නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණය කර අවසන් හෙයින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා මැතිවරණය නියමිත...
නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණය කර අවසන් හෙයින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා මැතිවරණය නියමිත් පරිදි අප්‍රේල් මාසයේදී පැවැත්වීම කටයුතු කරන ලෙසයි තෙන්නකෝන් මහතා අවධාරණය කළේ. ඒ අනුව අප්‍රේල් මාසයේදී නියමිත පරිදි සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් සභාවන්හි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බව හෙතෙම කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා,
"2017 අංක 17 දරණ සංශෝධිත පනත මගින් කොට්ඨාශ සහ සමානුපාතික ක්‍රමය යටතේ 50%-50% අනුපාතනය යටතේ සභිකයින් පත් කර ගැනිමට ඡන්ද ක්‍රමයේ සංශෝධනයක් ඇති කර තිබේ. ඒ සදහා පත් කළ පංච පුද්ගල සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව මාස 4 කින් අවසන් කර පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට බාර දී ඇත.
කාන්තා නියෝජනය ඉදිරියට දමා පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට හොර පාරේ, ව්‍යාවස්ථා විරෝධී සංශෝධනයක් ලෙස එය පාර්ලිමේන්තුවේ පස්සා දොරින් සම්මත කර ගනු ලැබීය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වු කරුණු, ජනමත විචාරණයකින් සම්මත විය යුතු වගන්ති ඒ අනුව පනතට ඇතුලත් විය."
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ගන්නා කුමන උත්සාහයක් වුවත් පරාජය කිරීමට කැෆේ සංවිධානය පෙරමුණ ගන්නා බවයි තෙන්නකෝන් මහතා සඳහන් කළේ .
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS