දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සුදුසු පුද්ගලයන් පළාත් පාලන ආයතන සඳහා පත්කිරීම් දේශපාලනඥයන්ගේ වගකීමයි - මාර්තු 12 ව්‍යාපාරය

කරුණු එසේ වුවද, පශ්චාත් මැතිවරණ සමය තුළ වාර්තා වෙමින් පවතින සිද්ධීන් පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය තම බලවත් කණස්සල්ල යොමු කර සිටී. පූර්ව මැ...

සුදුසු පුද්ගලයන් පළාත් පාලන ආයතන සඳහා පත්කිරීම් දේශපාලනඥයන්ගේ වගකීමයි - මාර්තු 12 ව්‍යාපාරය
කරුණු එසේ වුවද, පශ්චාත් මැතිවරණ සමය තුළ වාර්තා වෙමින් පවතින සිද්ධීන් පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය තම බලවත් කණස්සල්ල යොමු කර සිටී. පූර්ව මැතිවරණ සමයේ හා මැතිවරණ දිනයේ තමන් සතු කර ගෙන තිබූ ග‍්‍රහණය පොලීසිය ඉතා සීඝ‍්‍රයෙන් ලිහිල් කර ඇති බවක් බැලූ බැල්මට පෙනී යන්නේ යැයි සටහන් කළ යුතුව ඇත. ඊට අමතරව මාර්තු 12 ව්‍යාපාරය තම සුවිශේෂී සැළකිල්ල යොමු කර ඇති අනෙක් ප‍්‍රධානතම කරුණ වන්නේ වත්මන් පළාත් පාලන ආයතන ස`දහා සභිකයින් නම් කිරීම පිළිබ`දවය.  
 
නව මැතිවරණ ක‍්‍රමයට අනුගතව සභිකයන් තේරීම සපුරා සමානුපාතික ක‍්‍රමවේදයක් යටතේ සිදුවන අතර ඉන් 40% ක හෙවත් අමතර ලැයිස්තුව යටතේ තේරීම සිදුවන්නේ ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරයාගේ හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගේ අභිමතයට අනුවය. මෙවන් ක‍්‍රමවේදයකදී  වක‍්‍රාකාරව වඩාත් බලවත් වන්නේ අදාළ මැතිවරණ කොට්ඨාශයේ ප‍්‍රධාන සංවිධායකවරයාය යන්න අතිශයෝක්තියක් නොවේ. තවද අමතර ලැයිස්තුව මගින් පිළිබිඹු විය යුත්තේ ජනතා අභිමතය විනා පක්ෂ සංවිධායකවරුන්ගේ රුචි අරුචිකම් නොවන බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කර සිටී.  
 
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පූර්ව නාම යෝජනා සමයේ සිට ම මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරන ලද්දේ ඒ ඒ දේශපාලන පක්ෂ මගින් තෝරා ඇති අපේක්ෂකයන් අතර සිටින අපරාධකාරී මෙන්ම සමාජ විරෝධී චර්යාවන් පවතින පුද්ගලයන් සභිකයන් ලෙස නොතේරීමට වගබලා ගන්නා ලෙසය. ඒ අනුව මෙවර ජනතා අභිමතය ලැබී ඇති සභිකයන් තෝරා ගැනීමේදී ඡන්දදායකයන් මාර්තු 12 ව්‍යාපාරය මගින් ඉදිරිපත් කළ නිර්ණායක මත පදනම් වී ඇති දැයි සෙවිය යුත්තේ සමස්ත මැතිවරණ පිළිබඳ පුළුල් සාමලෝචනයකින් අනතුරුවය. 
 
එතෙක්, මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් තවදුරටත් ස්ථාපිත කළ හැකිය යන  අධිෂ්ඨානයෙන් පසුවන දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් මෙන්ම ප‍්‍රධාන ආසන සංවිධායකවරුන්ගෙන් පහත සඳහන් ආයාචනය කිරීමට කැමැත්තෙමු. 
 
01. අමතර ලැයිස්තුව යටතේ පක්‍ෂ ලේකම්වරුන්ගේ අභිමතයට යටත්ව තෝරා ගැනීමට නියමිත සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ සභිකයන් තේරීමේදී ඔවුන් සතු මූල්‍ය ශක්තිය හෝ තමන් වෙත පවත්නා අවනතභාවය පිළිබඳ සැලකිල්ලක් නොදැක්විය යුතු අතර ඔවුන් සතුව නිසි අධ්‍යාපන පසුබිමක් පවතීදැයි යන්න සොයා බැලිය යුතුය
 
02. අභිනව සභාපතිවරුන් හා උප සභාපතිවරුන් නම් කිරීමේදී දේශපාලන පරිචයක් හා සමාජ පිළිගැනීමක් සහිත සභික සභිකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඒ ඒ දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඥාතීත්වය හෝ මිත‍්‍රත්වය එකී තනතුරු සඳහා තෝරාගැනීමේ නිර්ණායකයක් නොවිය යුතුය. 
 
03. කාන්තා අපේක්ෂිකාවන්, සභිකයන් ලෙස නම් කිරීමේදී ඔවුන්ගේ හැකියාවන් හා දේශපාලන අවබෝධය පදනම් කරගත යුතු අතර ඔවුන් පිළිබඳ පවත්නා අනිසි පක්‍ෂපාතීකම් ඇතුළු වෙනත් අවශේෂ කාරණා මුල් කර ගැනීමෙන් වැළකිය යුතුය. 
 
04. සමාජ විරෝධී චර්යාවන්ගෙන් මෙන්ම පූර්ව මැතිවරණ සමයේ විවිධ අල්ලස් හා සංග‍්‍රහ ආදිය ලබාදෙමින් ඡන්ද අයාචනය කරන ලද අපේක්‍ෂකයන් සභිකයන් ලෙස පත් නොකිරීමට වග බලා ගත යුතුය. 
 
සභිකයන් තේරීම සමස්තයක් ලෙස සමානුපාතික ක‍්‍රමවේදයක් යටතේ පැවතිය ද 40% ක සභිකයන් ප‍්‍රමාණයක් පත්වන්නේ සෘජු ඡන්දයෙන් නොවන බැවින් එකී නියෝජනය සඳහා සභිකයන් තේරීමේදී සැලකිලිමත් විය යුතු ප‍්‍රධාන කරුණ වන්නේ එක් එක් සභිකයා සතු දක්‍ෂතාවය හා විශේෂඥභාවයයි. පළාත් පාලන ආයතන ඉදිරියට පවත්වා ගැනීමේ දී වඩා වැදගත් වන්නේ පළාත් පාලන විෂය ක්ෂේත‍්‍රයට අදාළ විශේෂඥභාවයක් සහිත පුද්ගලයන් ප‍්‍රමාණයක් මහජන නියෝජිතයන් ලෙස සාමූහික තීරණ ගැනීමයි. සභිකයන් නම් කිරීමේදී මෙම කරුණ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුය. 
 
පිරිසිදු දේශපාලනයක් නිර්මාණය කිරීම නම් වූ උත්තුංග බලාපොරොත්තුව තව දුරටත් ශේෂ වන්නට නොදී එය තම ප‍්‍රමුඛතම දේශපාලන අභිලාශය බවට පත්කර ගන්නා ලෙස මාර්තු 12 ව්‍යාපාරය සියලූ දේශපාලන පක්‍ෂ වෙත සිහි කරන අතර ඒ සඳහා ගත හැකි අවසන් උත්සාහය ගත යුත්තේ එළඹෙන දින කිහිපයේදී බව ද අවධාරණය කරන්නට කැමැත්තෙමු.
මෙරටේ පිරිසිදු දේශපාලන සමාජ සංස්කෘතියක් ගොඩනැගීම පුරවැසියන් එකිනෙකා වෙන්වෙන්ව නොව සාමූහිකව සිදු කළ යුත්තකි. එවන් අපේක්‍ෂාවන් මල්ඵල ගැන්විය හැක්කේ දේශපාලන පක්‍ෂ නායකයන් ගන්නා ප‍්‍රගතිශීලී පියවර ඔස්සේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුදුසු පුද්ගලයන් පළාත් පාලන ආයතන සඳහා පත්කිරීම් දේශපාලනඥයන්ගේ වගකීමයි - මාර්තු 12 ව්‍යාපාරය
සුදුසු පුද්ගලයන් පළාත් පාලන ආයතන සඳහා පත්කිරීම් දේශපාලනඥයන්ගේ වගකීමයි - මාර්තු 12 ව්‍යාපාරය
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/3bac688fef47a770bc642265fdbcfb2a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy