2018 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 888,353 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය ...
2018 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 888,353 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී 12.6% ක ඉහළ යාමකි.
2018 අප්‍රේල් මාසයේ සංඛ්‍යාලේඛන පිරික්සීමේ දී දැකිය හැකි කැපී පෙනෙන කරුණ වනුයේ එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට පැමිණී සංචාරකයින් සංඛ්‍යාව 26,063 ක් ලෙසින් සටහන් වීමයි. ඒ අනුව පසුගිය මාසයේ දී දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙසින් එක්සත් රජධානිය වාර්තා වී ඇත්තේ එතෙක් එම ස්ථානයේ සිටි චීනය අභිබවමිනි. එහිදී 2017 වසරේ අප්‍රේල් මාසයට වඩා 2018 අප්‍රේල් මාසයේ දී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 46.1% ක සුවිශේෂි වර්ධනයක් සනිටුහන් කරමින් 17,841 සිට 26,063 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවද ඕස්ට්‍රේලියාවෙන් සහ එක්සත් ජනපදයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී දෙගුණයක් වී ඇත. කෙසේ වෙතත් චීන සංචාරකයින්ගේ පැමිණීමෙහි පහළ යාමක් සටහන්ව ඇත්තේ එම ප්‍රමාණය 17,841 සිට 17,295 දක්වා 11.9% කින් පහත බසිමිනි.
සමස්තයක් වශයෙන් ගත් කල 2017 වසරේ මුල් මාස 04 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 765,202 ට වඩා 16.1% ක වර්ධනයක් 2018 වසරේ මුල් මාස 04 දී වාර්තා වී තිබේ.

COMMENTS