දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ නිවාස ගැටළුවට 100% කින් විසඳුම්.
Homeගොසිප්

කොළඹ නිවාස ගැටළුවට 100% කින් විසඳුම්.

PropellerAds

කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටළුව 100% කින් විසඳන බව  ඇමති චම්පික රණවක පවසයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක...

ජනපතිගේ කතාව අලුත් නාට්‍යයක් - ප්‍රසන්න රණතුංග
ඩික්මන් හන්දියේ කහ ඉරි මතදී සිසුවිය හා මව යටකරගෙන ගිය බස් රථය CCTV
ලකුණකට 57000 ක් ගෙවන බව දයාසිරි කිව්වේ තිරිමාන්න ගැනලු
කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටළුව 100% කින් විසඳන බව ඇමති චම්පික රණවක පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, අද(10) දින දෙමටගොඩ ආරාමය පෙදෙසේ රුපියල් මිලියන 1,748 ක ආයෝජනයකින් ඉදි වූ නිවාස 437 කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත වූ මෙම අවස්ථාවට  නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කොලඹ නගරයේ පැල්පත්වාසීන්ට නිසි නිවසක් ලබාදීම සඳහා පසුගිය දශක 4ක 5 ක පමණ කාලයක් තුළ බොහෝ ආණ්ඩු බොහෝ උත්සාහයන් දරලා තිබෙන බව අපි දන්නවා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා, පීටර් කෙනමන් ඇමතිතුමා ඒ වගේම ඉන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සමයේ ඉන්දික ගුණවර්ධන මැතිතුමා වගේම මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමාගේ වකවානුවේ ඒතුමාම මේ උත්සාහයන් ගණනාවක් ගනු ලැබුවා. නමුත් අද අපි අධිෂ්ඨාන කරගෙන තිබෙනවා මේ ප‍්‍රශ්නය 100% ක්ම විසඳාලීම වෙනුවෙන්. මෙරට 100% ක් ප‍්‍රශ්න විසඳිලා තිබෙන්නේ තැන් කිහිපයක පමණයි. අද අපි ත‍්‍රස්තවාදය පරාජය කරලා සාමය 100% ක් ලබාගෙන තිබෙනවා. මේ කලාපයේ අනෙක් තැන්වල වගේ බයසැක නැති නුවරක්, ගමක් අපි නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම මේ රටේ සෑම නිවසකටම අද 100% ක් විදුලිය ලබාදී තිබෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙල විවිධ ආණ්ඩු කරගෙන ආවා නමුත් එදා අපි 2010 දී දිදුලමු ලංකා වැඩපිළිවෙලින් 100% ක් මේ රටේ විදුලිය ලබාදීම සිදු කළේ. මේ රටේ 100% ක් ජංගම දුරකථන ජාලය ව්‍යාප්ත වී තිබෙනවා. ඒ අතරට 100%ක් නිවාස හිමි ජනතාව බිහි කර ගැනීමේ වගකීමට අපි අද උර දී සිටිනවා.

මේ වසරේ දී නිවාස වැඩපිළිවෙල වෙනුවෙන් රුපියල් මිලියන 17,000 ක් වෙන් කර තිබෙනවා. එය අපට විශාල ශක්තියක්. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය නිවාස සංකීර්ණ පමණක් නෙමෙයි බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ 3 ක් ඉදිකිරීම සඳහාත් මිලියන 25,000 කට අධික ප‍්‍රමාණයක් ආයෝජනය කරන්න. අද මේ රටේ තිබෙන  ඕනම බලගතු පුද්ගලික ආයතනයකට වඩා නාගරික සංවර්ධන අධිකාරිය මූල්‍යමය වශයෙන් ශක්තිමත් බව අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා. ඒ ශක්තිමත් බව අපි ලඟා කර ගත්තේ අපේ පුද්ගලික ගිණුම්වල සල්ලි දාගෙන හෝ අපේ දූදරුවන්ට මාළිඟා අරන් දෙන්න නෙමෙයි.  අපේ පැල්පත්වාසී හෝ අවවරප‍්‍රසාධිත ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහාමයි. ඒ වගේම මේ මහා පරිමාණයේ ගොඩනැගිලි ඉදිකරන කොන්ත‍්‍රාත්කරුවෝ මේ අතින් චෙක්පත අරගෙන අනෙක් පැත්තෙන් දේශපාලකයන්ගේ හිතවතුන්ගේ ගිණුම්වලට කොටස් බැර කරන යුගයක් මේ රටේ තිබුණා. සල්ලි ගෝනි පිටින් ගිනිහිල්ලා මන්දිරවලට බාපු යුගයක් මේ රටේ තිබුණා. රජයේ කොන්ත‍්‍රාත් කරනවා නම් කප්පම ගෙවීම අනිවාර්යය වී තිබුණා. අද ඒ කොන්ත‍්‍රාත් කරුවෝ සියල්ලම දේශපාලකයන්ගේ මන්දිරවලට නෙමෙයි මේ දරුවන්ගේ අධ්‍යාපනය ක‍්‍රීඩා කුසලතාවය, සංස්කෘතිය නංවාලීම සඳහා ඒ අරමුදලට දායක වී තිබෙන්නේ.

එදා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කොළඹ නගරය මැද තවත් නගරයක් ඉදිකරමින් මාළිඟාවත්ත කේන්ද්‍රකර ගනිමින් නිවාස 1500 ක් ඉදිකර අඩු ආදායම්ලාභීන් සඳහා දායාද කර දෙනු ලැබුවා. වර්තමානයේ වත්මන් රජය එදා පේ‍්‍රමදාස ජනාධිපතිතුමා සිදු කලාක් මෙන් මාළිඟාවත්ත නිවාස සංකීර්ණය වගේ දස ගුණයටක් වඩා විශාල යුව නගර පහක් අපි ඉදිකරගෙන යන බව ද කිව යුතුයි. ප‍්‍රධාන වශයෙන්ම දෙමටගොඩ මේ අවට ගොඩනැගෙන නගරය, උතුරු කොළඹ හේනමුල්ලේ ගොඩනැගෙන නගරය, මාළිඟාවත්ත ප‍්‍රදේශයේ, කොලොන්නාව, කිරුලපන නගර ඇතුළු නගර පහ ගොඩනැගෙන අතර මෙම සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර අප ප‍්‍රාචාරක යුද්ධ සිදු කරන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව මේ සියුම් පණිවිඩය අපේ ජනතාවගේ හදවතට ළඟා කිරීමයි.

ඔබට ලබාදෙන මේ නිවාසය කරුණාකර ඔබේ දූ දරුවන්ට රත්තරන් අනාගතයක් උදා කරන්න රජය කළ මේ බලගතු ආයෝජනය පාවිච්චි කරන්න කියල ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා. ඔබ වෙනුවෙන් එක පවුලකට ලක්ෂ 50 ක් රජය ආයෝජනය කර තිබෙනවා. ඔබේ කිසිම දෙමාපියෙක්ගෙන්, පරම්පරාවකින් එතරම් ධනයක් ජීවිතයට ආයෝජනය වෙලා නැහැ. එහි නියම ප‍්‍රථිපලය ලැබෙන්නේ ඔබේ දරුවන්ට. ඒ නිසා ඔබේ දරුවන්ට ඒ ශක්තිමත් යුගයට පියවර මනින්න, ඔබේ දරුවන් අතරින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා වගේ, අපගේ ජනාධිපතිතුමා වගේ පහළින් ආපු පුද්ගලයෙක් ලංකාවේ ප‍්‍රධාන ධූරයට පත් කර ගැනීම දක්වා ඉදිරියට යන්න මේ ශක්තිය, ධෛර්යය පරිහරණය කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

ටෙලි නාට්‍යවලට, චිත‍්‍රපටවලට, මැරවර කණ්ඩයාම්වලට, පාතාල සාමාජිකයන්ට මේ හැමෝටම තෝතැන්නක් කියලා පෙන්නන්න තිබූ  කොළඹ 07 තිබූ එකම වත්ත, තාරවත්ත අද සිට මේ මනරම් නගරයේ කොටසක් බවට පත්වෙනවා. කොළඹ 07න් ජනාධිපතිවරු, අගමැතිවරු බිහි වුණා. හැබැයි කොළඹ හතේම පැත්තක මේ තාරවත්තත් පැවතුනා. අගමැතිවරු ජනපතිවරු බිහිකළ කොළඹ හතේ අද පැල්පත් නොමැති බව අපි ආඩම්බරයෙන් මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. ඒ නිසා එම නව යුගයට ඔබත් එකතුවෙන්න. ලිපිනය කියන්න ලැජ්ජා වූ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කර  මහානගරය තුළ ගොඩනැගෙන යුව නගරයේ සාමාජිකයන් හැටියට අභීතව පියවර මනිමුයි කියා ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට ජනමාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක් කරනවා, කාණුවක් ඉතිරුවොත්, වැසිකිලියක ප‍්‍රශ්නයක් පැන නැගුණහොත් විශාල වශයෙන් වාර්තා කරන මාධ්‍යවලට මේ නගරය ගැනත්, නගරයේ අලූතින් ජීවිත ගොඩනගා ගන්නා ජනතාව ගැනත් යුක්ති සහගත ප‍්‍රචාරණයක් එම ජනතාවට ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම නව නිවාස හිමි ඔබ වගකීමක් තිබෙනවා  කසල විධිමත්ව වර්ගීකරණය කර ලබාදෙන්න, ඇල මාර්ග අපවිත‍්‍ර නොකරන්න, මෙම නිවෙස් තුළ දුරාචාරයන්ට ඉඩ නොතබන්න, ඔබට ඔබේ දරුවන්ට රන්වන් අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා’ යැයි ද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ නිවාස ගැටළුවට 100% කින් විසඳුම්.
කොළඹ නිවාස ගැටළුවට 100% කින් විසඳුම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8lf2mbZeS5VeCcqyLEoNZPSstuR_fqKVdhlvumEHA0gjAYY_QCdwQcmsUwwaSiakgPX0gDZHwJ9QTtL3bQw-bT0xI6u8TPkoH_GhxrabEGWu1zBCTVch6LMddAaTDTB5rHoDzD83nhpY/s1600/02.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8lf2mbZeS5VeCcqyLEoNZPSstuR_fqKVdhlvumEHA0gjAYY_QCdwQcmsUwwaSiakgPX0gDZHwJ9QTtL3bQw-bT0xI6u8TPkoH_GhxrabEGWu1zBCTVch6LMddAaTDTB5rHoDzD83nhpY/s72-c/02.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy