මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 04 ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ අතර ජනාධිපතිවරයා අද (20) කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දී ඇත්තේ එම මුදල ඊට ව...
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 04 ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ අතර ජනාධිපතිවරයා අද (20) කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දී ඇත්තේ එම මුදල ඊට වඩා මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් සඳහා යෙදවිය යුතු බවයි. ජනාධිපතිවරයාගේ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව ලැප්ටොප් - ටැබ් පරිගනක ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් බිලියන 04 වෙනත් ව්‍යාපෘති සඳහා යෙදවෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුට්ටුවකට මායිම් නොකරමින් දූෂිත ගනුදෙනු සිදුව ඇති බව හා සුදුසකම් රහිත සමාගමකට ටැබ් ගෙන්වීමේ ටෙන්ඩර් ලබාදී ඇති බවට 'ලංකා නිවුස් වෙබ්' අවස්ථා කිහිපයකදී අනාවරණය කළේය.
නවීන තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම ලබාදීම සඳහා සහ පරිගනක සාක්ෂරතාවය ඉහළ දැමීම සඳහා හේතුවන ටැබ් පරිගනක පාසල් සිසුන්ට ලබාදීමට ගෙන ආ මෙම ව්‍යාපෘතිය රටේ අනාගතයට අතිශය වැදගත් ව්‍යාපෘතියකි. කෙසේ වෙතත් ඒ හරහා සුපුරුදු පරිදි සිදුවූයේ අතයට ගනුදෙනු හා ගසාකෑමය. මේ නිසා අවසානයේ එකී ව්‍යාපෘතිය වලපල්ලට ගොස් ඇති අතර දූෂිත නිළධාරීන්ගේ සහ දූෂිත දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය ඒ සඳහා හේතු විය.
සිදුවිය යුතුය තිබුනේ දූෂිත ගනුදෙනුවලට වැට බැඳ ව්‍යාපෘතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම වුවද අවසානයේ අතිශය වැදගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැයකළ මුදල් වෙනත් කටයුත්තක් සඳහා වෙන්කිරීමයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS