දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ සිට එකාබද්ධයට ගිය අය ගැන රාජිතගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ සිට එකාබද්ධයට ගිය අය ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (06) පැවැත්විණි. ...

මෛත්‍රී කඩුව අතට ගනී - කැපෙන අය ගැන මෛත්‍රීගෙන් ඉඟියක්
ඇමැති රංගේ බංඩාරගෙන් පොලිසියට පැමිණිල්ලක්
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි
ආණ්ඩුවේ සිට එකාබද්ධයට ගිය අය ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (06) පැවැත්විණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගි විය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

 “2015 වසරේදී දුෂිත රජය පෙරළා දමමින් යහපාලන රජය අපි ස්ථාපිත කළා. මේ වනවිට රජය ලබාදුන් පොරොන්දු රැසක් ඉටු කර තිබෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ දුෂිතයින්ට සහ මිනීමරුවන්ට නීතිය ඉදිරියේ දඩුවම් ලබාදිම පිළිබදවයි. යහපාලන රජය විසින් සිදු කර ඇති එක් වරදක් බවට සැළකෙන්නේ මහ බැංකු මුල්‍ය වංචාවයි. පසුගිය රජය සමයේ සිදු වූ විශාල විශාල මුල්‍ය වංචා වලට සාපේක්ෂව එය එකක් පමණයි. පසුගිය රජය සමයේ ටොන් ගණන් මුල්‍ය වංචා, සොරකම් සිදු වුනා. මෙම බැදුම්කර ගණුදෙනුව පිළිබදව මැතිවරණ වල දී අපේම අය කථා කරන්න පටන් ගත්තා. එම නිසයි පළාත් පාලන මැතිවරණයේ දී පරාජයට පත් වුනේ. තවත් 16 දෙනෙක් එම වංචා ගැන අදහස් පළ කළා. ඔවුන් 16 දෙනාම දැන් රජයෙන් ඉවත්ව සිටිනවා. ඔවුන් රැදී ඉන්න තමයි බලාපොරොත්තු වුනේ. නමුත් දැඩි විරෝධය හමුවේ ඔවුන්ට යන්න සිදු වුනා.”

“වත්මන් රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. සමෘද්ධි දීමනාව වැඩි කළා. එහෙම දීමනා ලබාගත් අයත් මැතිවරණයේ දී පොහොට්ටුයට ඡන්දය දුන්නා. ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමෘද්ධි දීමනාව නොලැබී තිබුනා. මොකද එම විෂය බාරව සිටියේ එස්.බී දිසානායක ඇමැතිතුමා. දැන් අපිට සමෘද්ධි අමාත්‍යවරයෙක් ඉන්නවා. මම එම ඇමැතිවරයාට කිවුවා මෙම වසර අවසන් වීමට ප්‍රථම සමෘද්ධිය නොලැබුනු අපේ පක්ෂයේ අයටත් ලබාදෙන්න කියලා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉවත් වූ ඇමැතිවරු 16 දෙනා යළි ආණ්ඩුවේ ඉන්න හැදුවා. ඔවුන්ගේ ලැඡ්ජා නහර කපලා තිබෙන්නේ. මම තරයේ ප්‍රකාශ කළා එම 16 දෙනා ඉවත් කළ යුතු බව. දේශපාලන පළීගැනීම් වලට ලක්වූවන්ට සහන සැළසීම පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා. 2018 වසර එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ වසරයි. වත්මන් රජය බලයට පක් කළ ඔබලාට දේශපාලන පළිගැනීම් වල දී නැති වූ උසස්වීම්, වැටුප්, අග්‍රාමාත්‍යවරයා අතින් ලබාදෙනවා. ඔබලගේ අයිතීන් ලබාදෙන වසර මෙයයි. ගොවි ණය කපා හරිමින් ඡ්‍යෙෂ්ට පුරවැසියන්ගේ දීමනා වැඩි කරමින් සහන සළසා තිබෙනවා.”

“සමහරු කියනවා ආර්ථීකය කඩා වැටිලා කියලා. නමුත් ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාත් බලයට පත් වී වසර ගණනාවකට පසු තමයි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ. 2017 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.4 ක් වෙනවා. ඇමරිකාවට, යුරෝපයට අපේ භාණ්ඩ අපනයනය කර තිබෙනවා. වැඩිම භාණ්ඩ අපනයනය කර ඇත්තේ එම වසරේදීයි. ධීවර අපනයන සියයට 40 කින් වැඩි වී තිබෙනවා. නිමි ඇදුම් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. මේ වනවිට විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා වැඩි වී තිබෙනවා. විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 දක්වා වැඩී වී තිබෙනවා. සෘණ ආර්ථිකයක් තිබූ ශ්‍රී ලංකාව යළි ස්ථාවර කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා. විශ්වාසභංග ඉදිරිපත් නොකර දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම තුලින් රට තවත් සංවර්ධනය කරන්න පුලුවන්.”

“අද මිනිස්සු අතේ මුදල් නැහැ කියනවා. නමුත් අවුරුදු සමයේ දී ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් පමණක් රුපියල් මිලියන 54 ක භාණ්ඩ ලබාගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යටතේ ගම්උදා 72 ක වැඩ අවසන් කර තිබෙනවා. දුප්පත් අයට නිවාස 6000 ක් ඉදිකිරීම සදහා රුපියල් බිලියන 17.5 ක මුදලක් වැය කර තිබෙනවා. මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම සදහා රුපියල් බිලියන 200 ක මුදලක් වැය කර තිබෙනවා. මාර්ග සංවර්ධනයත් අඛණ්ඩව සිදු වෙනවා. සමහරු කියනවා රාජපක්ෂ සමයේ දී වැඩිම සංවර්ධනයක් සිදු වුනා කියලා. නමුත් රාජපක්ෂ සමයේ දී අධිවේගී මාර්ග කිලෝමීටර් 160 ක් පමණයි ආරම්භ කළේ. වත්මන් රජය යටතේ අධිවේගී මාර්ග කිලෝමීටර් 195 ක් සැදීම ආරම්භ කර තිබෙනවා. ඌව, උතුර සහ මධ්‍යම පළාත්වල ග්‍රාමිය මාර්ග කිලෝමීටර් 6000 ක් ඩොලර් මිලියන 900 ක මුදලකින් සංවර්ධනය කරනවා.”

“ඉතිරි පළාත් වල කිලෝමීර් 9000 ක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට නියමිතයි. ඇහැට කණට පෙනෙන්න සංවර්ධනයක් නැහැ කියලා චෝදනා කරනවා. නමුත් මම කියන්න කැමැතියි සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘති පිළිබදව තොරතුරු ජනතාවට අපේ රජය ලබාදෙන්නේ නැහැ. ඒ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ද ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. රජය එක මතයක් යටතේ, එක නායකයෙක් යටතේ කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක් බවට චෝදනා කළත් දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කරනවා. ඉදිරි කාලයේ දී රැකියා ලබාදෙමින්, සමෘද්ධිය ලබාදෙමින් කටයුතු කිරීම තුලින් මැතිවරණ ජයග්‍රහණ ලබාගන්න පුලුවන්.මෙය ඓතිහාසික මැයි රැළියක්. දුෂිතයින්, මිනීමරුවන්ගේ නඩු දිනපතා ඇසීමේ පනත ලබන 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන් පසු දිනපතා නඩු ඇසීමෙන් වරදකරුවන් නීතිය හමුවට ගෙඑන්න පුලුවන්. 2020 මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගන්න පුලුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ සිට එකාබද්ධයට ගිය අය ගැන රාජිතගෙන් හෙළිදරව්වක්
ආණ්ඩුවේ සිට එකාබද්ධයට ගිය අය ගැන රාජිතගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/b20175fbec64a00b95ae3c116ad6f77b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy