දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටම අදුරේ හෙළන විදුලි ව්‍යාපාර මාෆියාවට සිරසත් හවුල්.
Homeගොසිප්

රටම අදුරේ හෙළන විදුලි ව්‍යාපාර මාෆියාවට සිරසත් හවුල්.

PropellerAds

විදුලි අර්බුදය   ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4,500 ක දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ...

ලොක්කා පොත් ප්‍රදර්ශනේට ගිහින් (සඳුදා කාටූන්)
වෙන පක්ෂයක් හදන්න තීරණය කළ බවට මහින්දගෙන් ප්‍රකාශයක්
ලංකාවෙන් හමුවූ INFLUENZA AH1-N1 දෙන්නෙක් මැරිලා ඉතිරි අයට ප්‍රතිකාර පහසුකම් නෑලු

විදුලි අර්බුදය 

ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4,500 ක දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පසුගියදා (18) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ, මෙම වසරේ මෙම අලාභය රුපියල් කෝටි 5,000 ඉක්මවනු ඇති බවයි. 

2014 වසරේ ඉදිකෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ අවසන් අදියරෙන් පසුව මෙරට කිසිදු විදුලි ජනන බලාගාරයක් ඉදිකෙරී නොමැත. වැඩිවෙමින් පවතින විදුලි ඉල්ලූම සපුරාලීමට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යොමුවීම නිසා විදුලි බල මණ්ඩලයට මෙම පාඩුව අත්වීඳීමට සිදුව තිබේ. මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ වසරකට දළ වශයෙන් මෙගාවොට් 300 කට වැඩි විදුලි ඉල්ලූමක් අලූතින් එක්වන අතර එමු විදුලි ඉල්ලුම සපුරාලීමට අඩු ඒකක පිරිවැයක් සහිත නව විදුලි ජනන බලාගාර රටතුල ඉදිවිය යුතුය. 

බලාගාර ඉදිකිරීමේ ප‍්‍රමාදය 

විදුලි බල මණ්ඩලයට හදිසි විදුලිය සපයන ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් විදුලි බලාගාර ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩර් මණ්ඩල සහ ඊට සම්බන්ධ පාර්ශව වෙත අල්ලස් ලබා දෙමින් උපක‍්‍රමිකව බලාගාර ඉදිකිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අඩපණ කර  ඒ හරහා රට විදුලි අර්බුධයක් වෙත ඇද දමා රුපියල් බිලියන ගණනක ලාබයක් ලබන බව බලශක්ති ක්ෂේත‍්‍රය තුල දැඩිව කතාබහට ලක්වන කරුණකි. 

මෙම බලාගාර ඉදිකිරීම පමා කිරීම හරහා වසරකදී වැඩි වන මෙගාවොට් 300 ක බලශක්ති ඉල්ලූම සපුරාලීම සඳහා හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවන අතර ඒ සදහා වසරක් තුලදී දැරිය යුතු අතිරේක පිරිවැය රුපියල් බිලියන 45 ඉක්මවනු ලබයි. 

කෙරවළපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ  මෙගවොට් 350 ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරයේ (LNG Power Plant)  ටෙන්ඩරයද මේ සඳහා හොද උදාහරණයක් වන අතර තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කල දේශීය සමාගමක් විසින් අවම ලංසුව ඉදිරිපත් කර තිබියදී, ඊට අදාළ ටෙන්ඩරය වෙනත් විදේශීය සමාගමක් වෙත පැවරීමට යම් පාර්ශවයක් විසින් දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇත. මෙලෙස අවම ලංසුව ඉදිරිපත් කල සමාගම නොසලකා වෙනත් සමාගමකට ටෙන්ඩරය ලබා දුනහොත් සිදුවන පාඩුව රුපියල් බිලියන 40 ඉක්මවන බව බලශක්ති ක්ෂේත‍්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. 

පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකල විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා මෙම බලාගාර ටෙන්ඩරය, තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කල සමාගම් අතරින් අවම ලංසුව ඉදිරිපත් කල සමාගම වෙත පැවරීමට  තීරණය කර ඇති බව ප‍්‍රකාශ කරන ලදි.  එය ඉතා හොද තීරණයක් වන නමුත් තවමත් ඒ සඳහා වන සම්පූර්ණ අවසරය ලබාදී නොමැතිවීම කණගාටුවට කරුණකි. 

විදුලි මාෆියාවට එකතුවුණු රූපවාහිනී නාලිකාව 

ස්වාභාවික වායු විදුලි බලාගාර ටෙන්ඩරය  ලබාදීමට අදාළ ක‍්‍රියාපටිපාටිය මෙසේ දිනෙන් දින පමා වෙමින් තිබියදී, එක්වරම ශ‍්‍රී ලංකාවේ විදුලි අර්බුදය සහ බලාගාර ටෙන්ඩරය පිළිබඳව සිරස මාධ්‍ය ජාලයේ විශේෂ අවධානයට ලක්ව ඇත. පසුගිය දින කිහිපය පුරා ඔවුන් විසින් සිය දෛනික ප‍්‍රවෘත්ති විකාශයේදී මේ පිළිබඳව විශේෂයෙන් වාර්තා කරන ලදි. 

විදුලි අර්බුදය සහ ඊට විසදුම් ලබාදීමට පමාවීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම හා වාර්තා කිරීම රටේ  ඕනෑම ජනමාධ්‍ය ආයතනයකට හෝ කවර පාර්ශවයකට වුවද අයිතිවාසිකමක් ඇති අතර එය එසේ කල යුතුද වන්නේය. 

නමුත් සිරස මාධ්‍ය ජාලයට බලශක්තිය පිළිබඳ විශේෂ කැක්කුමක් ඇතිවී ඇත්තේ, රට පිළිබඳ වූ සද්භාවය නිසා නොව පෙරකී ඇමරිකානු ඩොලර් මිලියන 250ක වටිනාකමකින් යුතු ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය, ටෙන්ඩර් ඇගයීම් ක‍්‍රියාපටිපාටියේදී ප‍්‍රතික්ෂේප කෙරුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බව අනාවරණය වී ඇත. 

සිරස නොහොත් කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ කුප‍්‍රකට ඞීල්කරුවකු වන නිමල් කුක්ගේ සහ කැපිටල් මහරාජා සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ශෙවාන් ඩැනියල් යන පුද්ගලයින් විසින් සැම්සුන්ග් සමාගම ඉදිරිපත් කරමින් ඉහළ මිලකට විදුලි ඒකකයක් නිපදවන LNG බලාගාරයක් ස්ථාපිත කිරීම මඟින් අති විශාල මූල්‍ය ලාභයක් හිමිකර ගැනීමට සැළසුම් සකස් කරමින් සිටී. 

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරය හිමිකර දීම සඳහා 2015 වර්ෂයේ ප්‍රමුඛ මාධ්‍ය සහයක් ලබාදුන් සිරස මාධ්‍ය ජාලය 2019 ජනාධිපතිවරණයේදී ද ඊට නොදෙවෙනි සහයක් ලබාදී නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට අවශ්‍ය මාධ්‍ය මෙහෙවර සිදුකරදීමට මෙම ව්‍යාපෘති ආශ්‍රයෙන් එකඟතාවක් ඇතිකරගෙන ඇතැයිද තොරතුරු අනාවරණය වේ. 

රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීමටත්, ඒ සඳහා විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් රජය වහ වහාම කටයුතු කළ යුතු බව අපගේ අදහසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම අදුරේ හෙළන විදුලි ව්‍යාපාර මාෆියාවට සිරසත් හවුල්.
රටම අදුරේ හෙළන විදුලි ව්‍යාපාර මාෆියාවට සිරසත් හවුල්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvXYgWhrgtnAWZ1KDJFvnuWVS15Tk4HKel_yGzD66h-GbKwRNGCll6DZuXciQGdF-4TOFaPLMkfW2fHhi5tOTC3K0lAWRaWm_ScMBGDnOYcyf0WUnd8X_aAwq8fhVOGPU6MCfOR2QjqQw/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvXYgWhrgtnAWZ1KDJFvnuWVS15Tk4HKel_yGzD66h-GbKwRNGCll6DZuXciQGdF-4TOFaPLMkfW2fHhi5tOTC3K0lAWRaWm_ScMBGDnOYcyf0WUnd8X_aAwq8fhVOGPU6MCfOR2QjqQw/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_411.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_411.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy