තමාට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කිරීමට උත්සාහ කරන යහපාලන රජය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළු 150කට එරෙහිව තිබූ රතු නිවේදන ඉවත් ක...
තමාට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කිරීමට උත්සාහ කරන යහපාලන රජය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළු 150කට එරෙහිව තිබූ රතු නිවේදන ඉවත් කරගෙන ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම නීතියේ ආධිපත්‍ය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ පොලිසිය නීතිය නැමීම ගැන කණගාටු වන බව ද එහි දැක්වෙයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව දෙවැනි වරටත් කළ ඉල්ලීමට අනුව ඉන්ටර්පෝල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇති නමුත් රාජ්‍යත්‍රාන්තික නිලධාරියකු වන තමාට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට යහපාලන රජයේ නිලධාරීන් මේ දිනවල අලුත්ම උත්සාහයක නිරත වී සිටින බව දන්නා බව ද එහි සඳහන් කර තිබේ.
එසේම මිග් යානා ගනුදෙනුව පිළිබදව ද මෙහිදී ඔහු පැහැදිලි කිරීමක් කර ඇත.
COMMENTS