දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තීරක බලය ජවිපෙ අතට !

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද දැන් ප්‍රශ්න කෙරෙමින් පවතින් අතර අගමැතිධූරය සංශෝධනය වියයුතු බවටද දැන් මතයක් ගොඩනැගෙමින් තිබේ. මේ සිය...

තීරක බලය ජවිපෙ අතට !
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද දැන් ප්‍රශ්න කෙරෙමින් පවතින් අතර අගමැතිධූරය සංශෝධනය වියයුතු බවටද දැන් මතයක් ගොඩනැගෙමින් තිබේ. මේ සියලු කලබැගැනි මැද සමස්තයක් ලෙස අභියෝගයට ලක්ව ඇත්තේ 2015 ජනාවාරි 08 දුෂණයට, භිෂණයට, ඒකාධිපති වියරුවට එරෙහි ජනතාව ලබා දුන් ජනවරමයි. නොබියව ජනතව පෙරමුණට පැමිණ ලබා දුන් එම ජනවරම මෛත්‍රී-රනිල් නිසි ලෙස කළමනාකරණය නොකිරීමේ වරදට දැන් පළාත් පාලන මැතිවරණයෙන් නැවත වරක් ජනතාවම පාඩමක් උගන්වා තිබේ. එකී ප්‍රතිඵලයෙන් යහපාලනය ප්‍රතික්ෂේප කර නොමැති නමුත්  දුන් පොරොන්දු ඉටුනොකිරීමේ වරදට ජනතාව අනතුරු ඇඟවීමක් කර තිබේ. ජනතාවත් කාගේ කාගේත් සෙල්ලම් දැක ඇති නිසා මෙතෙක් කාලයක් දේශපාලන අධිකාරිය දැක්වූ රංගනයන් තවදුරටත් වලංගු නොවන බව ජනතාව විසින්ම ප්‍රකාශයට පත් කර හමාරය. එහෙයින් දැන් නිවැරදිම තීන්දුවට යහපාලනය වෙනුවෙන් දර දිය ඇදි සියලුම දෙනාට වගකීමක් තිබේ. 
 
රාජපක්ෂ අඳුරු ඉතිහාසයට නැවත යෑමට මේ රටේ සාතිශය බහුතරයට නොහැකිය. යහපාලනය බලයට ගෙනාවේ නැවත රාජපක්ෂගේ ඒකාධිපති වියරුවෙන් බැටකෑමට නොවේ. පිපාසිත ජාතිවාදයට ආගම්වාදයට නැවත පණ දීමට නොවේ. එහෙත් නැවතත් අප හමුවේ චලනය වෙමින් ඇත්තේ ඒ රාජපක්ෂ පාලනයේ වියරු හොල්මන්ය. අතුරුදහන් වීම්, පැහැර ගෙන යාම්, ඝාතන, සුදු වෑන් නැවතත් අප වටේ භ්‍රමණය වෙමින් ඇති මොහොතකි. ප්‍රගීත්, ලසන්ත, තාජුඩීන්, ලලිත් -කුගන්, ත්‍රිකුණාමල සිද්ධියේ තරුණයින් 11, ජනක-සිසිත ඇතුළු රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් වූ, ඝාතනය වූ සිංහල දෙමළ සියලු දෙනා දැන් අප වටා භ්‍රමණය වෙමින් ඇති මොහොතකි. එහෙයින් මේ අභියෝගයට දැන් මුහුණ දිය යුත්තේ තනි තනිව නොව. සාමුහිකවය. දැන් එහි දේශපාලන තීරක බලය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ වෙතය. දේශාපලන වෙනස්කම්, එදිරිවාදිකම් පසෙකලා රටත් අනාගතයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැන් පෙරමුණ ගත යුතු මොහොතකි. නැවතත් රාජපක්ෂ වියරුවට රට ගිය හොත් අත්විදින්නට වන විදවීම් කෙළවරක් නොවනු ඇත. නැවත මැතිවරණයකින් හෝ ඒ වැරැද්ද නිවැරදි කර ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. 
 
ඊයේ දින ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමක් තීරණය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණද සමඟ රාජපක්ෂ වියරුවට, ජාති ආගම්වාදී වියරුව, ඒකාධිපති වියරුවට එරෙහි පුළුල් බලවේගයක් ගොඩනැගිය යුතු බවයි. අනුර ප්‍රමුඛ ජවිපෙට දැන් තීරණාත්මක මොහොතක් එළඹ ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. මේ, ජවිපෙ අභියස ඇති ඓතිහාසික මොහොතකැයි අපි විශ්වාස කරන්නෙමු. ඊට වත්මන් යහපාලන ආණ්ඩුව කොන්දේසි විරහිතව එකඟ විය යුතු බව අපිද අවධාරණය කරන්නෙමු. සියලුම මෝඩකම් වලට දැන් හෝ උත්තර දීමට මෛත්‍රී- රනිල් මැදිහත් වියයුතුය. ඒ තනි තනිව නොව රාජපක්ෂ වියරුවට එරෙහි සියලුම බලවේග සමඟ එකට එක්වය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තීරක බලය ජවිපෙ අතට !
තීරක බලය ජවිපෙ අතට !
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/45c6244c2cef8ef091e81e9aa9f70840_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_110.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_110.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy