ජනතාව බලාපොරොත්තු වන සංවර්ධන හා සුභ සාධන ඉලක්ක ඉටුකර ගන්නා ආකාරයත් රජය පාලනයත් පිළිබඳව අද කැබිනට මණ්ඩලය සාකච්ජා කර ඇත. කැබිනට් රැස්වීමෙන්...
ජනතාව බලාපොරොත්තු වන සංවර්ධන හා සුභ සාධන ඉලක්ක ඉටුකර ගන්නා ආකාරයත් රජය පාලනයත් පිළිබඳව අද කැබිනට මණ්ඩලය සාකච්ජා කර ඇත. කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු අතර සාකච්ජාවක් සිදු කිරීමටද නියමිතව තිබේ.
මේ අතර රට තුළ උද්ගතව ඇති දේශපාලන කැළඹීම පිළිබඳව ඉන්දියානු මහකොමසාරිස්වරයා සහ ඇමරිකානු මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක්ද පැවැත්විණි. වාර්තා වන අන්දමට ඔවුන්ගේ අදහස් වී ඇත්තේ වත්මන් යහපාලනය ඉදිරියට ගමන් කළ යුතු බවයි.
කෙසේ වෙතත් අද සන්ධ්‍යාව වන විට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා තීරණාත්මක තීන්දුවකට එළඹෙනු ඇතැයි විශ්වාසය පළවෙමින් තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS