දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ මුදලින් පෞද්ගලික පාසල් සංවර්ධනය ඛේදනීය තත්ත්වයක්: ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
Homeදේශපාලන

රජයේ මුදලින් පෞද්ගලික පාසල් සංවර්ධනය ඛේදනීය තත්ත්වයක්: ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

PropellerAds

‘නාගරීකරණය හා ජනගහණය ඉහළ යාම හේතුවෙන් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ තරගයක් පවතින බැවින් රජය මැදිහත් වී අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම හා දර...

මහින්ද නව අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි
බැසිල් ඇමතිකමේ දිවුරුම් දෙයි
බැසිල් නිසා අද මැතිසබයේ පුටු මාරුවක් - ප්‍රබල ඇමති තැන වෙනස් කරයි
රජයේ මුදලින් පෞද්ගලික පාසල් සංවර්ධනය ඛේදනීය තත්ත්වයක්: ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

‘නාගරීකරණය හා ජනගහණය ඉහළ යාම හේතුවෙන් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ තරගයක් පවතින බැවින් රජය මැදිහත් වී අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම හා දරුවන් ඇතුළත් කිරීමේ විශ්වසනීය විකල්පයක් ලෙස පෞද්ගලික පාසල් 13 කට රජයේ අනුග්‍රහය ලබා දීමට තීරණය කර ඇත.’ යන පදනම මත ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන ඇති බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම අමාත්‍ය මණ්ඩල තීරණය කිසි ලෙසකින් දරුවන් ඇතුළත් කර ගැනීමේ ගැටලුවට විශ්වසනීය පිළියමක් නොවන බවත් සිදුවිය යුත්තේ රජයේ පාසල්වලට අවශ්‍ය සම්පත් හා ගුරුවරු ලබාදීමෙන් රජයේ පාසල් සංවර්ධනය පෙරට ගැනීම බව ඔවුන් පෙන්වා දෙයි. එහෙත් එම කටයුත්ත පසෙක දමා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් රජයේ මුදලින් පෞද්ගලික පාසල් දියුණු කිරීමට කැබිනට් අනුමැතිය පැතීම නිදහස් අධ්‍යාපන වළපල්ලට යැවීමේ උත්සාහයක් බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම ලංකා ගුරු සංගමය පවසන්නේ 5/2015 චක්‍රලේඛය උපයෝගී කර ගනිමින් රජයේ පාසල්වල අවශ්‍යතා සඳහා දරුවන්ගෙන් මුදල් එකතු කරමින් මෙලෙස පෞද්ගලික පාසල් සංවර්ධනයට රජයේ මුදල් යෙදවීම ඛේදනීය තත්ත්වයක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2018.05.09 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ජාත්‍යන්තර පාසල් සමාගම් පනත යටතේ ලියාපදිංචිය නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවත් ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය, අක්ත ගැන්වීම, නියමානය, ගුණාත්මක බව සහතික කිරීම සහ අධීක්ෂණය සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ස්ථාපනය කිරීම, එම පාසල්වල ගුරුවරුන් පුහුණු කිරීම යන කරුණු සඳහා එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් පත් කිරීමට ද තීරණය කර ඇති බවයි.

එසේම රජයේ පාසල් 10,194 සංවර්ධනය පසෙක තබා රජය පෞද්ගලික පාසල්වලට දක්වන අනුග්‍රහය මෙවර මහ බැංකු වාර්තාවෙන්ද පැහැදිලිව පෙන්නුම් කරන බවත් එහි සඳහන් වන්නේ පෞද්ගලික පාසල්වල 2017 වසරට පෙර වසරට සාපේක්ෂව 1.6% සිසුන් ඇතුළත්වීමේ සංඛ්‍යාව වර්ධනය වී ඇති අතර ජාත්‍යන්තර පාසල් 245 ක සිසුන් 81,103 ක් අධ්‍යාපනය ලබන බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ලන්ක්වා ගුරු සංගමය කියා සිටින්නේ ආණ්ඩුව රජයේ පාසල් සංවර්ධනයට යෙදවිය යුතු මුදල් පෞද්ගලික පාසල් සංවර්ධනයට යොමු කිරීම තුළින් පාසල් 10,194 ක අධ්‍යාපනය ලබන 4,447,576 කට ආසන්න සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය ක්‍රමානුකූලව බිඳ වැටෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ මුදලින් පෞද්ගලික පාසල් සංවර්ධනය ඛේදනීය තත්ත්වයක්: ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
රජයේ මුදලින් පෞද්ගලික පාසල් සංවර්ධනය ඛේදනීය තත්ත්වයක්: ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/9c4d7ac68accad64364fa34cd756e84f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_210.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_210.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy