය ආණ්ඩුවෙන් ලබාගත් ව්‍යාපෘති ණය නිසා ඇති වූවක් යැයි කීවද මේ තත්වය ඇතිවීමට සැබෑ හේතුව වත්මන් ආණ්ඩුව මාස කිහිපයකින් නැතිනම් අවුරුද්දකින්, දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන ආකාරයට ලබාගත් කෙටි කාලීන හා මධ්‍ය කාලීන පරිභෝජන ණය නිසාය.
 
මුදල් අමාත්‍යංශයේ වාර්තා වලට අනුව 2019 වසර තුළදී අපට ආපසු ගෙවීමට සිදුවන විදෙස් විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 4.2 ක් වේ. එය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර තුනත්, හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු සම්පූර්ණ වරායත්, ගොඩගම දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයත්, කොළඹ කටුණායක අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපලත්, ඉදිකිරීමට ගිය මුලු මුදලටත් වඩා විශාල මුදල් කන්දරාවකි. මේ සියලුම ව්‍යාපෘතිවල මිලට වඩා මුදලක් එක අවුරුද්දක් ඇතුළත ණය වාරික වශයෙන් ගෙවීමට සිදුවී තිබීමෙන් යහපාලන ආණ්ඩුව විසින් ඇතිකර තිබෙන ණය අර්බුදයේ පරිමාව කාටත් සිතාගත හැක.
 
ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9 කින් වැඩි කරන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකින් පෙට්‍රල් මිල වැඩි කළ ආකාරය මුලු රටම දුටුවේය. වර්ථමානයේ තෙල් බැරලයක් ඇ.ඩො 70 ක් වුවද මගේ ආණ්ඩුව පැවති කාලයේදී තිබුණාට වඩා අදත් ලෝක තෙල් මිල බෙහෙවින්ම අඩුය. එමනිසා ආණ්ඩුවට ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමෙන් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව ඇත. නමුත් පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට දිගට හරහට ලබා දුන් සහන වලට මුදල් සොයාගැනීමට සිදු වී තිබීම නිසා එවැන්නක් සිදු නොවීමට ඉඩ ඇත. බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේදී එයට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවටය.
 
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය
ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/5fb7cc2aa04a615cf173c36932a4946a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_656.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_656.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy