දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?
Homeදේශපාලන

අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?

PropellerAds

ජනාධිපති සිරිසේන විශ්වාස කරන්නේ දුරකතන ඇමතුම් දීමෙන් කරන්නා වූ බලපෑම් පමණයි අධිකරණයට නොකළ යුත්තේ කියලා. මොකද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිස...

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි
එජාප නායකත්වය භාර ගැනීමට අර්ජුන සූදානම්
රාජ්‍ය ඇමැතිවරුන් 13කගෙන් ඉල්ලීමක්
අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?

ජනාධිපති සිරිසේන විශ්වාස කරන්නේ දුරකතන ඇමතුම් දීමෙන් කරන්නා වූ බලපෑම් පමණයි අධිකරණයට නොකළ යුත්තේ කියලා. මොකද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එයින් අස් කළේ ජනාධිපතිවරයා. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ. "රණවිරුවන් උසාවි ගානේ දක්කනවා." ඒක තමයි ජනාධිපතිවරයාගෙන් අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එල්ල වූ චෝදනාව. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ තිබූ නඩුවක් සඳහා අධිකරණයට කැඳවීම​.

මේ තමයි රාජපක්‍ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස​.

ඒක තමයි "වෙනස සැපද?" කියලා සමහරු අහන්නේ .

මේ අතර ජනාධිපතිවරයා පසුගිය සතියක මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා සාකච්ඡාවක් කළා. එහිදී ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා වලට අධිකරණ තීන්දු නොගැනීම පිළිබඳවත් සාකච්ඡා වී තිබෙනවා. ඒත් මේ සාකච්ඡා පිළිබඳව කිසිවක් මාධ්‍ය හෙළිදරව් කළේ නම් නැහැ. ඒ ජනාධිපති මැදුරේ නියෝගයක් නිසාද, නැතිනම් ස්වංවාරණයක් නිසාද කියලා දන්නේ නැහැ. ඒත් මේ පිළිබඳව හෙළිදරව්වක් J D S වෙබ් අඩවියේ තියෙනවා.

“නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔක්කොම ෆයිල් ආවා පොලිස්පති තුමාට නඩු පවරන්න. ඒ අතරේ හොඳ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිප දෙනෙක් බලලා, ඒ අයට නැවත බලන්න දෙන්න මේ නඩු ප්‍රතිපල දායකද අහක යනවද, මේවයේ මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා එහෙම නැතිනම් අහක යන නඩු නම් දාන්න එපා කියලා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේය". හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.

මේ තමයි රාජපක්‍ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස​.

ඒක තමයි "වෙනස සැපද?" කියලා සමහරු අහන්නේ .

අශුද්ධ සන්ධානය

ජනාධිපතිවරයා මෙසේ මාධ්‍ය ප්‍රධානීන්ට පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් දී ඇති තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වැළක්වීමට​. චූදිතයන්ට නඩු පවරන ලෙස නීතිපතිවරයා ලිපි ගොනු භාර දී ඇත්තේ පොලිස්පතිවරයාට​. පොලිස්පතිවරයා ලිපිගොනු රැගෙන ගොස් නඩු පැවැරීම පිළිබඳව අවසර ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාගෙන්. පොලිස්පතිවරයා නීතිය නවනවා යැයි මහින්ද ගේ ඒකාබද්ධය මේ සඳහා කෑ ගසන්නේ නෑ. ජනාධිපති හා ගෝඨා අතර මේ අශුද්ධ සංධාන වසා තිබෙන්නේ හොරු අල්ලන ඝෝෂාවෙන්. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ .

මේ තමයි රාජපක්‍ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස​.

ඒක තමයි "වෙනස සැපද?" කියලා සමහරු අහන්නේ.

 

මේ අතර ජනාධිපතිවරයා ගේ හොඳම ගෝලයෙක් වන බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය හෙවත් "අට ශ්‍රී" ("අට ශ්‍රී "යනුවෙන් හඳුන්වන්නේ ජනවාරි අටට පසු වාසි තකා ආණ්ඩුවට එක් වූවන්) මෙයට සමගාමී රහසක් හෙළි කළා.

"..ගෝඨාභය රාජපක්‍ෂ අතඩංගුවට ගැනීමේ සූදානමක් තිබුනා. ඡන්ද කාලයේ ඔහුව අතඩංගුවට ගත්තොත් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්වෙනවා. ඒක නිසා ජනාධිපතිතුමා ගෝඨාභයව ඇමෙරිකාවට යැව්වා, " කියලා.

ඉසුර ගේ මේ ප්‍රකාශය බොහෝ දෙනෙක් නොසලකා හැරියා. මොකද ජැක්සන් ඇන්තනීගෙ "ධර්ම යුද්දේ" චිත්‍රපටියේ පොලිස් රාළහාමි වගේ තමයි ඉසුරත්. ඉඳලා හිටලා තමයි ඇත්තක් කියන්නේ. ඒකත් තමන් ගේ මොකක් හෝ ඇරියස් එකක් පියවා ගන්න​. ඒත් ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඉදිරියේ කියපු කතාවයි ඉසුර ගේ හෙළිදරව්වයි තකට තක ගැලපෙනවා. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.

මේ තමයි රාජපක්‍ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස​.

ඒක තමයි "වෙනස සැපද?" කියලා සමහරු අහන්නේ .

ජනාධිපති ගේ මේ නියෝග පිළිපැදීම දැඩි විවේචනයට ලක් කරමින් මානව හිමිකම් නීතිඥ කුමාරගේ J D S වෙබ් පුවත්පතට මෙසේ කියා තිබුනා ."...ජනාධිපතිගේ නියෝගය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ස්වාධීන ලෙස පරීක්‍ෂණ පවත්වාගෙන යාම දේශපාලන බලය යොදවා අවහිර කිරීමේ අවශ්‍යතාවක් රටේ පාලකයන්ට ඇති බවයි. නීතිපති කියන්නේ ආණ්ඩුවේ නෙමෙයි, රජයේ නඩු පවරන්නා. අපරාධ නඩු පැවරීම ගැන සම්පූර්ණ බලතල තියෙන්නේ නීතිපතිවරයාට. පොලිස්පතිවරයා කොහොමද යම් නඩු පැවරුමක් ගැන නීතිපති දෙන නිර්දේශයක් හරි නියෝගයක් හරි තියෙන ලිපි ගොනුවක් ජනාධිපතිවරයට යොමු කරන්නේ. නඩු පවරන බලධාරියා ජනාධිපති නෙමෙයි. ලිපිගොනු ජනාධිපතිවරයාට දීමෙන් පොලිස්පති පූජිත ජයසුන්දර විසින්ද කර ඇත්තේ වැරද්දක් ..."යනුවෙනි.

මානව හිමිකම් නීතිඥ චඳ්‍රපාල කුමාරගේ නිතියේ පාලනය කියන්නේ මොකක්දැයි එලෙස පැහැදිළි කළත් මේ තමයි රාජපක්‍ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස​. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.

ඒක තමයි "වෙනස සැපද?" කියලා සමහරු අහන්නේ .

කළු ජනවාරිය

මේ ලිපිය ලියන ජනවාරි 30 කියන්නේ මරා දැමූ මාධ්‍ය සගයන් සිහිපත් කරන "කළු ජනවාරි" දිනය. කළු ජනවාරිය ආරම්භ කළේ මහින්ද රෙජීමය යටතේ. පළමු සැමරුම දවසේ ආණ්ඩුවේ මැරයන් අරක්කු බිබී, පොලු අරගෙන අපට පහර දෙන්න සූදානමින් හිටියේ පොලිස් ආරක්‍ෂාවත් ඇතිව​. ඒ මැර කණ්ඩායමට නායකත්වය දුන්නේ වාසුගේ පක්‍ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් වූ මහින්දරත්න කහඳගම​. මහින්දරත්න කහඳගම අදත් බොහොම යහතින් කොළඹ නගරයේ සැරි සරනවා. මරා දැමූ මාධ්‍යවේදීන්ට යුක්තිය සාධාරණය ඉල්ලා යහපාලනය යටතේත් දැන් වසර තුනක් සැමරුම් පවත්වනවා. හැබැයි තාම මැරයො ආවෙ නෑ. වෙනස එපමණයි.

උතුරේත් දකුණේත් සිදුකළ සියලු මිනිස් ඝාතන, පහර දීම්, පැහැර ගෙන යෑම්, අතුරුදහන් කිරීම්, දේපල විනාශ කිරීම් දේශපාලන තීන්දු. මේවා සිදු වුනේ ආරක්‍ෂක අංශ වලින්. එවකට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ​. ඉතින් ඔහු සම්බන්ධව හා ආරක්‍ෂක අංශ පිළිබඳව ජනාධිපති සිරිසේනගේ ස්ථාවරය මෙලෙස නම් යුක්තිය, සාධාරණය ඉටු කරවා ගැනීම මායාවක් මිරිඟුවක් පමණයි.

මේ තමයි රාජපක්‍ෂ රෙජීමය අධිකරණයට කළ බලපෑම් හා ජනාධිපති සිරිසේන අධිකරණයට කරන්නා වූ බලපෑම් අතර තිබෙන වෙනස​. හැබැයි ටෙලිෆෝන් කෝල් දුන්නේ නෑ.

ඒ නිසා තමයි "වෙනස සැපද?" කියලා මහින්ද රෙජීමය අහන්නේ.

ඥානසිරි කොත්තිගොඩ​

පුවත් නොදැන බමන ගතින් ඉතිහාසය සිරිසේනගත වීම

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?
අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/153a66e3c429d442e7716fd61065c172_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy