ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ගමන් කරමින් සිටි ශ්‍රී ලංකිකයන් 131 දෙනෙකු සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය වි...
ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ගමන් කරමින් සිටි ශ්‍රී ලංකිකයන් 131 දෙනෙකු සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය විසින් රඳවාගනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙලෙස ගමන් කරමින් සිටි පිරිස අතර පිරිමි පුද්ගලයින් 98 ක් කාන්තාවන් 24 ක් හා කුඩා දරුවන් 9 කු ද සිට ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙය මහා පරිමාණ මිනිස් ජාවාරමක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට මලයාසියානු පොලීසිය ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
COMMENTS