දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පක්ෂය පවා දුන්නා යයි ගාල්ලේ මන්ත්‍රී 7කට ඇමති වජිරගෙන් දොස් මුරයක්

එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළ ගාල්ල මහා නගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හත් දෙනකු ශ්‍...

පක්ෂය පවා දුන්නා යයි ගාල්ලේ මන්ත්‍රී 7කට ඇමති වජිරගෙන් දොස් මුරයක්

එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළ ගාල්ල මහා නගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හත් දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය දෙමින් අප පක්ෂයේ මතයට පටහැනිව ක්‍රියාකර තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

වජිර අබේවර්ධන මහතා විසින් මාධ්‍ය අදහස් දක්වමින් පවසා සිටියේ නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂ සභිකයින් 14 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධාන සභිකයින් තිදෙනාත් සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයාත් එක්ව කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබුණු බවයි.

එහෙත් සභාවේ ඡන්දය පැවතුණු අවස්ථාවේදී එම එකඟතාව කඩකරමින් පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනකු කටයුතු කිරීම නිසා නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා පත් වූ බවත් පක්ෂයේ එකඟතාවයට පටහැණිව යමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යෝජනා ස්ථිරත්වයෙන් නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත්ව සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

පක්ෂයේ විනය කඩකිරීම බරපතල වරදක්

වැඩිදුරටත් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ විනය ගරුක පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවයි. එසේම පක්ෂේ තීරණයට පටහැනිව යමින් කටයුතු කිරීම බරපතල වරදක් බවත් පක්ෂයේ නායකයාට සහ පක්ෂ මහ ලේකම්වරයාට මේ බව දැනුම් දී ඇති බවද ඔහු පැවසීය. ඒ අනුව දැනටමත් පක්ෂයේ මතයට පටහැනිව කටයුතු කළ ගාල්ල මහ නගර සභාවට තේරීපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

පාක්ෂිකයාගේ මතය මුදලට පවා දීම අනුමත කරන්න බැහැ

එසේම අමාත්‍යවරයා කියා සිටියේ ගාල්ල මහ නගර සභාවට සභිකයන් තේරීමේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සියලු දෙනාගේ අපේක්ෂාව වූයේ ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම වුවද ඒ මතය ඔවුන් ජයග්‍රහණය කළත් කිහිප දෙනකු එකතු වී එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය මුදලට පාවා දීම අනුමත කළ නොහැකි බවයි. ඉන් සිදු කර තිබෙන්නේ පාක්ෂිකයන්ගේ මතය හෑල්ලුවට කිරීමක් බවත් ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පක්ෂය පවා දුන්නා යයි ගාල්ලේ මන්ත්‍රී 7කට ඇමති වජිරගෙන් දොස් මුරයක්
පක්ෂය පවා දුන්නා යයි ගාල්ලේ මන්ත්‍රී 7කට ඇමති වජිරගෙන් දොස් මුරයක්
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/2fa6eec277950d53c7fba7168797b715_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/7_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/7_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy