කොළඹ නගර සභාව විසුරුවා හැර වසර කිහිපයකට පසුව මෙවර මැතිවරණය පැවති අතර ඒ අනුව නගරාධිපති නිළ නිවෙස වසර කිහිපයක් තිස්සේ භාවිතයෙන් තොරව පැවතිණ...
කොළඹ නගර සභාව විසුරුවා හැර වසර කිහිපයකට පසුව මෙවර මැතිවරණය පැවති අතර ඒ අනුව නගරාධිපති නිළ නිවෙස වසර කිහිපයක් තිස්සේ භාවිතයෙන් තොරව පැවතිණි. ඒ අනුව නව නගරාධිපතිනියගේ භාවිතය සඳහා එය සම්පූර්ණ අළුත්වැඩියා කිරීමට සිදුව තිබේ. එසේම කොළඹ නගරාධිපති නිළ නිවෙස පෞරාණික ගොඩනැගිල්ලක් වන අතර එය අළුත්වැඩියා කිරීමේදී පෞරාණිකත්වය ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමකි.
මෙම අළුත්වැඩියා කටයුතු සඳහා ඇස්තමේන්තු සකස් කිරීම කෙළඹ නගර සභාවේ මුදල් පිළිබද ස්ථාවර කාරක සභාවේ නිර්දේශය මත අධ්‍යක්ෂක ඉංජිනේරුවරයාගේ (රථවාහන නිර්මාණ සහ මාර්ග ආරක්ෂණ) මැදිහත්වීම මත සිදුවූවක් වන අතර ඒ සඳහා නගරාධිපතිනියගේ කිසිදු මැදිහත්වීමක් සිදුව නොමැත.
අනෙක් කාරණය වන්නේ මෙම ඇස්තමේන්තුව නගරාධිපති නිළ නිවෙසේ සියලු අළුත්වැඩියා කටයුතු සඳහා මිස වැසිකිලි අළුත්වැඩියාව සඳහා පමණක් නොවේ. ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ වාර්තාවට අනුව වැසිකිලි අළුත්වැඩියාව සඳහා ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් ලක්ෂ 18 කට ආසන්න මුදලක් පමණි. එය ද නගරාධිපති නිළ නිවසේ සමස්ත වැසිකිලි පද්ධතිය වෙනුවෙනි. ඒ අනුව අදාල රුපියල් මිලියන 1.8 කට ආසන්න මුදල වැය වන්නේ වැසිකිලි 06 ක් සඳහායි.

මෙම ඇස්තමේන්තු මෙරට ප්‍රධාන පෙලේ සමාගම් දෙකක් වන අබාන්ස් සමාගමේ සහ සෙන්ට්‍රල් ඒජන්සීස් සමාගමේ උපකරණ සැසඳීමෙන් අනතුරුව සකස් කර ඇති අතර ඒ අනුව ඒ සඳහා සෙන්ට්‍රල් ඒජන්සීස් සමාගමේ මිල ගණන් පාදක කරගෙන තිබේ. ඇස්තමේන්තු සකස් කිරීම විනිවාදභාවයකින් යුතුව සියලු නීති රෙගුලාසිවලට අනුකූලව සිදුකර තිබේ.
නගරාධිපති නිළ නිවසේ ටයිල් මාරු කිරීම, ගෙබිම සකස් කිරීම ඇතුළු තවත් කාර්යයන් කිහිපයක් සඳහා මෙම ඇස්තමේන්තුව අදාල වන අතර වැසිකිලි අළුත්වැඩියාව සඳහා නගරාධිපතිනිය මිලියන 5.7 ක් වැයකර ඇති බවට අසත්‍ය පුවත් පළවන්නේ අදාල ඇස්තමේන්තුව මූලික කර ගනිමිනි.




COMMENTS