එහිදී රුපියල් කෝටි දෙකහමාරකට වඩා වැඩි වටිනාකමකින් යුතු වියළන ලද මුහුදු ජීවීන් තොගයක් සමඟ එහි රැඳී සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුව...
එහිදී රුපියල් කෝටි දෙකහමාරකට වඩා වැඩි වටිනාකමකින් යුතු වියළන ලද මුහුදු ජීවීන් තොගයක් සමඟ එහි රැඳී සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිවසේ මුහුදු ජීවීන් ගබඩා කර ඇතැයි යන සැකය මත පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව පොලිසිය එම නිවසට ගිය අවස්ථාවේදී එහි ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු සිට ඇත. පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වූයේ ඉන් දෙදෙනෙකු නේවාසික වීසා ලබා ගෙන ඇති බව සහ අනෙක් පුද්ගලයා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අනුව නිවස පරීක්ෂා කළ අවස්ථාවෙහි නිවස තුළ ගබඩා කර තිබූ පාර්සල් 52 ක් සහ තවත් කුඩා පාර්සලයක් හමුවී තිබේ. ඉන් පාර්සල් 31ක වියළන ලද මුහුදු කූඩෑල්ලන්ද, පාර්සල් 21ක මෝර වරල් කිලෝ 625ක්ද, තවත් කුඩා පාර්සලයක හඳුනාගත නොහැකි වියළන ලද මුහුදු ජීවින් කිලෝ 10ක්ද තිබූ බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කරන්නේ මෙම මුහුදු ජීවීන් වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා එම නිවසේ ගබඩා කර ඇති බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ඉන්දීය ජාතිකයන් තිදෙනා මෙරට රැඳී සිට නීති විරෝධී ලෙස විවිධ වර්ගයේ වියළන ලද මුහුදු ජීවීන් මෙරටට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම ද්‍රව්‍ය දිවයිනේ වෙනත් ප‍්‍රදේශයනට ගෙන යන්නේ ද නැතහොත් නීතිවිරෝධී ක්‍රමයකින් ප‍්‍රති අපනයනය කිරීම සඳහා යොදාගන්නේ දැයි සොයා බැලීම සඳහා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වියළන ලද මුහුදු ජීවීන් ළඟ තබා ගැනීම, ප‍්‍රවාහනය කිරීම සහ අලෙවිය මෙරට ධීවර ආඥා පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල ආරචිචි උපපොලිස් පරීක්ෂක ප‍්‍රසාද් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.
ඕ. ප්‍රනාන්දු - හලාවත
COMMENTS