දිනු නිදහස වඩාත් ශක්තිමත් වන්නේ ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමග ඒකාත්මීයව කටයුතු කිරීමෙනි. ජාතිවාදය වැපි...
දිනු නිදහස වඩාත් ශක්තිමත් වන්නේ ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමග ඒකාත්මීයව කටයුතු කිරීමෙනි. ජාතිවාදය වැපිරීමෙන්, සමගිය නොමැතිවීමෙන් වන්නේ රට තවත් අගාධයට තල්ලුවීමය. මිනිසාට නිදහස, සාමය වාගේම ගෞරවයෙන් ජීවත්වීමට අවශ්‍යයය.
මා එදත් එදත් සිටින්නේ ජාති භේද පසෙක තබා සැමට සාධාරණව ගෞරවනිය ලෙස ජීවත්වීමට අවශ්‍ය රටක් තිබිය යුතුය යන ස්ථාවරයේයි. “අභිමානයෙන් නිදහස සමරමු” මේ අප හැමදාමත්ම කියන දෙයයි. අභිමානය ලගාවන්නේ සමගියෙන් ජාති භේද පසෙක තබා එකම ජාතියක් ලෙස ක්‍රියා කළොත් පමණි. එමෙන්ම සියලු දෙනාටම නොවෙනස්ව සැළකීමෙන් සහ ගෞරවය ලබාදීමෙනි.
නීතිය, සාමය සහ සංහිදියාව සුරකිමින් සංවර්ධනයෙන් රට ඉදිරියට ගෙනයාමේ වගකීම අප වෙත පැවැරී ඇත. සියලු දෙනාම එකම ධජයක් යටතේ ජාති භේද පසෙකලා එකතු වී මනුෂ්‍යකමින් පිරිපුන්ව ජාතියේ අභිමානය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන්නේ නම් එය අපි ලබන්නා වූ සුවිශාල ජයග්‍රහණයකි.
COMMENTS