දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එමිල් - රංගජීව 24 දා දක්වා රිමාන්ඩ් - අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට බාධා

වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර...

එමිල් - රංගජීව 24 දා දක්වා රිමාන්ඩ් - අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට බාධා

වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක රංගජීව යන දෙදෙනා ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසයි. ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගරා අධිකාරිවරයාට නියෝග කළේ සැකකරුවන් දෙදෙනා අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් අද දිනයේදී අධිකරණය භූමිය ඉදිරිපිට රැස්ව සිටි සිවිල් ඇඳුමින් සැරසුණු 20ක පමණ පිරිසක් සැකකරුවන් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණ කිරීමට එහි ගිය මාධ්‍යවේදීන්ට බාධා එල්ල කළේය.

අද නඩු අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් අනාවරණය කර ඇති තොරතුරු මත ඉදිරි පරීක්ෂණ සිදු කරන බවයි. එසේම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබූ බැවින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී එමිල් රන්ජන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලීසිය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ නඩුවේ සාක්ෂිකරුවකු වන බන්දුල ලියනාරච්චි නමැත්තාගේ බිරිඳට ආයුධ සන්නද්ධ පිරිසක් තර්ජනය කර ඇති බවයි. ඒ පිළිබඳව ඇය කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ නියෝගයක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසියට නියම කළේය.

Ranga Jeeva1

Ranga Jeeva1

Ranga Jeeva1

Ranga Jeeva1

Ranga Jeeva1

Ranga Jeeva1

Ranga Jeeva1 

Ranga Jeeva1

Ranga Jeeva1

Ranga Jeeva1

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එමිල් - රංගජීව 24 දා දක්වා රිමාන්ඩ් - අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට බාධා
එමිල් - රංගජීව 24 දා දක්වා රිමාන්ඩ් - අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට බාධා
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/13436864f4baac0df9aa74294263fc61_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy