එයට අදාළ උපදෙස් මේ වන විටත් (06) ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත යවා තිබෙන බව හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වි...
එයට අදාළ උපදෙස් මේ වන විටත් (06) ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත යවා තිබෙන බව හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. එහි තවදුරටත් සඳහන් වන්නේ වෙබ් මාධ්‍ය සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වූ මෙම ප්‍රවෘත්තිය සහ එයට අදාළ වීඩියෝව, බලධාරීන්ගේ දැඩි අවධානයට ලක් වූ බවයි. තවද සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු බලධාරීන් ද වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත ය.
කෙසේ නමුත් මෙම බ්‍රිගේඩියර්වරයා ට එරෙහිව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ. මරණ තර්ජන කිරීමකට නොදෙවෙනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක්ම ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් විසින් අදාළ වීඩියෝ සාක්ෂිය පදනම් කරගෙන විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව ඉදිරියේදී නඩු පැවරීමට ඔවුන් කටයුතු කරනු ඇත.
අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත අවදානමක්
මේ සිද්ධියේදී පෙනී යන තවත් වැදගත් කාරණයක් වන්නේ මේ මොළේ නැති නිලධාරියා මේ අවකල් හැසිරීම දක්වන්නේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටතට පැමිණ බවයි. ඔහු ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය තුළ සිටින අමාත්‍ය උපදේශක (ආරක්ෂක) නිලධාරියා ය. ඒ අනුව ඔහුට මේ හැසිරීමේදී කිසිම රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් හිමි නොවන්නේ එය ඔහු සිය නිල පරිශ්‍රය තුළ සිදුකළ කාර්යයක් නොවන හෙයිනි. මේ අනුව නීති ප්‍රකාරව ඔහුට තිබෙන සියලු විනිර්මුක්තීන් ඔහු විසින්ම මේ තකතීරු ක්‍රියාව හරහා අහෝසි කරගෙන ඇති අතර, මේ නිසා බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, යම් හෙයකින් වැඩ තහනමට ලක්වීමෙන් අනතුරුව මෙම බ්‍රිගේඩියර් බ්‍රිතාන්‍යය තුළ රැඳී සිටීමට උත්සාහ කළහොත් බ්‍රිතාන්‍යෙය් සාමාන්‍ය අපරාධ නීතිය අනුව ඔහුට සැලකීමට එරට බලධාරීන් පියවර ගන්නවා ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වූ හැටි
එසේම ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙයට ක්ෂණික මැදිහත් වීමක් සිදුකිරීමේ පසුබිම් කතාව ද මේ වන විට හෙළිදරව් වී තිබේ. අද අළුයම අප පළ කළ පුවතට අදාළව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දමිල පා. මන්ත්‍රී කණ්ඩායම සිද්ධිය ට අදාළ වීඩියෝ සාක්ෂිය සමග බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය වන ‘විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය‘ වෙත ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු බලධාරීන් අද දහවල් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙන්නේ වහාම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ය. එසේම, තමන් විසින් මේ හමුදා නිලධාරියාව ‘නෛතික පිළිගැනීමක් නොමැති පුද්ගලයෙකු‘ ලෙස නම් කරන බවත්, එයට පෙර වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සෘජුවම සිද්ධියට මැදිහත් වන්නේ ඉන් පසුව ය.
බ්‍රිතාන්‍ය දමිල ජාතිකයන් අධිකරණයට යනු ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය දමිල ජාතිකයන් මේ සිද්ධිය පාදක කරගෙන අධිකරණමය සමාලෝචනයක් ලබාගැනීමට ද කටයුතු කරමින් සිටිති. අදාළ තාක්ෂණික ගැටළු නිරාකරණය කරගෙන මොහුව අත්ඩංගුවට ගත යුත්තේ කෙසේදැයි මේ වන විට නීතීඥ කණ්ඩායම් සාකච්ඡා කරමින් සිටිති.
ඇයි, යහපාලනයෙදිත් මෙහෙම වුණේ..?
ජාත්‍යන්තරය ඉදිරියේ නොමැකෙන කැළලක් එක් කළ මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සඳහන් කළ යුතු වැදගත් කාරණයක් ඇත. මොළය කළඳක්වත් නැති, කිසිදු රණවිරු කමක් නැතිවත් රණවිරු මාන්නයෙන් හිස උදුම්මවාගත් මේ නිලධාරියා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත පත් කර එවන්නේ යහපාලන ආණ්ඩුවයි. යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පාක්ෂික ප්‍රබලයන්ට පන්දම් ඇල්ලීම හරහා මෙසේ ලන්ඩනයට පැමිණ තිබෙන්නේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නොමැති, අමාත්‍ය ආරක්ෂක උපදේශක වැනි භාරදූර තනතුරකට කිසිදු සුදුසුකමක් නොමැති ඔලමොට්ටල පුද්ගලයෙකි. ඒ බව දැන් ඔහු විසින්ම ක්‍රියාවෙන් ඔප්පු කර හමාර ය. මේ සමග අපගේ සිහියට නැගෙන්නේ පෙර පැවති රාජපක්ෂ රෙජීමය සමයේ ලන්ඩනයේ මෙම රාජකාරිය සඳහාම මීට කලින් පැමිණ සිටි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගෞරවනීය නිලධාරීන් ය. මෙම ධුරයේම මීට පෙර වසර තුනකටත් අධික කාලයක් කටයුතු කළ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ සහ එවැනිම කාලයක් ධුරය හෙබවූ මේජර් ප්‍රසන්න සිල්වා වැනි උසස් හමුදා නිලධාරීන් ය. විශේෂයෙන්ම මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ බ්‍රිතානය මහකොමාරිස් කාර්යාලයේ මේ ධුරයේම රාජකාරි කටයුතු සිදු කළේ සක්‍රිය යුද්ධයක් පැවති ඉතා අවදානම් කාල වකවානුවක ය. නමුත් මේ නිලධාරීන් බ්‍රිතාන්‍යෙය් ජීවත් වන දමිල ප්‍රජාව සමග ඉතාම බුද්ධිමත්, පරිණත සහ සුහදශීලී ආකාරයෙන් කටයුතු කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවන තැනට වග බලා ගත්හ.
අද වන විට මේ සිද්ධියත් සමග ලන්ඩන් දමිල ජනතාව මෙම උසස් හමුදා නිලධාරීන්ගේ මතකය නැවත සිහිපත් කරමින් සිටිති. සැබවින්ම රාජපක්ෂ රෙජීමය සමයේ මෙවැනි සිද්ධියක් වාර්තා වූවා නම් එය අරුමයක් නොවන්නේ එම රෙජීමය පුරා වසා පැතිර තිබු සුළු ජාතිකයන් අවමානයෙන් යුතුව හෙළා දැකීම සහ තර්ජනාත්මක බව හේතුවෙනි. නමුත් දැන් මේ සිද්ධිය වාර්තා වන්නේ යහපාලන ආණ්ඩුව පැවතියදී ය. සිදුවිය යුතුව තිබුණේ එහි අනෙක් පැත්ත නොවේද? එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන් දුරදිග නොබලා මෙවැනි මැටි මෝලුන් ජාත්‍යන්තරගත කිරීමේ ප්‍රතිඵලය අඳෝමැයි!
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය
පෙර ලිපි-
නිදහස් දිනය දා ලන්ඩන් නුවර ‘රණවිරුවෙකුගේ තප්පුලෑම“
ලන්ඩන් දමිලයන්ට ‘ගෙළ කපන අභිනය‘ දැක්වූ ‘රණවිරුවා‘ වහාම පිටුවහල් කරන ලකුණු - Update
COMMENTS