දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උදයංග ගේන්න ගිය නිලධාරින් යලිත්, හිස් අතින් එයි.

යුක්රේනියාවෙන් මිලදීගත් ගුවන් යානා ගනුදෙනුව පිළිබඳ චෝදනා ලබා සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ර...


යුක්රේනියාවෙන් මිලදීගත් ගුවන් යානා ගනුදෙනුව පිළිබඳ චෝදනා ලබා සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් සහිතව ඩුබායි බලා පිටත්ව ගිය නිලධාරීන් නැවත හිස් අතින් පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරු අනුව පසුගිය පෙබරවාරි 20 වන දා උදයාංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් සහිතව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ හා පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී.කේ.ඩී.ප්‍රියන්ත ඇතුඵ පිරිසකි.

නමුත් ඔවුන් එම කටයුත්ත අසාර්ථකවීම නිසා නැවත හිස් අතින් ඊයේ (22) රාත්‍රියේ ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් ලංකාවට බලා පිටත්ව ඇත.

ඩුබායි නිලධාරීන් හමුවීම ප්‍රතික්ෂේප කරලා

ඒ ඩුබායි බලා ගිය මෙම නිලධාරීන් ඩුබායිහි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අබුඩාබි ඉන්ටර්පෝල් ආයතනයේ ඉහල නිලධාරීන් හමුවීමට උත්සාහ කර ඇති නමුත් ඒ කිසිඳු නිලධාරියෙක් හමුවීමට නොහැකිවී ඇති නිසාය.

එහිදී ඩුබායි නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නිලධාරීන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් දැනුම්දී ඇත්තේ දෙරටේ නිලධාරීන් හමුවීමට පළමුව චෝදනා ලබා ඇති පාර්ශවයට රතු නිවේදනයක්‌ නිකුත් කර ඇති බව ප්‍රංශයේ ඉන්ටර්පෝල් ප්‍රධාන කාර්යාලය හරහා අබුඩාබි ඉන්ටර්පෝල් ආයතනයට දැන්වීමට කටයුතු කළ යුතු බවත් එවැනි රතු නිවේදනයක්‌ එමීර් රාජ්‍යයට ලැබී නොමැති බවත්ය.

තානාපති කාර්යාලයත් අවවාද කරලා

කෙසේ වුවත් තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඉන්ටර්පෝල් ආයතනයේ රතු වරෙන්තුවක් සහිතව ශ්‍රී ලංකා නිලධාරීන් ඩුබායි බලා පැමිණියත් එසේ පැමිණ ඇත්තේ රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පුර්ණ කරගැනීමකින් තොරව බවය.

ඒ අනුව එමීර් රාජ්‍යයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නම් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිසි ආයතන වලින් අවසරය ලබා ගන්නා ලෙස තානාපති කාර්යාලයද මෙම නිලධාරීන්ට අවවාද කර ඇති බවද වාර්තා වෙයි.

ජනතා මුදල් නිකරුණේ වියදම් කරලා

මෙසේ රාජකාරියට අවශ්‍ය කටයුතු සම්පුර්ණ කරගැනීමකින් තොරව පැමිණීම හේතුවෙන් මෙවර ඩුබායි බලා පිටත්ව ගිය නිලධාරී එමීර් රාජ්‍යයේ රාජකාරි සංචාරය දින 9 කට අනුමැතිය ලැබී තිබුණු නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කණ්ඩායමට රාජතාන්ත්‍රික මට්ටමින් කිසිදු හමුවීමක් සුදානම් කර නොමැති බවද වාර්තා වෙයි.

මෙම සංචාරය වෙනුවෙන් එක් නිලධාරියෙකුට රුපියල් 710,000 (ඩොලර් 4500)කට ආසන්න මුදලක් ලැබෙන අතර තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රාජකාරි කටයුතු සම්පුර්ණ කර ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකසා ගැනීමකින් තොරව සිදුකරන මෙවැනි කටයුතු ජනතා මුදල් අපතේ යවන තේරුමක් නැති වැඩ බවය.

හිස් අතින් නැවත ඒම සාමාන්‍ය දෙයක් වෙලා

රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව නැවතත් රතු නිවේදනයක්‌ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය විසින් යහපාලන නායකයන්ට ඒත්තු ගැන්වීමට පසු මෙවර මෙම නිලධාරීන් ඩුබායි බලා පිටත්ව ගිය අතර පසුගිය 8 වෙනිදාද ශ්‍රී ලංකා නිලධාරීන් හත්දෙනෙක් ඩුබායි නගරයට ගොස් ආපසු හිස් අතින් පැමිණියේය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා රජය විසින් ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංගව පසුගිය පෙබරවාරි 04 දින ඩුබායි හිදී අඩංගුවට ගනුලැබූ නමුත් පසුව මුදාහරිනු ලැබිණ. ඒ ඔහුට එරෙහිව නිකුත්කර ඇත්තේ රතු නිවේදනයක් නොව නිල් නිවේදනයක් බවට තහවුරු වූ නිසාය.

විමර්ශන සිදුවන ආකාරයත් ප්‍රශ්නකාරී

එසේම ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව 2006 දී ලංකාව යුක්රේනියාවෙන් මිලදීගත් යානා අටම යුද්ධයෙදී භාවිතා වූ අතර තවමත් ගුවන් හමුදාව සතුව ඇත.

තවද ශ්‍රී ලංකා පොලිසිය මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධව විමර්ශන සිදුකරන ආකාරය ගැටළු සහිත බව සඳහන් කරන පාර්ශව පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ගිවිසුමක් නැතැයි ශ්‍රී ලංකා පොලිසිය කියන කතාව පවා පිළිගත නොහැකි බවය.

ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ ගිවිසුමට අදාළව ගුවන් හමුදාව නිකුත්කල "භාවිත කරන්නාගේ සහතිකය"උපයෝගී කර යුක්රේනියානු රජය ගුවන්යානා 8ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බැවින් ගිවිසුම ඒ රටෙහි භාවිතා වී ඇති බව සනාථ වී තිබීමය.

එසේම එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ගේනාධි ස්තුදිනිකින් වෙතින් ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් කිසිදු කටඋත්තරයක් ලබා නොගැනීමද ප්‍රහේලිකාවක් බවය.

අවම වශයෙන් එදා එම ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුව සහ තාක්‌ෂණික ඇගයීම් කමිටුවක් තිබුණු නමුත් එම කමිටු නිලධාරීන්ගෙන් හෝ මෙම විමර්ශන කටයුතු සඳහා පොලිසිය සහයෝගය ලබා නොගැනීමද ගැටළු සහගත බව ඔවුන් පෙන්වා දෙයි.

(News Tube.lk)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදයංග ගේන්න ගිය නිලධාරින් යලිත්, හිස් අතින් එයි.
උදයංග ගේන්න ගිය නිලධාරින් යලිත්, හිස් අතින් එයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaHjKBvWB40hyphenhyphenJkJPcQo7CppAkP80X0-9A9GdfJSlyH_a0lI4lneb13Uyec6fRUfhlWMB8lKAP2Q3u4Jo1EyIKLmmPuvvhhc40QaHeSOs_hTaU_PVLC55LIdNiW9uTQ-wLlcUk9Rw7yp9R/s1600/udayanga-weeratunga-768x510.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaHjKBvWB40hyphenhyphenJkJPcQo7CppAkP80X0-9A9GdfJSlyH_a0lI4lneb13Uyec6fRUfhlWMB8lKAP2Q3u4Jo1EyIKLmmPuvvhhc40QaHeSOs_hTaU_PVLC55LIdNiW9uTQ-wLlcUk9Rw7yp9R/s72-c/udayanga-weeratunga-768x510.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_254.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_254.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy