ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම්වන පෙරමුණේ සභාපති අපේක්ෂකයා ලෙස හිටපු සභාපතිවරයකු වන අනා පුංචිහේවා මහතා ඉදිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම්වන පෙරමුණේ සභාපති අපේක්ෂකයා ලෙස හිටපු සභාපතිවරයකු වන අනා පුංචිහේවා මහතා ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.
අදාළ යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ එම පෙරමුණ හා එක්ව සිටින තවත් කණ්ඩායමක් විසිනි.
පුංචිහේවා මහතා ශ්‍රී ලංකාව 96 ලෝක කුසලාන ජයගන්නා අවස්ථාවේ එවකට පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි අතර ඊට දෙමසකට පසුව එළඹුණ නිලවරණයේදී ඒ මහතා පරාජයට පත්කරමින් තිලංග මහතා එහි සභාපති ධූරයට පත්විය.
ලක්ෂයකට විකුණුන ක්‍රීඩා සමාජ ඡන්දය
එම නිලවරණයේදී ක්‍රීඩා සාමාජයක ඡන්දයක් රුපියල් ලක්ෂකට විකුණුන බවටද චෝදනාවක් තිබේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් නොමැතිව තිබූ අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස යොදාගනිමින් ලෝක කුසලානය ජය ගැනීමට මුල් ගල තැබීම සම්බන්ධයෙන් ආනා පුංචිහේවා මහතාට විශේෂ ගෞරවයක් තිබේ.
කෙසේවුවද, ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනස්කම් සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි පුංචිහේවා මහතා ක්‍රිකට් අතහැර ගොල්ෆ් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිය දායකත්වය ලබාදුන්නේය.
ආනාට ආරාධනා ගෝනියක් !
මේ සම්බන්ධයෙන් අප අනා පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට සභාපති ධූරයට තරගවදින ලෙස අන්ත කිහිපයකින් ආරාධනා ලැබී ඇති බවයි.
කෙසේවුවද, තමා තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණ නැති බවයි.
මේ අතර, ඊයේ දිනයේදී ඒ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නෙල්සන් මෙන්ඩිස් ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ද ඒ මහතාට පාර්ශව ගණනාවකින් මෙවර සභාපතිධූරයට තරගවඳින ලෙස ආරාධනා ලැබුණු බවද ඔහු කියා සිටියේය.
වසර 25කට ආසන්න කාලයක් පැවැති එම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජන නොකර ප්‍රධාන ආරාධිතයා බවට පත් පළමු පුද්ගලයා ඔහු බවද පැවසේ.

COMMENTS