මේ අනුව කම්කරු පක්ෂ මහජන නියෝජිත සහ ගෝලීය දමිල සංසදයේ හිටපු උපදේශකවරියක ද වන ජොආන් රයන් සහ මහජන නියෝජිත සියොභායන් මැක්ඩොනා විසින් විදේශ ල...
මේ අනුව කම්කරු පක්ෂ මහජන නියෝජිත සහ ගෝලීය දමිල සංසදයේ හිටපු උපදේශකවරියක ද වන ජොආන් රයන් සහ මහජන නියෝජිත සියොභායන් මැක්ඩොනා විසින් විදේශ ලේකම් බොරිස් ජොන්සන් වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙන්නේ ඒ සඳහා වහාම පියවර ගන්නා ලෙස ය. මෙම මහජන නියෝජිතවරියන් දෙදෙනාම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දමිල ජනතාව පිළිබඳ සර්ව පාක්ෂික කණ්ඩායමේ සාමාජිකාවෝ ද වෙති.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 2017 වසරේ පටන් එක්සත් රාජධානිය සඳහා ආරක්ෂක මාණ්ඩලිකයෙකු වශයෙන් කටයුතු කරන අතර, නිල ඇඳුමින් සැරසී සිටි ඔහු විසින් පළ කළ තර්ජනාත්මක අභිනයන් ඇතුළත් වීඩියෝ පටයක් ලොව පුරා අන්තර්ජාලය හා ජංගම දුරකථන ඔස්සේ සංසරණය විය. එම වීඩියෝ පටයේ දැක්වෙන ආකාරයට ඔහු විසින් තුන් වරක් ගෙළ කැපීම අභිනයෙන් දක්වන අතර, මෙම මහජන නියෝජිතවරියන් අවධාරණය කර සිටින්නේ එම හැසිරීම ‘‘පිළිකුල් සහගත සහ කිසිසේත්ම අනුමත කළ නොහැකි එකක්“ බවයි. එක්සත් රාජධානිය වැනි රටකට පැමිණ, ශ්‍රී ලාංකික හමුදා නිලධාරියෙකු වශයෙන් සිය නිල රාජකාරි පරාසය තුළ නිල ඇඳුමින් සැරසී සිටිමින් ඔහු විසින් සිදුකරනු ලබන මෙම අශෝභන සහ තර්ජනාත්මක ක්‍රියාව දැඩි සේ හෙළා දකින බව ද ඔවුහු අවධාරණය කරති.
මේ අතර ගෝලීය දමිල සංසදයේ සභාපති සෙන් කන්දයියා ප්‍රකාශ කර තිබෙන්නේ, ‘‘ශ්‍රී ලංකා යුධ හමුදාව, දමිලයන් සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකළ බවට චෝදනා ලබා සිටින තත්වයක් තුළ මෙම හමුදා නිලධාරියාගේ හැසිරීම එක්සත් රාජධානියේ ආරක්ෂාවට එල්ල කළ බරපතළ තර්ජනයක් සේ ගණන් ගත යුතු බවයි. ඒ අනුව පෙර කී මහජන නියෝජිතවරියන් දෙදෙනාගේ ස්ථාවරයට එකහෙළා සහාය පළ කරන ඔහු, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ව වහාම එක්සත් රාජධානියෙන් පිටුවහල් කළ යුතු බව අවධාරණය කරයි.
- අමාලි ජයවීර
පෙර ලිපිය - නිදහස් දිනය දා ලන්ඩන් නුවර ‘රණවිරුවෙකුගේ තප්පුලෑම“
COMMENTS