පසුගිය දා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කලහකාරී තත්ත්වය නිසා හානිවූ වෙහෙර විහාර සහ ඉස්ලාමීය දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රතිපාදන ලබ...
පසුගිය දා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කලහකාරී තත්ත්වය නිසා හානිවූ වෙහෙර විහාර සහ ඉස්ලාමීය දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංසය යටතේ පාලනය වන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මේ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පසුගිය දින වල මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී තත්වයක් උත්ගත වුණා. මේ මඟින් වෙහෙර විහාරස්ථාන සහ ඉස්ලාමීය දේවස්ථාන කිහිපයකටම අලාභ හානි සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මේ විනාශයට පත් වුණ ආගමික ස්ථාන සංරක්ෂණය කරන්න, අලුත්වැඩියා කරන්න, ඒ වගේම ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අපි බලාපොරොත්තු වෙනවා.”
COMMENTS