දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

30% ක් ගත්ත රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත්ත ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියති.

රනිල් ව පාවාදුන් ජුදාස්ලා කවුද? එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හදිසි හමුවක් පැවැත්වීය. එම රැස්වි...

30% ක් ගත්ත රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත්ත ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියති.

රනිල් ව පාවාදුන් ජුදාස්ලා කවුද?

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හදිසි හමුවක් පැවැත්වීය. එම රැස්විම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියා ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් 30% ක් ලබාගත් රනිල් අස්විය යුතු යැයි කියනවා නම් ඊට පෙර, 15% ක් ගත් ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බව ය.

තවද ජනාධිපතිවරයාගේ පූර්ව මැතිවරණ හැසිරීම ද එ.ජා.ප. පා. කණ්ඩායම විසින් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ. “අපි මේව ඉවසගෙන හිටියා මිස ජාතික ආණ්ඩුවේ සමගිය වෙනුවෙන් අපි ඒවාට පිළිතුරු දෙන්න ගියෙ නෑ. නමුත් තවදුරටත් ඉවසිය මේ තත්වය ඉවසිය යුතු නැහැ.” යැයි එහිදී ඔවුන් පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණු කාරණයක් වූයේ පළාත් පාලන මැතිවරණයට පෙර අවසාන සුමාන දෙකේදී ජනාධිපතිවරයාගේ හැසිරීම ඔහුගේ තනතුරට සහ ගරුත්වයට තරම් නොවන බවයි.

එහිදී රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පලනි දිගම්බරන් සහ විජයකලා යන අමාත්‍යවරුන් සහ අමාත්‍යවරියන් පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ අවසාන සතියේ ජනාධිපතිවරයා විසින් ඉතා නින්දිත ආකාරයට ජාතිවාදය අවුස්සමින් කටයුතු කළ බවයි. ඒ අනුව තමන්ට තම පාක්ෂිකයන් සමග කතා කළ නොහැකි වාතාවරණයක් ඇති වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී අවධාරණයෙන් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා විසින් යෝජනා කරන්නේ නම් ඒ සමගම ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බවයි. එම අදහසට සෙසු සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික සහයෝගය ලැබිණි.

අවසානයේ ඔවුන්ගේ තීරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂ බහුතර ආණ්ඩුවක් පිහිටවිය යුතු බව ය. ඒ අනුව පොහොට්ටු ලෝලී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගන්නට සිදු වේ. මෙම ස්ථාවරය අනුව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 106 දෙනාම ජනාධිපතිවරයා හමු වී එම තීරණය දැනුම් දීමට සූදානම් වූ විට මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් එවේලේම ගත්තේය. උද්ගතව ඇති තත්වය පිළිබඳවත්, මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා හමුවීමට ඒ අවස්ථාවේදීම පැමිණීමට සූදානම් බවත් ඔහු විසින් දන්වා තිබේ.

මෙවිට ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ “106 දෙනාම එන්න අවශ්‍ය නෑ. මට එච්චර පිරිසකට වාඩි වෙන්න දෙන්න පහසුකම් නැහැ. කැබිනට් ඇමතිවරුන්ට විතරක් එන්න කියන්න” යනුවෙනි.

අද සන්ධ්‍යාවට ප්‍රථම තනි ආණ්ඩුවක් හදා පෙන්වන්න

මේ අනුව ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරුන් අතර ඊයේ (13) රාත්‍රියේ එම සාකච්ඡාව තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අභියෝගයක් භාර දී ඇත. එම අභියෝගය වන්නේ අද (14) සවස වන විට තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ය. හෙට  (15) පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන අතර එක්සත් ජාතික පක්ෂය මෙම අභියෝගයට මුහුණ දුන්නේ කෙසේද යන්න හෙට දැකගත හැකි වනු ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 30% ක් ගත්ත රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත්ත ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියති.
30% ක් ගත්ත රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත්ත ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියති.
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/9fd470a027f48ff03a8e63bcb9d51811_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/30-15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/30-15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy