දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර
Homeප්‍රවෘත්ති

නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර

PropellerAds

රැකියා සදහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන්වී නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය ...

මසකට හැට ලක්‍ෂයක් අරක් කලේ මොකද්ද? රෙදි ඇදන් ඉන්න ලැජ්ජ නැද්ද? - මහේලට අස්වෙන්න කියයි
2027 ලෝක කුසලානය දිනන්න ක‍්‍රිකට් ආයතනයෙන් ප‍්‍රබල සැලැස්මක්! මාධ්‍ය කැදවා රටට කියන්න සූදානම්!
දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වන්න - ක්‍රිකට් බලධාරීන්ට ක්‍රීඩා ඇමති රොෂාන් දැනුම් දෙයි!
නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර

රැකියා සදහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන්වී නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව දැනටමත් නඩු ගොනු හැටක් අධිකරණයේ විවෘත කර තිබෙන අතර තවත් නඩු ගොනු තිහක් සදහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගෙන තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය. අධිකරණමය ක්‍රියාදාමයේ පළමු පියවරක් ලෙස තවදුරටත් නීති විරෝධී ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රමිකයින් නම දෙනෙක්ට විරුද්ධව එන්තරවාසි යවා තිබේ. අධිකරණමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමග නීති විරෝධී ලෙස එරට රැදී සිටි ශ්‍රමිකයින් පස් දෙනෙක් ලංකාවට පැමිණ ඇත.

අධිකරණමය පියවර ගෙන ඇති නඩු ගොනුවලින් නඩු ගොනු විසි දෙකක් මේ වන විටත් කැදවා තිබේ. මැයි මස අග සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මේ සම්බන්ධයෙන් වන නඩු ගොනු කැදවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් කෘෂි ක්ෂේත්‍රයේ  රැකියා සදහා තරුණයින් යොමු කළා. මාස හයක වැනි කාලයක් සදහා මෙම ශ්‍රමිකයින් යොමු කර වැඩි ආදායමක් රට තුළට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. එහෙත් ඇතැම් ශ්‍රමිකයින් නියමිත වීසා කාලය නිමවූ පසුව නීති විරෝධී ලෙස එරට රැදී සිටිනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික දැනුම්දීම් සිදුකර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස එරට රැදී සිටින ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. මාස හයක සේවා කාලය අවසන් කර නැවත  ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට නැවත වතාවක් රැකියා සදහා ඊශ්‍රායලයට පිටත්ව යාමට අවස්ථාව තිබෙනවා. මේ ආකාරයට නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැදී සිටීමෙන් රටට ලැබෙන රැකියා කෝටාව අහිමිවී යාමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ රටට තිබෙන කීර්ති නාමයටද හානි වෙනවා."

"ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව යන අය රැකියාවට පිටත්ව යාමට පෙර රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ ගිවිසුමකට යටත්විය යුතු වෙනවා. එහිදී නියමිත වීසා කාලය අවසන් වන විට පෙරලා මෙරටට පැමිණෙන බවට ගිවිසුම් ගතවෙනවා. ඒ වගේම තමයි ඒ සදහා වන ඇපකරයක්ද බැදීමට සිදුවෙනවා. වීසා කාලය අවසන්වීමෙන් පසුව පෙරලා මෙරටට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අධිකරණමය පියවර ගෙන ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. වැඩි ආදායමක් රටට ගෙන්වාගැනීමට හැකි ආකාරයේ  වෘත්තිමය භාවයකින් යුත් රැකියා අවස්ථා ලබාගැනිමට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත වැඩ කටයුතු රැසක් සිදුවෙනවා. එවැනි තත්වයක් තුළ වැඩි ආදායම් ලැබිය හැකි ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව ලංකාවට පැමිණීමෙන් ඊශ්‍රායලය සදහා තිබෙන රැකියා කෝටාව ආරක්ෂා කරගැනීමටත් එය ඉහළ දමාගැනීමටත් හැකියාව තිබෙනවා“යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර
නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර
http://am.lk/media/k2/items/cache/6ea3d0f29eab55c1c08ab7f10401baa7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/104.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/104.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy