දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති - අගමැති අදත් උසාවි ඇවිත් නෑ - යළිත් සිතාසි
Homeප්‍රවෘත්ති

ජනපති - අගමැති අදත් උසාවි ඇවිත් නෑ - යළිත් සිතාසි

PropellerAds

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවයක් ඇති බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධි...

ගොවිජන සේවා කොමසාරිස්ට කොරෝනා… ඔහු ප‍්‍රධාන පෙලේ ඇමතිවරයෙක් හමුවෙලා.. නිලධාරීන් විශාල පිරිසක් හුදෙකලා කරති
රතන හිමි විශේෂ තීන්දුවකට සූදානම් - ඥානසාර හිමි එක්ක විශේෂ සාකච්ඡාවක් !
නෙළුම් මල කෙසෙල් කොලේ කරන්න ගිහින් රුපියල් කෝටි තුන්දහස් එකසිය පනස් හතරක පාඩුවක් !
ජනපති - අගමැති අදත් උසාවි ඇවිත් නෑ - යළිත් සිතාසි

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවයක් ඇති බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරණයට බලපෑ හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි දීමට අධිකරණයේ පෙනීසිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යළිත් වරක් අද(26) සිතාසි නිකුත් කළේය.

ලබන ජූලි මස 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස සිතාසි නිකුත් කළේ මීට පෙර නිකුත් කළ සිතාසි වලට අනුව ජනාධිපති හෝ අගමැති අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජකාරිමය හේතුන් මත අද දින අධිකරණය වෙත පැමිණිමට අපහසු බවත් ඔවුන්ට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය.

එහිදී සාක්ෂිකරුවන් දිගින් දිගටම අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා විත්තිකරුට අගතියක් සිදුවන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහුට දිගටම විත්තිකරුවෙකු විය නොහැකි බව ද කියා සිටියේය.

එම නිසා මෙම නඩුව ජුනි මස 24 වන දින නඩුව කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට යළි අධිකරණය වෙත පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති - අගමැති අදත් උසාවි ඇවිත් නෑ - යළිත් සිතාසි
ජනපති - අගමැති අදත් උසාවි ඇවිත් නෑ - යළිත් සිතාසි
http://am.lk/media/k2/items/cache/ee7e7a63e68307a110a303e521edc19f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_729.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_729.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy