දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නාමල් බේබි, ගම්මන්පිල, මේ ඝාතනවලට වගකියන්නෙ කවුද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව පාතාලය මර්දනය කිරීම පසෙක තබා පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට ආරක්ෂාව ලබාද...

නාමල් බේබි, ගම්මන්පිල, මේ ඝාතනවලට වගකියන්නෙ කවුද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව පාතාලය මර්දනය කිරීම පසෙක තබා පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි. මෙම ඝාතනය සඳහා පොලීසිය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.
 
උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය මෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ද පිළිගත යුතුය. මන්ද, යම් අපරාධයක් සිදුවන්නේ නම්, යම් ඝාතනයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට මෙන්ම පොලීසියට ද යම් වගකීමක් තිබේ. සාමාන්‍ය ජනතාව ආණ්ඩුවෙන් මෙන්ම පොලීසියෙන් ද බලාපොරොත්තු වන්නේ තමන්ට නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය සාමකාමී වාතවරණයකි.
 
නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තන් හෙළිකළ ආකාරයෙන්ම පහත සඳහන් ඝාතන පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ - උදය ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.
 
නඩරාජා රවිරාජ්, ටී. මහේෂ්වරන්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දමු දසනායක, ජානක පෙරේරා ඇතුළු මහජන නියෝජිතයන් ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති රජය වගකිව යුතු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේද ?
 
චන්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. රංජිත් කොළඹ අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට පැවති රජය, සහ පොලීසිය වගකිව යුතු බව නාමල් රාජපක්ෂ මහතා පිළිගන්නේද ?
 
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම සම්බන්ධයෙන එවකට පැවති රජය වගකිව යුතු නොවේද ?
 
කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී මහමග අතහැර දමා යාම සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව නාමල් - ගම්මන්පිල පිළිගන්නේද ?
 
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද ?
 
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් එවක පොලීසියේ උසස් නිළධාරීන් සහ එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රකාශ කරන්නේද ?
 
රතුපස්වල, කටුනායක, හලාවත උද්ඝෝෂණවලදී වෙඩිතබා සාමාන්‍ය ජනතාව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවක සිටි පාලකයන් වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද ?
 
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඇතුළු පාතාලයන් විසින් සිදුකළ ඝාතන සම්බන්ධයෙන් එවක පැවති ආණ්ඩුව සහ පොලීසිය වගකිව යුතු නොවේද ?

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් බේබි, ගම්මන්පිල, මේ ඝාතනවලට වගකියන්නෙ කවුද ?
නාමල් බේබි, ගම්මන්පිල, මේ ඝාතනවලට වගකියන්නෙ කවුද ?
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/a22789c7a786bd25453086d76e3d86f0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_314.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_314.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy