දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නව පුහුණු ගොඩනැගිල්ලක්.
Homeගොසිප්

ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නව පුහුණු ගොඩනැගිල්ලක්.

PropellerAds

රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද  නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම අද (10) පෙරවරුවේ  අග්‍රාමාත්‍ය කාර්යමණ...

බණ්ඩාරනායක සමරුවට ආපු චන්ද්‍රිකා මෛත්‍රීව මගහරී
සන්ධානයේ ජනපති අපේක්ෂකයා ගෝඨා හෝ මෛත්‍රී - ඩිලාන් හෙළි කරයි
ගූගල් 2018 ඉන්දියාවේ වැඩිම සෙවුම ඇස්ගහපු ප්‍රියා ප්‍රකාශ්

රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද  නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම අද (10) පෙරවරුවේ  අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබ සිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය පසුකාලීනව ජාතික තරුණ සේවා සභාවට ලබාදී ඇති අතර ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ගොඩනැගිල්ල නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදිකර ඇත. 

දියුණු තාක්ෂණික සහ උසස් පාඨමාලා ඉගැන්වීමට සුදුසු අධ්‍යන පරිසරයක් සහිතව නිමවා ඇති මෙහි මෝටර් කාර්මික, තාරතුරු තාක්ෂණය, ත්‍රිමාණ මුද්‍රණය, පෙර පාසල් පාලිකාවන්, රූපලාවන්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍යවන පාඨමාලා රැසක් මෙතුල ක්‍රියාත්මකව ඇත.

මෙලෙස ගොඩනැගිලි පහසුකම් සහ ඉහල කැපවීමක් සහිත මානව සම්පත් සිටින වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන රැකියා වෙළඳපොල තුල පවත්නා ඉල්ලුම හඳුනාගනිමින් ඊට සරිලන අභ්‍යාස ලාභීන් බිහිකළ යුතු බවත් එම ඉලක්ක ජයගැනීම සඳහා රජයේද සහයෝගය ලබාදෙන බවත් එමගින් ඉහල වැටුප් සහිත වෘර්තීන් කෙරෙහි යොමුවීම අවස්ථාව හිමිවන බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා උත්සව සභාව අමතමින් සඳහන්කර සිටියා. 

බිම දමන කොළ කෑල්ල බිම නොදමා නිසි අයුරින් බැහැර කිරීමට හුරුවීමේ සිට සෑම අංශයකටම අදාලව ආකල්පමය වෙනසක් තරුණ පරපුර තුල ඇතිවිය යුතු බවත් එයද මෙම වෘර්තිය අධ්‍යාපනයත් සමඟම ලබාදිය යුතු බවයි. 

සියල්ලන්ටම රජයේ රැකියා ලබාදීමට රජයකට නොහැකි බවින්ජ් සහ රජයේ රැකියාවකට වඩා ඉහල වැටුපක් වැඩ ලෝකයට සරිලන දැනුමක් ලබා එමගින් උපයාගත හැකි බවද සඳහන් කළේය. 

එසේම ඉදිරියේදී කුඩා පරිමාණ ව්‍යවසායකයින් රැසක් අලුතින් බිහිකිරීම සඳහා වැඩසටහනක් දියත් කරන බවත් එහිදී තරුණ තරුණියන්ට ප්‍රමුඛතාවය ලබාදී තරුණ තරුණියන් ආර්ථික වශයෙන් බලගන්වා එමගින් ඔවුන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම තම රජයේ අරමුණ බව කියා සිටියා.

මෙම අවස්ථාවට ජාතික තරුණසේවා සභාවේ සභාපති, එරන්ද වැලිඅන්ගේ මහතා ඇතුළු නිලධාරීන් සහ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ.​


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නව පුහුණු ගොඩනැගිල්ලක්.
ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නව පුහුණු ගොඩනැගිල්ලක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtVdgPFV0YpW9ikl9JLnbYWSn-KAXrm0-llh4sFgT-z-PiP8ac98c2Ba8TKe_2otP4Jhelw71UErkWA69tZDdIgH8Q-_wevFpqmKzBQE9fmEMh7M-nVEX6KjDD-W8XgHS3E7YRTlLq_fM/s1600/1A1A1033.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtVdgPFV0YpW9ikl9JLnbYWSn-KAXrm0-llh4sFgT-z-PiP8ac98c2Ba8TKe_2otP4Jhelw71UErkWA69tZDdIgH8Q-_wevFpqmKzBQE9fmEMh7M-nVEX6KjDD-W8XgHS3E7YRTlLq_fM/s72-c/1A1A1033.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_629.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_629.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy