දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආරක්ෂක ලේකම් අධිකරණය නොමඟ යවලා
Homeදේශපාලන

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආරක්ෂක ලේකම් අධිකරණය නොමඟ යවලා

PropellerAds

මේජර් ජනරාල් අමල් කරුණාසේකර දැනට විදෙස් ගමන් තහනමකට ලක්ව සිටී. ඒ, 'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම...

ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආරක්ෂක ලේකම් අධිකරණය නොමඟ යවලා

මේජර් ජනරාල් අමල් කරුණාසේකර දැනට විදෙස් ගමන් තහනමකට ලක්ව සිටී. ඒ, 'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සහ 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවලට අදාළවය.

පසුගිය බ්‍රහස්පතින්දා (29) මේජර් ජනරාල්වරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා තිබුණේ ඉන්දීය ආරක්ෂක ආරක්ෂක ඇකඩමියේ විශේෂ පුහුණු වැඩසටහනක ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු තමන්ට පැවරී ඇති බැවින් ඒ සදහා විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙසය. යුධ හමුදාව වෙනුවෙන් ඉහළ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා තිබුණු අතර ඔහු තම කරුණු තහවුරු කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම ලිපිය පරීක්ෂා කිරීමේදී හෙළිවී තිබුණේ එම ලිපියට අත්සන් තබා තිබුණේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න නොව ඔහු වෙනුවට වෙනත් අයකු බවයි. එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ලිපියේ මුල් පිටපත නොව ඡායා පිටපතකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඒබව අධිකරණයට දැනුම් දුන් මොහොතේ යුධ හමුදා නීති උපදේශකවරයා ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක ලේකම්වරයා විදෙස්ගතව සිටින නිසා ඔහු වෙනුවට වෙනත් නිලධාරියෙකු අත්සන් තබා ඇති බවත් ලිපියේ මුල් පිටපත පසුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවත්ය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේජර් ජනරාල් අමල් කරුණාසේකරට විදෙස් ගතවීමට අවසරදීමට විරෝධය පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ පහරදීම් සහ ඝාතන සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් මේජර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කිරීමට ඇති බවත් ඔහුට විදෙස්ගත වීමට අවසර ලබා දුනහොත් ඔහු ආපසු නොපැමිණීමට ඉඩ ඇති බවත්ය.

කෙසේවෙතත් ඉදිරිපත් කර තිබූ ලේඛන මත පදනම් වෙමින් මහේස්ත්‍රාත්වරයා ඒ මොහොතේ මේජර් ජනරාල් අමල් කරුණාසේකරට විදෙස්ගතවීම සඳහා අවසර ලබා දුන්නේ පෙරකී ලිපියෙහි මුල් පිටපත සඳුදා දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමිනි.

කණ්ඩලම වෙනත් රටක්ද ?

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට හෙළිදරව් වී ඇත්තේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විදෙස්ගත වී නොමැති බවත් ඔහු එදින කණ්ඩලම ප්‍රදෙශයේ සිට ඇති බවත්ය. ඒ අනුව යුධ හමුදා නිලධාරීන් අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බව පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය ඉදිරියේ දැඩි විරෝධය පළ කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් අද ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරමින් පවතී. ඒ පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත ගෙන ඒමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉහත කරුණු විමසීම සඳහා ආරක්ෂක ලේකම්වරයා මුණගැසීමට කිහිප වාරයක්ම තැත්කර ඇතත් ඔහු එය මඟහැර ඇත. ඉන් පැහැදිලි වන්නේ මේජර් ජනරාල් අමල් කරුණාසේකරට රටින් පළායාමට ආරක්ෂක ලේකම්වරයාත් වංචනික ලෙස සහයෝගය දෙන බවය.

මේජර් ජනරාල් අමල් කරුණාසේකර අවංක නිලධාරියෙකු බව අපිත් පිළිගනිමු. මන්දයත් ඔහු එරිත්‍රියාවේ සේවය කරන සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ විසින් ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර සඳහා එවකට හමුදාපති සරත් ෆොන්සේකා සම්බන්ධ බවට ප්‍රකාශයක් ඔහු ලවා ලබා ගැනීමටය. එහෙත් ඔහු එවන් ප්‍රකාශයක් කිසිදා ලබා දුන්නේ නැත.

මේ මොහොතේ මේජර් ජනරාල්වරයා විසින් කළ යුතුව ඇත්තේ ඉහත කී පහරදීම් සහ ඝාතන සම්බන්ධයෙන් තමන් දන්නා ඇත්ත රහස් පොලිසියට හෝ අධිකරණයට ප්‍රකාශ කිරීම පමණකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආරක්ෂක ලේකම් අධිකරණය නොමඟ යවලා
ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආරක්ෂක ලේකම් අධිකරණය නොමඟ යවලා
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/4a9d887d55864a284d92b59d2fd0d64a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy