මෙම ගනුදෙනුවේ පළමු පියවර ලෙස ජනයුගය පුවත්පතට අයත් මුද්‍රණාලය පළමුව මිලදී ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. විශාල මුදලක් ආයෝජනය කරමින් ජන...
මෙම ගනුදෙනුවේ පළමු පියවර ලෙස ජනයුගය පුවත්පතට අයත් මුද්‍රණාලය පළමුව මිලදී ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
විශාල මුදලක් ආයෝජනය කරමින් ජනයුගය පුවත්පත ආරම්භ කළ අතර ඒ සඳහා අලුතෙන්ම මුද්‍රණාලයක් ද ස්ථාපිත කෙරිණි. පුවත්පත් ක්ෂේත්‍රයේ සිටි මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉහළ වැටුපකට ජනයුගය පුවත්පතට සම්බන්ධ කරගැනීමට ද අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළේය.
අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාවලින් ආවරණයක් ලබාගැනීම සඳහා පුවත්පත ආරම්භ කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලබාගැනීමට ඔහු අසමත් වූ අතර පසුව ඔහු සිය ව්‍යාපාරික හිතවතුන් පිරිසක් සමග කියා සිටියේ තමන් රැවටීමට ලක්ව ඇති බවයි. පුවත්පත හා සම්බන්ධ වූ ඉහළ කළමනාකාරීත්වය ඇලෝසියස් මහතාට අයත් මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් පුවත්පත නඩත්තු කළද ඔහුට එල්ල වූ චෝදනාවලින් ඔහුව ආරක්ෂා කිරීමට අසමත් විය.
ඇලෝසියස් මහතාට අයත් ව්‍යාපාර 28 හි බැංකු ගිණුම් අත්හිටුවීමට බැංකු මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කිරීමත් සමගින් පුවත්පත වැසීගිය අතර මේ වනවිට එහි සියලු කටයුතු අත්හිටුවා තිබේ.
දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර මෙරට ප්‍රමුඛතම වෙළඳ ප්‍රචාරණ ආයතනයක් වන ට්‍රයි ඇඩ් ආයතනයේ හිමිකරු ද වේ.
UN
COMMENTS