දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විත අස පත 11 - සිරා ගැන සිරා කතන්දර!

ඇත්ත! මං පිළිගන්නවා ඒක අසාධාරණ ප්‍රශ්නයක් කියල. නමුත් කරුණාකරල මට කියනවද, ඇත්තටම ඔබ වීරයෙක් කියල හඳුන්වන්නෙ කවුද? මේ ලිවීම කියන එකත් ගොඩ...

විත අස පත 11 - සිරා ගැන සිරා කතන්දර!

ඇත්ත! මං පිළිගන්නවා ඒක අසාධාරණ ප්‍රශ්නයක් කියල. නමුත් කරුණාකරල මට කියනවද, ඇත්තටම ඔබ වීරයෙක් කියල හඳුන්වන්නෙ කවුද?

මේ ලිවීම කියන එකත් ගොඩක් වෙලාවට හරි ඒකාධිකාරීයි. මම කොච්චර ප්‍රශ්න ඇහුවත් මේක කියවන ඔබට මට උත්තර දෙන්න විදියක් නැහැ. එතකොට මට සිද්ධ වෙනවා ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම මගේ කරගන්න. ඉතින් මං එහෙම කරනවා.

ඇත්තටම උත්තරේ සාපේක්ෂයි. අනූ හයේ ලෝක කුසලානෙ අන්තිම මොහොත - අර්ජුන රණතුංග ගෙ පිත්තෙන් මැග්‍රාත් ගෙ පන්දුවට අර සුප්‍රකට 'ලේට් කට්' පහර එල්ල වෙද්දි, සැකයක් නැහැ හුඟක් දෙනෙකුට ඔහුව වීරයෙක් වුණා. තව කෙනෙකුට තමන්ගේ තාත්තා, නැත්නම් චේ ගුවේරා, විජේවීර, ප්‍රභාකරන්. ඔන්න ඔහොම වෙන හුඟක් දේවල් වගේ වීරයොත් සාපේක්ෂයි. මං දන්න මිත්‍රයෙක් ඉන්නවා ඔහුගෙ ලෝකෙ වීරයා තමයි හිට්ලර්! වෙන්න පුළුවන්. නමුත් අද තීරුවේ ප්‍රස්තුතය 'වීරයා' නෙවෙයි. 'වීරයෙක්!' මං කැමතියි මගේ ජීවිතේ අන්න එහෙම වීරයක් ගැන මතක ඔබත් එක්ක බෙදාගන්න.

වීරයා බී.ඒ. සිරිවර්ධන හෙවත් ඇත්තේ සිරා!

ඇත්ත පත්තරේට තියෙන්නේ මහ පුදුමාකාර ඉතිහාසයක්. ලංකාවෙ මිනිස්සු පත්තරයක් ගන්න පෝලිම්වල හිටපු ඉතිහාසයක් ඔබ අහල තියෙනවද? මං අහල තියෙනවා. සිරිලාල් කොඩිකාරගේ 'දිය වැලක් ඔස්සේ' ස්වයංලිඛිත චරිතාපදානයේ හරි ලස්සනට තියෙනවා ඉස්සර මිනිස්සු ඇත්ත පත්තරේ ගන්න පෝළිමේ හිටපු, රස්තියාදු වුණු, කට්ට කාපු හැටි ගැන. එහෙමත් පත්තර යුගයක් තිබුණ නේද කියල හිතද්දිත් හිතට දැනෙන්නෙ පුදුමාකාර සන්තෝසයක්. අන්න එහෙව් පත්තරේක ප්‍රධාන කර්තෘකම අවුරුදු ගාණක් දරපු මනුස්සයෙක් තමයි අද අපේ කතානායකයා.

aththa 3

විචාරකයන් කියන විදියට ඇත්ත පත්තරේ මිනිස්සුන්ට ඒ තරම් ආකර්ෂණය වෙන්න හේතු වුණ කාරණා කීපයක් තිබුණා. එකක් සිරාගේ කතු වැකිය. ඒ වගේම සිරිලාල් කොඩිකාරගේ 'රංචාගොඩ ළමයා' විශේෂාංගයත්, ජෙෆ්රි යූනුස්ගේ කාටූනයත්, පත්තරේ ගිය බොහොම නිර්මාණශීලී සිරස්තලත් ඒ සඳහා සෑහෙන්න බලපෑවා. ජේ.ආර්. ජයවර්ධන රජය පාන් මිල කීපවරක් ම ඉහළ දාපු අවස්ථාවක ගිය 'උතුමාණෙනි, දැන් ඉතින්.... පාන්' සිරස්තලය ඒ වගේ එක පාරට ම මතකයට එන සිරස්තලයක්.

සිරාගේ කතු වැකියේ තිබුණ ජවයත් බලයත් හරිම ප්‍රබලයි. ඒ කාලෙ සමහරුන් පත්තරේ අරගෙන තියෙන්නෙ ම සිරාගේ කතුවැකිය කියවන්න. ඒක ගැන පොඩි හරි සැකයක් තියෙනවා නම් මෙන්න මේ උපුටන දෙක නිකමට වගේ කියවල බලන්න කියල මං ඔබට යෝජනා කරනවා.

aththa 2

"මිරිස් රාත්තල රුපියල් විසි දෙකයි පනහයි, විසි පහයි, අපි කන්නේ කොහොමදැයි මිනිස්සු අසති. කෑමේ වැරැද්ද සහෝදරවරුනි කෑමේ වැරැද්ද යනුවෙන් අපි පිළිතුරු දෙමු. අපේ මිනිසුන් වැඩි දෙනෙකුට තුන් වේලෙන් එක වේලකටවත් මිරිස් නැතිව කන්න බැරිය. උදේට රොටී කන්න කට්ට සම්බෝලෙට මිරිස්, දවාලට බත් කන්න පරිප්පු හොද්දට මිරිස්, රෑට පාන් කන්න සම්බෝලෙට මිරිස්. මිරිස්, මිරිස්, මිරිස්! මොන එහෙකට මේ හැටි මිරිස් කනවද? හුඟක් ලෙඩ රෝග හැදෙන්නේ මිරිස් නිසා ය. බඩ වැලේ හැදෙන 'ගැස්ට්‍රික් අල්සර්ස්' කියන තුවාලවලටත්, හමේ රෝගවලටත් ප්‍රධාන හේතුවක් නම් මිරිස් කෑමයි. මිරිස් නිසා අරිසස් ද තද වෙයි. අපි වගේ උෂ්ණාදික ඝර්ම කලාපීය රටවල මිරිස් කන මිනිසුන් හට දෙගුණයක් කේන්ති ද යයි. සමාජවාදය කාරිය එනතෙක් ඉවසා ඉන්නට බැරි වී තිබෙන්නේ මේ නිසා ය."

"නියම නරුමයා නම් කිසි දෙයක් ගැන විශ්වාසයක් නැතිව සියලු දෙය අවඥාවෙන්, උපහාසයෙන් සලකා සියලු දෙයට සිනාසෙන පුද්ගලයා නොව කොයි දෙය වුව ද සිදුවන්නට බැරි නැතැයි සලකා කිසිම දෙයක් ගැන නිශ්චිත විනිශ්චයකට නොඑළඹ ඕනෑම දෙයක් සැකයෙන් තොරව ඔප්පු වුවහොත් පිළිගන්නට සූදානමින් සිටින පුද්ගලයා යැයි කතාවක් තිබේ. අප වැටෙන්නේ ඒ දෙවැනි ගණයට ය."

සිරා ගැන සිරා කතන්දර තියෙන පොත් දෙකක් මට කියවන්න ලැබිල තියෙනවා. පළවෙනි එක මං අර කලිනුත් සඳහන් කළ සිරිලාල් කොඩිකාරගේ දිය වැලක් ඔස්සේ. දෙක ගුණසිරි සිල්වාගේ 'පිහාටු පෑන' කියන පොත. සිරාගේ සමකාලීනයෝ විදියට ඔවුන් සිරා ගැන කියල තියෙන කාරණා අතිශයින් වැදගත්. මං කැමතියි අන්න ඒ වගේ කතාවක් ඔබත් එක්ක බෙදාගන්න.

වරක් එවකට හිටපු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයෙක් කාල් මාක්ස් ගැන යම්කිසි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල තිබුණා. ඔහු කරපු ප්‍රකාශයේ අන්තර්ගත අදහස වුණේ මාක්ස් කියන්නෙ කිසිම උගත්කමක් නැතිව යාචකයෙක් වගේ හිටපු මිනිහෙක් ය කියන එක. බොහොම අවංක මාක්ස්වාදියෙක් වුණ සිරාගෙන් ඒ ප්‍රකාශය පත්තරේකින් දැකපු ගමන් එළියට පැන්නෙ මෙන්න මෙහෙම ප්‍රතිචාරයක්.

"මේකට නම් හිරේ යන්න බලාගෙන හරි ලියන්න ඕනේ."

සිරාගෙන් බොහොම සැර කතු වැකියක් ලියැවුණා. ලිපියට දාපු හෙඩිමත් ඊට දෙවැනි වුණේ නැහැ. මෙන්න මෙහෙමයි හෙඩිම.

"ගොනා වුණාට උම්බෑ කියන්න එපා!"

පත්තරේ පිට වුණා විතරයි වැකිය කියවපු ගොනා කුලප්පු වුණා. ඔහුගේ උම්බෑ ගෑමෙ ප්‍රතිඵලයක් විදියට නීතිපතිවරයා හරහා ඇත්ත පත්තරේට එරෙහිව නඩු පැවරුණා. නමුත් නඩුව විනිශ්චය කරපු නඩුකාරවරයා බුද්ධිමත් මනුස්සයෙක්. අපහාසයක් වුණා කියන චෝදනාව බොහොම පහසුවෙන් ඔප්පු වුණත් ඇමතිවරයාගේ ගොන් කතාව ගැන නඩුකාරවරයාටත් තක්සේරුවක් තියෙන්න ඇති. ඔහු දුන්නෙ හරි කදිම දඬුවමක්. දඬුවම තමයි රුපියල් පනහක දඩයක්! ඒ සුළු මුදලත් ගෙවුවෙ ඇත්ත පාඨකයෝ රුපියල බැගින් එකතු කරල දුන්න සම්මාදමෙන්. අන්න එහෙමයි ඒ කාලෙ පත්තරකාරයෝ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියෙ සහ මිනිස්සු පත්තරකාරයෝ සහ පත්තර වෙනුවෙන් පෙනී සිටියෙ.

සිරා සම්බන්ධ මේ වගේ කතන්දර බොහොමයි. ඇත්තටම ඔහු ඒ කාලෙ පත්තරකාරයෙක් විදියට පෙන්නපු පෞරුෂත්වය පරමාදර්ශීය යි. බොහෝ මිනිස්සුන්ට ඔහු වීරයෙක් වුණෙත් ඇතැම් දේශපාලකයන්ට ඔහු වහකදුරු වුණෙත් එකයි මම හිතන්නේ. ගුණසිරි සිල්වා කියන විදියට සිරාගේ ඇතුළෙ අපි දන්න පත්තරකාරයා වගේ ම අපි නොදන්න කෙටිකතාකාරයෙකුත් හැංගිලා ඉඳල තියෙනවා. නමුත් අවාසනාවට වගේ ඔහු ලියපු කෙටිකතා කියවන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ ළඟ ම හිතවතුන් කීපදෙනෙකුට විතරයි. ඒවා කවදාවත් ප්‍රසිද්ධ ප්‍රකාශන විදියට එළියට ආවෙ නැහැ. ගුණසිරි සිල්වා නම් කියන්නෙ පත්තරේ නිසා සාහිත්‍යයට සිරාව අහිමි වුණා කියලයි.

කොහොම නමුත් පස්සෙ කාලෙක ඇති වුණ මත ගැටුම්වල ප්‍රතිඵලයක් විදියට සිරා ඇත්තෙන් නික්මිලා ගියා. ඇත්ත කඩාගෙන වැටෙන්න ඒක සෑහෙන්න තරම් ප්‍රබල හේතුවක් වුණා කියලයි තතු දන්න බොහෝ දෙනා කියන්නෙ. ඔව්! එහෙම වෙන්න බැරිකමක් නැහැ.

මේ 2018 අවුරුද්ද. ඇත්තෙන් විතරක් නෙවෙයි සිරා ජීවිතෙන් සමු අරගෙනත් දැන් සෑහෙන්න කාලයක්. රාජිත දිසානායක නම් කියන්නෙ 'වීරයා මැරිල' කියල. ඒක ගොඩක් දෙනා සම්බන්ධව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඇත්තෙ සිරා සම්බන්ධව නම් ඒක ඇත්තක් නෙවෙයි. සිරා කියන දැවැන්ත ප්‍රතිරූපය ගැන කියන්න මේ කෙටි තීරු සටහන කොහොමවත් ම පොහොසත් නැහැ. අන්න ඒකට හිලව්වටත් එක්ක මම බොහොම මුරණ්ඩු විදියට රාජිතගෙ වචන දෙක බලෙන් උදුරලා මගේ අතට ගන්නවා. පපුවෙ වම් පැත්තට අතින් පොඩි තට්ටුවක් දාන ගමන් මම මට ඕනෙ විදියට ඒ වචන සංස්කරණය කරල නතර වෙනවා.

"නැහැ, සහෝදරයා! මැරිල නැහැ. වීරයා මෙන්න මෙතැන ඉන්නවා..."

- කසුන් සමරතුංග 

පෙර තීරු ලිපි

විත අස පත 01 - ආරම්භක කොලම

විත අස පත 02 - චූල සිරුරක මහා හදවත!

විත අස පත 03 - සිදුවිය නොහැක්කක් නැත !

විත අස පත 04 - සනාතන හන්දියේ සදාතන වේදනා !

විත අස පත 05 - ගොඩ ම බදා නොගත් දොඩන් !

විත අස පත 06 - පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව !

විත අස පත 07 - ඔබේ ආගම කුමක්ද?

විත අස පත 08 - චයිනමන් නම් වූ වමත් ක්‍රිකට් ප්‍රවාදය !

විත අස පත 09 - කවිය - කවියා සහ කවි !

විත අස පත 10 - කල් ඉකුත් වූ හිනාවක කතාව !

 

 

COMMENTS

BLOGGER: 1
Loading...
PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විත අස පත 11 - සිරා ගැන සිරා කතන්දර!
විත අස පත 11 - සිරා ගැන සිරා කතන්දර!
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/8902d5a9177ce3329e6116cc936849e3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/11_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/11_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy