දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හම්බන්තොට මහවැලි කලාපයේ රක්ෂිත හෙළි කරන්නේ මහවැලි නිලධාරීන්ගේම ආශිර්වාදයෙන් - තොරතුරු පනතින් සියල්ල හෙළි වෙයි

එම තොරතුරු මඟින් හෙළි වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධන කලාපයට අයත් වාරි, ගොඩ ඉඩම්, නිවාස, වැව්, ආයෝජන ව්‍යාපෘති, කැලෑ ප්‍...

හම්බන්තොට මහවැලි කලාපයේ රක්ෂිත හෙළි කරන්නේ මහවැලි නිලධාරීන්ගේම ආශිර්වාදයෙන් - තොරතුරු පනතින් සියල්ල හෙළි වෙයි

එම තොරතුරු මඟින් හෙළි වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධන කලාපයට අයත් වාරි, ගොඩ ඉඩම්, නිවාස, වැව්, ආයෝජන ව්‍යාපෘති, කැලෑ ප්‍රදේශ සහ වෙනත් ඉඩම් හෙක්ටයාර් 250,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවයි.

මෙම ඉඩම් තුළින් 2000 වර්ෂයේ සිට රජයේ සංවර්ධන කටයුතු සඳහා විටින් විට හෙක්ටයාර් 159කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් හෙක්ටයාර් 35කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයන්හි සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇති බව තොරතුරු දැනගැනීමේ පනතින් ලබා ගත් තොරතුරු අනුව පෙනී යන්නකි.

පුවරුවලට සීමා වූ අලි කළමනාකරණ රක්ෂිතය

mahawali 1

මේ අතර 2005 වර්ෂයේ සිට හම්බන්තොට දිස්ත්‍රිකයේ ස්ථාපනය කළ වරාය සහ මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ප්‍රථමයෙන් සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු සමග අවතැන්වන අලි - ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව ය. ඒ සඳහා මහවැලි සංවර්ධන කලාපයට අයත් හෙක්ටයාර් 12,000ක් වෙන් කර එහි විශාල මුදලක් වැයකර යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස නම් කරන ලද දැන්වීම් පුවරු ද යොදා තිබේ.

නමුත් එය එම වාර්තා සහ දැන්වීම් පුවරුවලට පමණක් සිමා කරමින් දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ පමණක් නොව වන ඝාතකයන්ගේද දැවැන්ත ගොදුරක් බවට පත්ව තිබෙන්නේ මහවැලි නිලධාරීන්ගේද ආශීර්වාදයෙන් බවද හෙළි වී තිබේ.

mahawali 7

සංවර්ධනයට මහවැලියේ රක්ෂිත හෙළි කිරීමේදී වනජීවියත් පසකට දමලා

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනතේ 2 වන වගන්තියට අනුව හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව ඇත.

නමුත් මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහඅන්දරවැව හා පහළ අන්දරවැව අතර පිහිටි හාමුදුරුවැව් ඉහත්තාවේ අක්කර 2000ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබෙන ආකාරය මනාව පෙනී යන කාරණයකි.

mahawali 11

මේ ආකාරයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන් කර තිබෙන හෙක්ටයාර් 12000 ක් පමණ වන, වන අලින් විශාල සංඛ්‍යාවක් වාසභූමි කරගෙන සිටින කැලෑ ප්‍රදේශයන් වන මහවැලි අධිකාරියේ පාලනය යටතේ පවතින අන්දරවැව උස්ගල රක්ෂිතයේ අක්කර 600 ක්, වැවේගම රක්ෂිතයේ අක්කර 100 ක් කුඩා ඉදිවැව රක්ෂිතයේ අක්කර 400 ක් සුරුවිරුගම මුත්තගල් ආර රක්ෂිතයේ අක්කර 25 ක් පමණ සුරුවිරුගම වැලිආර රක්ෂිතයේ අක්කර 25ක් පමණ මිට වසර දෙකක පමණ කාලයක සිට මහා පරිමාණ වගාවන් සඳහා නීතිවිරෝධීව හෙළිකර අනවසර විදුලි වැටවල් පවා සකසා ගෙන වගා කටයුතු සිදු කරනු ලබයි.

mahawali 10

mahawali 8

එමෙන්ම කුඩා ඉදිවැව ප්‍රදේශයේ අක්කර 50ක පමණ ප්‍රදේශයක්, කුබැල්ල ප්‍රදේශයේ අක්කර 30 කට අධික ප්‍රමාණයක්, වල්සපුගල ප්‍රද්ශයේ අක්කර 150 කට අධික ප්‍රමාණයක් අනවසර වගාකරුවන්ගේ ගොදුරක් වන තුරු මහවැලි නිලධාරින් නිතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ දැඩි අවදානයට ලක්විය යුතුම කාරණයක් වී තිබේ.

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය.

නමුත් අලි ඇතුන් ඇතුළු විශාල වනජීවීන් ප්‍රමාණයක් ජීවත්වන මෙම ප්‍රදේශයන් තුළ මහා පරිමාණ සංවර්ධන කටයුතු සඳහා රක්ෂිත ප්‍රදේශයන් හෙළි කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි තොරතුරු දැනගැනීමේ පනත මගින් මහවැලි අධිකාරිය මගින් ලබා ගත් තොරුතුරුවලින් මනාව පෙනී යන්නේ.

අලි මංකඩ හෙළි කරලා !

මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ දී පමණක් හම්බන්තොට වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 19 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 10 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව ඇති බව හම්බන්තොට වනජීවි කාර්යාලයේ තොරතුරුවලින් අනාවරණය වේ.

mahawali 3

mahawali 2

කෙසේ නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය හා ඒවාට වනාන්තර තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් මෙන්ම අනුදැනුම ඇතිව සිදු කෙරෙන සියලු සංවර්ධන කටයුතු නිසා මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ ඒ සඳහා වෙන් කළ බිම් ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් තවදුරටත් ඒ අයුරින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අයත් භූමි ප්‍රමාණය හෙළි කළහොත් අලි මිනිස් ගැටුම උග්‍ර වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු පශු වෛද්‍ය වරයෙකුද වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාදු මහතා පවසා සිටි.

mahawali 12

මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය කළු ගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගා සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතින බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ. පී. විජයකුමාර මහතා පෙන්වාදෙයි.

පරිසර සංරක්ෂණ භාරයේ සභාපති පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ කුරුදාන ඇතුළු විවිධ ප්‍රදේශවල අලි මංකඩ පවා හරස් කරමින් අලුතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් සඳහා විවිධ පුද්ගලයින් හට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තව තවත් වර්ධනය වෙමින් තිබෙන බවත් මේ අයුරින් වනාන්තර අවභාවිතාව නිසා මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදෙන බවයි.

මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම්වලිනි. 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මඟින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවන බවද පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

mahawali 4

mahawali 5

mahawali 6

mahawali 9

mahawali 13

mahawali 14

mahawali 15

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට මහවැලි කලාපයේ රක්ෂිත හෙළි කරන්නේ මහවැලි නිලධාරීන්ගේම ආශිර්වාදයෙන් - තොරතුරු පනතින් සියල්ල හෙළි වෙයි
හම්බන්තොට මහවැලි කලාපයේ රක්ෂිත හෙළි කරන්නේ මහවැලි නිලධාරීන්ගේම ආශිර්වාදයෙන් - තොරතුරු පනතින් සියල්ල හෙළි වෙයි
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/055d4515c2361be206b52793971f7e52_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_497.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_497.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy