දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනමත සමීක්ෂණ කරනවා කියා එජාපයෙන් මිලියන ගණනක් අයකළ අතීක් කාගේ කවුද ?

එජාපය විසින් මිලියන ගණනක් මුදල් ගෙවා මෙම මත විමසුම් සිදුකළ අතර එම කටයුතු මත විමසුම් සිදුකරන සමාගමකට පවරා තිබිණි.    කෙසේ වෙතත් මැතිවරණ ...

ජනමත සමීක්ෂණ කරනවා කියා එජාපයෙන් මිලියන ගණනක් අයකළ අතීක් කාගේ කවුද ?
එජාපය විසින් මිලියන ගණනක් මුදල් ගෙවා මෙම මත විමසුම් සිදුකළ අතර එම කටයුතු මත විමසුම් සිදුකරන සමාගමකට පවරා තිබිණි. 
 
කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට ඇති සැබෑ ජනතා කැමැත්ත අනාවරණය වූ අතර එය සිදු කරන ලද මත විමසුම්වලට සහ සමීක්ෂණවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයකි. මේ වනවිට ආදල සමාගම විසින් සිදුකරන ලද සමීක්ෂණවල සැබෑ තත්වය හෙලි වී ඇති අතර අවසානයේ සිදුවූයේ පක්ෂය සතු රුපියල් මිලියන ගණනක් අපතේ යාමයි.
 
අතීක්ගේ Pepper Cube
 
එජාපයට ජයග්‍රහණය හිමිවන බවට අනාවැකි කිවූ සියලු සමීක්ෂණ සිදුකරන ලද්දේ පෙපර් කියුබ් (Pepper Cube) නමැති සමාගමක් විසිනි. අදාල සමාගම අතීක් නමැති පුද්ගලයෙකුට අයත් සමාගමක් වන අතර ඔහු නියෝජ්‍ය අමත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සමීප හිතවතෙකු බවයි වාර්තා වන්නේ. හර්ෂ ද සිල්වා මහතාට අයත් එක් ව්‍යාපාරයක, අතීන් නමැත්තා 10% ක කොටස් හිමියෙකු වන අතර එ් අනුව ඔවුන් දෙදෙනා ව්‍යාපාරික හිතවතුන් ද වේ.
 
අතීක් නමැත්තා පක්ෂය සතු අරමුදල් මිලියන ගණනක් ලබා ගනිමින් ඇස්බැන්දුමක් නිර්මාණය කර ඇති අතර අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු බලය තිබියදී පවා ගමේ ඡන්දයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේපවීමට එජාපයට සිදුවීමයි.
 
පෙපර් කියුබ් සමාගම විසින් සිදුකළ ඇතැම් සමීක්ෂණ සඳහා පක්ෂය විසින් රුපියල් මිලියන 05 කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා ඇති අතර මෙම සියලු කටයුතු සිදුව ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණය හරහාය.
 
දැන්වීම් සඳහා මිලියන ගණනක්
 
මැතිවරණය හා සම්බන්ධ ප්‍රචාරක කටයුතු ද කිසිදු ප්‍රගතියක් හෝ ඵලදායීතාවයක් අත්පත් කරගැනීමට අසමත් වූ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් රුපියල් මිලියන ගණන් මුදල් වැයකර පුවත්පත්වල දැන්වීම් පළකළද ඒ සඳහා වැය කළ මුදලට සාපේක්ෂව කිසිදු ප්‍රතිඵලයක් පක්ෂයට ලැබී නොමැති බවයි සාකච්ඡා වී තිබෙන්නේ. මෙම කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ හර්ෂ ද සිල්වා මහතා සහ ඉරාන් වික්‍රමරත්න මහතාය. මේ සඳහා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගේ හිතවතුන් දෙදෙනෙකු වන සුභාෂ් පින්නපොල සහ හර්ෂ රාජමන්ත්‍රී යන පුද්ගලයන් මැදිහත් වී ඇති අතර ඔවුන් දෙදෙනාට මෙන්ම හර්ෂ සහ ඉරාන් මන්ත්‍රීවරුන්ට ද පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
 
මාධ්‍ය කෙරුවාව
 
මේ අතර මැතිවරණ සමයේදී පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු පිළිබඳව ද දැඩි විවේචන එල්ලවෙමින් තිබේ. මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු භාරව සිටියේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ගයිරුක පේරුසිංහ මහතායි. කෙසේ වෙතත් ඔහුට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී නොමැති බව වාර්තා වන අතර ඔහුට සිරිකොත පක්ෂ මූලස්ථානයේ කාර්යාලයක් තබා මේසයක් පුටුවක් හෝ ලබාදීමට කටයුතු කර නොමැත.
 
මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සම්බන්ධීකරණය අතින් පසුවූයේ කුඩා පක්ෂවලටත් වඩා පසුපසිනි. ගැටලුව වන්නේ මාධ්‍ය කටුයතු සඳහා විවිධ නිළධාරීන් පත්කොට රුපියල් මිලියන ගණනින් වියදම් කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත්කර ගැනීමට නොහැකි වීමයි. එවැති තත්වයක් යටතේ අතිශය තරගකාරී මැතිවරණයකට මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරාජයෙන් පසුව හෝ සිතා බැලිය යුතුය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමත සමීක්ෂණ කරනවා කියා එජාපයෙන් මිලියන ගණනක් අයකළ අතීක් කාගේ කවුද ?
ජනමත සමීක්ෂණ කරනවා කියා එජාපයෙන් මිලියන ගණනක් අයකළ අතීක් කාගේ කවුද ?
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/fe9e2eebb32a2ee5e70c4f7b62e6a8cc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_702.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_702.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy