දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අති උතුම් පාප්වහන්සේ ලැම්බෝගිනිය දන් දෙති!

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ලැම්බෝගිනි රථය පසුගිය සතියේ මොන්ටෙකාලෝ හි පැවති සදබීස් (RM Sotheby’s) වෙන්දේසියේදී තුන් ඈවර වුණේ ඇමරි...

අති උතුම් පාප්වහන්සේ ලැම්බෝගිනිය දන් දෙති!

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ලැම්බෝගිනි රථය පසුගිය සතියේ මොන්ටෙකාලෝ හි පැවති සදබීස් (RM Sotheby’s) වෙන්දේසියේදී තුන් ඈවර වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1කට ය.

මේ ලැම්බෝගිනියේ එන්ජිම අශ්ව බල 610 කි. පැයකට සැතපුම් 202 ක වේගයකින් ඉගිල්ලෙන්නට එයට පුළුවන. ඉතාලියේ ලැම්බෝගිනි ඔටෝමොබයිල් සමාගමේ සුපිරි නිෂ්පාදනයක් වූ - සුදු සහ රන්වන් පැහැයෙන් යුත් මේ Huracán LP580-2 ලැම්බෝගිනිය පාප් වහන්සේ හට ලැම්බෝගිනි සමාගම විසින් තෑගි කළේ පසුගිය නොවැම්බරයේ ය. එහි පැහැය හරියටම “Bianco Monocerus” සුදු සමග“Gallo Tiberino” රන්වන් පත්‍රවල පැහැය ය. ඒවා වතිකානයේ නිල වර්ණයන් ය. මෝටර් රිය නිපදවා තිබුණේම පාප් වහන්සේට තෑගි දීම පිණිස ය.

නමුත් සැමදා රැඩිකල් දේ කරන සහ නියම දේව පුත්‍රයෙක් ලෙසින් මනුෂ්‍යත්වයට ආදරය කරන මේ විප්ලවීය චරිතය, තමන්ට යාම් ඊම් කරන්නට ලැම්බෝගිනියක් අවශ්‍යදැයි තමන්ගෙන්ම ප්‍රශ්න කළහ. අනතුරුව උන්වහන්සේ රථය වෙන්දේසි කළහ.

ලෝ ප්‍රකට සදබීස් සමාගමේ වෙන්දේසියෙන් මේ සුපිරි මෝටර් රථය මිලට ගත්තේ ස්පාඤ්ඤයේ කුලී රථ සමාගමක් විසිනි. Rent Car Deluxe නමැති මේ සමාගම යූරෝ 809,375 හෙවත් ඩොලර් 960,797 ක (දළ වශයෙන් ඩොලර් මිලියනයක) ලන්සුවකට එය හිමි කර ගත්හ.

 ඒ අනුව දැන් අති උතුම් පාප්වහන්සේගේ සුපිරි ලැම්බෝගිනි මෝටර් රථය, ඕනෑම කෙනෙකුට කුලියට ගෙන ගමන් බිමන් යා හැකි ටැක්සියකි. එයින් ලැබෙන ආදායමෙන් කොටසක් ඉරාකයේ ටයිග්‍රීස් නදිය අසබඩ නිනෙවා තැනිතලාවේ වෙසෙන ක්‍රිස්තියානි ප්‍රජාවගේ සුබ සාධනය සඳහා යෙදවෙනු ඇත. ඉතිරිය යෙදවෙනු ඇත්තේ දුප්පතුන් සඳහා වෙන් වූ පුණ්‍ය අරමුදල්වලට ය.

දැනට මේ පෝප් ලැම්බෝගිනියේ කුලිය ගැන නිශ්චිත අදහසක් ස්පාඤ්ඤ සමාගම වෙත නැත. ‘‘දළ වශයෙන් දිනකට යූරෝ 3500 ක අවම කුලියකට මේ රථය කුලියට දෙන්නට අපි අදහස් කරනවා“ යැයි සමාගම කියයි. තව නොබෝ දිනකින් මේ ටැක්සිය කුලියට ගන්නට ජනතාව රැස් කමින් සිටිනු ඇත. ආශිර්වාද ලද්දාගේ ලැම්බෝගිනියේ සුක්කානමට අත තබා, යක්ෂයා වසන තැනට බොහෝ ඈත තැනකට එය රිසි සේ පදවාගෙන යන්නට ඔවුන්ට හැකි වනු ඇත. ඒ, එයින් ලැබෙන අරමුදල්, මේ ලෝකය වඩා යහපත් තැනක් කිරීම පිණිස යෙදවෙන නිසා ය.

‘‘ආශිර්වාද ලත් රථයක් කුලියට ගැනීමෙන් දුගී දරුවන්ට උපකාර කරන්න“ කුලී රථ සමාගමේ ප්‍රචාරණ තේමාව වී ඇත්තේ එයයි.

මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ | OUTBOUNDTODAY.COM

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අති උතුම් පාප්වහන්සේ ලැම්බෝගිනිය දන් දෙති!
අති උතුම් පාප්වහන්සේ ලැම්බෝගිනිය දන් දෙති!
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b70f01654c34d3cde28e67e94c0657cf_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_153.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_153.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy