දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පරිසරයට ආදරය කරන්නේ නම් ‘නැවත නැවතත් පාවිච්චි කළ හැකි‘ සනීපාරක්ෂක තුවාවලට යොමු වන්න!

 කාන්තාවන්ට වාණිජ සනීපාරක්ෂක තුවා වෙනුවට ‘රී යූසබල්‘ හෙවත් නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවා පාවිච්චියට යොමු වන්නේ නම් එයින් ඇ...

පරිසරයට ආදරය කරන්නේ නම් ‘නැවත නැවතත් පාවිච්චි කළ හැකි‘ සනීපාරක්ෂක තුවාවලට යොමු වන්න!

 කාන්තාවන්ට වාණිජ සනීපාරක්ෂක තුවා වෙනුවට ‘රී යූසබල්‘ හෙවත් නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවා පාවිච්චියට යොමු වන්නේ නම් එයින් ඇතිවන වාසි අති මහත් ය.

එහි තිබෙන දැවැන්තම වාසිවලින් එකක් වන්නේ ඒවා අතිශයින්ම පරිසර හිතකාමී වීමයි. කෙසේ වෙතත්, ඒ කතාව වටහා ගන්නට නම්, අප මුලින්ම කළ යුතුව තිබෙන්නේ වාණිජ හෙවත් වරක් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා වලින් දැනටමත් සිදුවී තිබෙන සහ සිදුවෙමින් පවතින පරිසර හානියේ තරම අවබෝධ කර ගත යුතුය. ඒ සඳහා සියල්ලටම පෙර, වාණිජ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන ක්‍රමවේදය සලකා බලමු.

ඒවා නිෂ්පාදනය කරනු ලබන්නේ රසායනික ව ප්‍රොටෝකෙමිකස්ල් යනුවෙන් හඳුන්වන අමුද්‍රව්‍යයන් ය. තවද මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිසිලන ක්‍රියාව සිදුකිරීම සඳහා විශාල වශයෙන් ජලය ද උවමනා කෙරේ. උතුරු ඇමරිකානු වාණිජ සනීපාරක්ෂක තුවා වෙළඳපොළ උදාහරණයක් වශයෙන් ගනිමු. ඔවුන් පෑඩ් හෙවත් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේදී ‘බයිස්ෆීනෝල් A‘ නමැති රසායනික ද්‍රව්‍යයක් යොදා ගනියි. මෙය ජලජ පරිසර පද්ධතිවලට අති දැවැන්ත හානියක් සිදුකරන රසායනිකයක් වශයෙන් ලොව ප්‍රකට ය.

Photo Source: The News Minute

වරක් පාවිච්චි කර ඉවත දමන පෑඩ් නිෂ්පාදනයේදී ඩයොක්සින් ද භාවිතා කරයි. මෙය, අති දැවැන්ත පරිසර දූෂකයකි. සනීපාරක්ෂක තුවාවල සුදු පැහැය ලබාගැනීමට, එනම් විරංජනය කිරීමට යොදාගනු ලබන්නේ මෙම රසායනික ද්‍රව්‍යයයි. ඩයොක්සින, මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල කරන බව පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී ඇත.

 මේ සියල්ලටමත් වඩා අපේ පරිසරයට අතිශයින්ම දැනෙන හානියක් වන්නේ, සමාගම් විසින් මිලියන ගණනින් නිපදවනු ලබන මෙම වරක් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා, පරිසර හිතකාමී අයුරින් බැහැර කළ හැකි ක්‍රමයක් නොතිබීමයි. නොඑසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර නොකිරීමයි. වසරකට ලෝකයේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන ඉල්ලුම ටොන් බිලියන ගණනකි. මෙම ටොන් බිලියන ගණනම, අවසානයේ කිළිටි සහ විෂබීජ සහිත අපද්‍රව්‍ය කඳු හෙවත් කුණු කඳු වශයෙන් මේ පොළොව මත කොතැනක හෝ ගොඩ ගැසෙන බව ඔබ සිතුවාද?

 තවද මෙම පෑඩ් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් වශයෙන් අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් යොදා ගනියි. අවසානයේ ප්ලාස්ටික් සහිත මෙම අපද්‍රව්‍ය නතර වන්නේ මහ පොළොව මත සහ ජල ධාරාවන් තුළ ය. ඉතාම මෑතකදී උතුරු ඇමරිකානු රටවල් ඇසුරෙන් කළ පර්යේෂණයකින් හෙළි වූයේ එක් වසරකට, ඉවත ලන සනීපාරක්ෂක තුවා බිලියන 20 ක් මේ මිහිතලය මතට එක් වන බවයි. ඒවායේ තිබෙන දිරාපත් නොවන අමුද්‍රව්‍ය මුළුමනින්ම පරිසරයෙන් ඉවත් වී යාම පිණිස අඩුම වශයෙන් වසර සිය ගණනක් ගත වේ.

පාරිසරික විපතක තරම. Source – Green Living

මෙයට සාපේක්ෂව නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවාවල තත්වය විමසා බලමු. ඒවා නිෂ්පාදනයේදී ප්ලාස්ටික් අංශුවක්වත් භාවිතා කරන්නේ නැත. වාණිජ පෑඩ් නිෂ්පාදනයට සාපේක්ෂව බලන විට ඒවායේ අන්තර්ගත වන්නේ අවම රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයකි. එනිසා ඉතා සරල ලෙසම ඒවායින් සිදුවන පරිසර හානිය ඉතාම අවම ය. එනිසා කාන්තාවන් හැමවිටම නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවා භාවිතයට යොමුවීම, පරිසරයට ආදරය කිරීමක්ම වේ.

වර්තමානය වන විට දිරාපත් නොවන සහ විශේෂයෙන්ම ප්ලාස්ටික් අංශු හේතුවෙන් සාගරය දූෂණය වන පරිමාණය පිළිබඳ ඔබට යම් අවබෝධයක් හෝ තිබේ නම් මේ කාරණයේ බැරෑරුම් කම ඔබට හොඳින්ම අවබෝධ වනවා ඇත. පරිසරයට මෙවැනි දේ එක් කිරීම තුළින් මිනිසා සිදුකරගන්නේ අනාගත ලෝකය මුහුණ දෙන ලොකුම විපත්තිය වශයෙන් හැඳින්වෙන දේශගුණික වෙනස්කම් වේගවත් කිරීමයි. වරක් චාල්ස් කුමරු පවසා තිබෙන්නේ අපේ ලෝකයේ දැන් පවතින ප්ලාස්ටික් දූෂණය නතර කිරීම, අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ලෙස ය. දේශගුණික විපර්යාස කියා දෙයක් මේ ලෝකයේ නැතැයි තවමත් සිතන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ලෝක නායකයන්ට ද ආදර්ශයක් දෙමින් මහා බ්‍රිතාන්‍යෙය් චාල්ස් කුමරු මෙසේ පැවසුවේය.

‘‘දේශගුණික වෙනස්වීම් සහ මිහිතලය උණුසුම් වීම් සම්බන්ධයෙන් අපට පියවර ගත නොහැකි නම්, අප තාර්කික සහ සංවේදනයෙන් යුත් ශිෂ්ටාචාරයක කොටසක් යැයි තවදුරටත් සැලකිය නොහැක.“

‘‘අපේ සාගර‘‘  නමැති ලෝක සමුදුරු සම්මේලනයේදී යුරෝපා කොමිසමේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ නියෝජිත ෆෙඩ්‍රිකා මෝගරිනී මෙසේ පැවසුවාය. ‘‘සාගරය ලෝක ගෝලය පුරාම පැතිර පවතින්නකි. එය නිධානයක් සේ සුරැකීමටත් එය තර්ජනයක් බවට පත් කර නොගැනීමටත් අප සැමට වගකීමක් තිබේ. යුරෝපා සංගමය විශ්වාස කරන්නේ ගෝලීයකරණය වූ ලෝකයකට වඩාත් සහයෝගී වූ ගෝලීය ආණ්ඩුකරණයක් අවශ්‍ය බවයි. සහයෝගී සාගර ආණ්ඩුකරණයකින් තොර වූ ගෝලීය ආණ්ඩුකරණයක් ගැන සිතීම පවා කළ නොහැකි දෙයකි.‘‘

ප්ලාස්ටික් සාගරය සමග ප්‍රතික්‍රියා කිරීම නමැති අවලස්සන යථාර්ථය - The Hague Institute for Global Justice.

 අපේ සාගරවල ජීවත් වන මනරම් දැවැන්තයන් වන තල්මස්සු, දිනකට ප්ලාස්ටික් කැබලි සිය ගණනක් ගිල දමති. උන්ට එසේ කරන්නට සිදු ව තිබේ. පර්යේෂිකා එලිට්සා ජර්මොනව් මෙසේ කියයි.

‘‘මෙම ප්ලාස්ටික් විෂද්‍රව්‍යවලට නිරාවරණය වීම මේ සාගර ජීවීන්ගේ සෞඛ්‍යය වෙත එල්ල වන බරපතළ තර්ජනයක් වන්නේ එමගින් උන්ගේ ශරීරවල හෝමෝන විකෘතිතා ඇති වී, එයින් ශරීර වර්ධනය, පරිවෘත්තිය සහ ප්‍රජනන ක්‍රියාවලීන් විකෘතිතා සහ තවත් එවැනි දේ සිදුවිය හැකි නිසා ය.

මෙයින් පෙනී යන්නේ ලෝකයේ පරිසර පද්ධතිවලට ප්ලාස්ටික් බැහැර කිරීම මගින් සත්වයන්ගේ නිකේතන වැනසීම පමණක් නොව උන්ගේ යහපැවැත්මට ද දරුණු තර්ජනයක් එල්ල වන බවයි.

ලෝ ප්‍රකට සයන්ස් මැගසින් (Science Magazine) හි සඳහන් වන්නේ පිළියම් නොකළ හෙවත් ‘වර්ජින් ප්ලාස්ටික්‘ බිලියන 8.3 ක් මේ වන විට මිනිසා විසින් පරිසරයට අපද්‍රව්‍ය වශයෙන් එක් කර ඇති බවයි. වසර 2050 වන විට මෙම ප්‍රමාණය ටොන් බිලියන 12 දක්වා ඉහළ නැංවෙනු ඇත. එයින් පැන නගින ප්‍රශ්නය වන්නේ මෙයයි. අපට කළ හැකි දේ කුමක්ද? මේ ලිපියට අදාළ ව වඩාත් නිවැරදිව මෙම ප්‍රශ්නය නගන්නේ නම්, පරිසරය මේ උවදුරෙන් රැක ගැනීම සඳහා කාන්තාවන් වශයෙන් ඔබට කළ හැක්කේ කුමක්ද?

එයට සරල පිළිතුරක් තිබේ. ඔබට ඔබේ මට්ටමෙන් කළ හැකි දෙයක් නම්, නැවත නැවතත් පාවිච්චි කළ හැකි පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්න. එය හිතකර වන්නේ පරිසරයට පමණක් නොවේ. කාන්තාවන්ට ද විශාල සෞඛ්‍යමය වාසි ගණනාවක් මෙයින් ලැබෙනු ඇත. උදාහරණක් වශයෙන්, පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන්නේ වාණිජ හෙවත් වෙළඳපොළේ අද තිබෙන වරක් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා භාවිතය හේතුවෙන් ඔවුන්ට පිළිකා අවදානමක් ඇති වන බවයි. මෙසේ වන්නේ ඒවා නිෂ්පාදනයේදී යොදාගන්නා විවිධ රසායන ද්‍රව්‍ය නිසා ය.

මේ සියලු හේතු සලකා බැලූ විට (පාරිසරික සහ සෞඛ්‍යමය කාරණා) නිගමනයක් වශයෙන් කිව හැක්කේ කාන්තාවන් පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවාවලට යොමු වීම අතිශය වාසිසහගත බවයි. ෴

 පරිවර්තනය - අමාලි ජයවීර

මූලාශ්‍ර
https://www.theguardian.com/environment/2017/oct/05/supreme-wake-up-call-prince-charles-makes-threat-to-oceans-a-priority

http://www.bbc.co.uk/news/science-environment-42920383

https://rathofeve.wordpress.com/using-disposable-menstrual-products-what-are-the-environmental-impacts/

https://www.treehugger.com/health/reasons-why-you-should-switch-to-reusable-menstrual-products.html

අවුට් බවුන්ඩ් ටුඩේ outboundtoday.com

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරිසරයට ආදරය කරන්නේ නම් ‘නැවත නැවතත් පාවිච්චි කළ හැකි‘ සනීපාරක්ෂක තුවාවලට යොමු වන්න!
පරිසරයට ආදරය කරන්නේ නම් ‘නැවත නැවතත් පාවිච්චි කළ හැකි‘ සනීපාරක්ෂක තුවාවලට යොමු වන්න!
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/ac24ba0b0ab403bf9804fb0fb8492b0a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_681.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_681.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy