දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර ගිනි තැබීම ෆේස්බුක් කල්ලියක වැඩක් - අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි
Homeදේශපාලන

මහනුවර ගිනි තැබීම ෆේස්බුක් කල්ලියක වැඩක් - අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි

PropellerAds

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම වෙනුවෙන් පැවති උත්සවයකට ඊයේ (11) එක්වෙමින් අමාත්‍යවරිය මෙම අද...

2020දී මොන වීරයා ආවත් රට ගොඩදාන්න බෑ..- ජනපති
උදය ගේ සිතියම් දැක රිෂාඩ් සැඟවෙයි,විල්පත්තුවෙන් ‘හිරු බලය’ ඇවිලේ.[Video]
"මහින්ද රාජපක්ශ නොරොචිචොලේන් කොමිස් ගහපුවයින් සාමිපුර් බලාගාරය හදන්න තිබුනා."
මහනුවර ගිනි තැබීම ෆේස්බුක් කල්ලියක වැඩක් - අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම වෙනුවෙන් පැවති උත්සවයකට ඊයේ (11) එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

මහනුවර ඇති වූ සිද්ධිය ෆේස්බුක් කල්ලියක් විසින් ක්‍රියාත්මක වෙලා කරපු විනාශයක්. සමහර විට එහෙම කිවුවාම ඔබ එය පිළි නොගෙන ඉන්නත් පුළුවන්. නමුත් සත්‍යය එයයි. පසුගිය දවස් කිහිපයේ නුවර ගිනි ගත්තා. ඒ නිසාම මේ නගර පිළිබඳවත් අපි භීතියෙන් හිටියේ. හැබැයි මේ ගම්වල නගරවල සිංහල මුස්ලිම් ජනතාව දශක ගණනාවක් තිස්සේ හොඳින් ජීවත් වුණා. කුරුවිට සිද්ධියක් වුණා. මවුලවිතුමා ඉන්නා කාමරයට පෙට්‍රල් බෝම්බයක් ගැහුවා. අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලීසිය හරියාකාරව ක්‍රියාත්මක වුණ නිසා කුරුවිට පොලිස් ස්ථානාධිපතිතුමාගේ ක්‍රියාකාරිත්වය නිසා හරියටම ඒක හොයාගන්න පුළුවන් වුණා. ඒ සිද්ධියේ අත්අඩංගුවට ගත් පළමු චූදිතයාගේ වයස අවුරුද් 18 යි. නුවරින් පටන් ගත්ත මේ ෆේස්බුක් කල්ලිය මුළු රටේම ව්‍යාප්ත කරලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන්. පැවැත්ම වෙනුවෙන්. අපි අවුරුදු 30 ක් මේ අනවශ්‍ය ජාතිවාදය නිසා දුක් වින්ද ජාතියක්. 1979 ඉඳලා 2009 වෙනකල් කොළඹ ගිය මනුෂ්‍යයා එනකල් අපි දන්නේ නැහැ. අපිට බෝම්බ ගැන බියක් තිබුණා. අපි සමහර වෙලාවට යාපනය ගැන කතා කළේ වෙනත් පළාතක් විදිහට. රජයේ සේවකයින් බැදිලා ඉන්නවා මේ රටේ ඕනම තැනක සේවය කරන්න. හැබැයි එදා ඒ ප්‍රදේශවලට මාරු කළාට ඒ අයට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බයක් තිබුණා අවුරුදු 30 ක් තිබුණු මේ අනවශ්‍ය ජාතිවාදය නිසා ආබාධිත වුණු අංගවිකල වුණු හමුදාවේ සිය ගණනක් දහස් ගණනක් සහෝදර සහෝදරියෝ අපි අතර ඉන්නවා. දෙමව්පියෝ නැතිවෙච්ච අය කී දෙනෙක් ඉන්නවාද. සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පටන් ගත්තාම කී දෙනෙක්ගේ ලෙයින් මේ මහ පොළොව තෙත් වුණා ද. ඒ වගේ කාලයකට ආපසු යන්න අපි සූදානම් නැහැ.

අපි ඕනෑම කැපවීමක් කරලා මේ රටේ යළි එවැනි තත්ත්වයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා විතරක් මතක තියා ගන්න. මේ ජාතින් අතර සමගියේ නායකත්වය ජනතාව ගත යුතුයි. මේ නගරයේ ජීවත් වෙනකොට මේක අරයගේ කඩේ මේක මෙයාගේ කඩේ මේක වද බෙහෙත් කඩේ එහෙම කියලා නැහැ අපි ඔක්කෝම එකයි. පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිද්ධියක් වුණා. වද පෙත්තක් පිළිබඳව සමාජයේ කතාබහට ලක් වුණා. ඒ පෙත්ත පිළිබඳව රස පරීක්ෂක වාර්තාව මේ වන විට ලබා දී තිබෙනවා. ඒ වාර්තාව අධිකරණයට ලබා දෙනවා. ඒ වාර්තාව පිළිබඳව ඔබට පුදුම හිතෙයි. මේ පෙත්තකින් ද මේ වගේ විනාශයක් වුණේ කියලා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

ඒ වගේ ම මේ ප්‍රදේශයේ හිමිනමක් කියලා තිබෙනවා ආණ්ඩුව තමයි මේවට වගකියන්න ඕන වගකීම භාර ගන්න ඕන කියලා. ආණ්ඩුව ඉන්නේ වගකීම භාරගන්න විතරක් නෙමෙයි මේවා මැඩපවත්වලා අපරාධ කරපු අයට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න ඕන. කවුද තෙල්දෙණිය දිගන විනාශය කළේ. රත්නපුරේට ඇයි මේ ආවේ. මේ කුරුවිට සිද්ධියට සම්බන්ධ ළමයා මළ ගෙදරක යන්න කොළඹින් තවත් දෙන්නෙක් එක්ක ඇවිත් තියෙන්නේ. හැබැයි මම ඒ ළමයාගේ තාත්තාට ගරු කරනවා තාත්තාට පුළුවන්කමක් තිබුණා තමන්ගේ ළමයා ගෙනත් පොලීසියට භාර දෙන්න. මතක තියාගන්න නීතිය තදයි. අපි යහපාලනය කියලා අවේ. වෙනස පටන් ගත්තාට ඒ වෙනස දැනුණේ නැහැ. ඒ වෙනස ඇති කරන්න තමයි අපි හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙන්නේ. අපි කිසි කෙනෙකුට ජාතිවාදී වෙන්න බැහැ. රජයක් ලෙස අපි මේ රටේ ජීවත් වෙන සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සූදානම්. මේ රටේ තරුණ තරුණියන් වන ඔබට මේ රටේ අනාගතයක් තිබෙනවා ඒ ගැන හිතන්න. මේ නුවර සිද්ධියට නායකත්වය දුන් කෙනා අනගාරික ධර්මපාලතුමාගේ නමත් මේකට යොදාගෙන තිබෙනවා. ධර්මපාලතුමාත් මුස්ලිම් ජාතියට විරුද්ධ වුණාලු. අපි කණගාටු වෙනවා ධර්මපාලතුමා වැනි විශිෂ්ඨ අයගේ නම් මේවාට යොදා ගනීම පිළිබඳව. බෞද්ධයන් වන අපි ඔක්කෝම මිනිසුන් යන හැඟීමෙන් එකම වර්ගයක් ලෙස ජීවත් විය යුතුයි. අපි අතර දේශපාලන ආදී පුද්ගලික මති මතාන්තර තිබෙන්න පුළුවන්. මේ පටු අදහස් නිසා වසර 30 ක් තිස්සේ නොයෙකුත් අපහසුතාවයන්ට අපි මුහුණ දුන්නා. සාමකාමීව ජීවත් වෙන මේ රට වෙනත් පහත් දේවල්වලට යොමු නොකරන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මොනතරම් වැඩ කොටසක් අපි පසුගිය කාලයේ කළාද. ඒත් සමහර අය මැතිවරණයේදී වෙනත් වෙනත් දේවල් ගැන හිතලා තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඒකට එකඟයි. අපි කියන්නේ නැහැ මේ මැතිවරණ ක්‍රමය වෙනස් දූෂිතයි කියලා. අපි බඩු බෙදලා දේශපාලනය කරන පක්ෂයක් නෙමෙයි. පසුගිය කාලයේ වගේ අල කිලෝ දෙක දෙක බෙදලා ඡන්දය ගන්නේ නැහැ. සමෘද්ධිය හරහා දුප්පත්කම පවත්වා ගෙන පක්ෂයක් නෙමෙයි අපි නියෝජනය කරන්නේ අපි සියලු දෙනාම ජනතා මතයට ගරු කරන්න හිස නමන්න ඕන. සමහර විට අපි පරදිනවා දිනනවා ජය පරාජ අපට හොඳට දරා ගන්න පුළුවන් විය යුතුයි. ක්‍රීඩාවත් එහෙමයි. ජය පැරදුම දෙකම තිබෙනවා.පැ රදුනු ගමන් බෝලය පොළොවේ ගැහුවට වැඩක් නැහැ දේශපාලනයේදීත් එහෙමයි. රත්නපුර දිස්ත්‍රික්කයේ වසරකට කෝටි 396 ක මත්පැන් පානය කරනවා. ඒ නිසා පවුල් ආරවුල් අපරාධ වැඩි වෙලා විශාල මුදලක් වැය කරලා ආරවුල් ඇති කර ගන්නවා. විශාල හානියක් කර ගන්නවා. මේවා වළක්වා ගන්න සියලු දෙනා එක්ව පියවර ගත යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

thalatha 01

නලීන් රාජපක්ෂ - 0710873110
මාධ්‍ය ලේකම්
අධිකරණ අමාත්‍යාංශය

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29565,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර ගිනි තැබීම ෆේස්බුක් කල්ලියක වැඩක් - අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි
මහනුවර ගිනි තැබීම ෆේස්බුක් කල්ලියක වැඩක් - අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/644069dbc8cfb4f9b3712e9dc450352c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_509.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_509.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy