රජයේ විශ්‍රමික හෙද නිළධාරිනියක වශයෙන් තමාට රජයේ විශ්‍රාම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ විශ්‍රාමික හැඳුනුම්පත ගාල්ල දිස්ත්‍රික්කයේ අංක 12...
රජයේ විශ්‍රමික හෙද නිළධාරිනියක වශයෙන් තමාට රජයේ විශ්‍රාම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ විශ්‍රාමික හැඳුනුම්පත ගාල්ල දිස්ත්‍රික්කයේ අංක 12 බලපිටිය සුමනාරාමයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන බාර නිළධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පතෙහි පිටුපස රාජ්‍ය විශ්‍රාම සේවා හැඳුනුම්පත ඡන්දය දීම සඳහා වලංගු අනන්‍යතා ලේඛනයක් ලෙස සඳහන් කර තිබියදී පවා මෙම ඡන්ද මධ්‍යස්ථාන නිළධාරියාගේ වගකීම් විරහිත බව හා නොසැළකිල්ල නිසා තමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වූ බව ඇය පවසයි. තමාගේ විශ්‍රාමික හැඳුනුම් පතෙහි පිටුපස පෞද්ගලික බැංකුවක වීසා කාඩ් පතක් ලෙස සකසා ඇති නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව ඇය පැවසුවාය.
මෑතකදී විශ්‍රාම ගත් සියලුම දෙනා සඳහා රාජ්‍ය විශ්‍රාමික දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද සෑම නිල විශ්‍රාමික හැදුනුම් පතක්ම මෙලෙස සකසා ඇති බව කියා සිටින ඇය මේ සම්බන්ධයෙන් ගාල්ල මැතිවරණ කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව තමාට නැවත ඡන්දය දැමීමට යාමට උපදෙස් දුන් නමුත් කාල වේලාව අහිමි වීම නිසා ඒ අවස්ථාව මගහැරුන බවද ප්‍රකාශ කළාය. කෙසේවෙතත් ඡන්ද මධ්‍යස්ථාන නිළධාරියාට තමා ඡන්දය දීම සඳහා ගිය අවස්ථාවේ ගාල්ල තේරීම් බාර නිළධාරියාගෙන් මෙම හැදුනුම්පත ගැන විමසා තමාට සාධාරණයක් ඉටු කිරීමට ඉඩ ප්‍රස්ථාව පැවතුනද ඔහු ඒ මොහොතෙහි වැඩ අධික බව පවසමින් එය මගහැරීම නිසා තමන්ට අසාධාරණයක් සිදු වූ බව ඇය තවදුරටත් පවසන්නීය.
කීර්ති ලොකුලියන - ගාල්ල
COMMENTS