අමත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) සවස එකසත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අඟුනුකොලපැලැස්ස ප්‍රාදේශීය සබා...
අමත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) සවස එකසත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අඟුනුකොලපැලැස්ස ප්‍රාදේශීය සබා ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවක් සඳහා එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
'අද වෙනකොට යූඑන්පී එකට අනාගතයක් නෑ. රැස්වීමක් තියා ගන්න බෑ. ගම්වල කැන්වසින් යනකොට ගෙවල්වල ඉන්න පොඩි එවුන් කෑගහනවා බැඳුම්කර හොරු එනවෝ කියලා. බැඳුම්කරය ගැන දැන් බොරුවක් කළා, කොමිසම දාල එ්ක යට ගැහැවුවා කියලා කිව්වා. නෑ එක යට ගහවුවේ නෑ අපි එ්ක එළිකළා'
'ඔය කට්ටිය කියන්න ගත්තා මෛත්‍රී ජනාධිපතිතුමාගේ විසිල් විතරයි බල්ටි නෑ කියලා. දැන් බල්ටි ගහන්න අරගෙන තියෙන්නේ. මේ වනවිට මහා හොරු දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. දැන් ඒ අය හිරගෙදරට යවනවා විතරක් නොවේ ඒ අයගෙන් හැම සතයක්ම අයකරගෙන ඒවා ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.'
'දැන් මේ අය කියනවා ඡන්දය නිසා මේ අය බොරුවට රංගනයට අත්අඩංගුවට ගත්තා කියාලා. නෑ එහෙම කලේ ඡන්දය නිසා නොවේ. හරිනම් ඡන්දය නිසා මේවා නවත්වන්න ඕන. හෙට අනිද්දා වෙනකොට බ්‍රේකින් නිවුස් එ්වි මේ ආණ්ඩුවේ හිටපු මේකට සම්බන්ධ වෙච්ච ඇමතිවරු අත්අඩංගුවට ගත්තා කියලා.'
'අද බුලත්කොලයට ගහන්නේ නැති කතිරයක් වෙන පක්ෂයකට ගහනවා නම් එ්කෙන් කියන්නේ හොරු අල්ලන එක නවත්වන්න කියලා කියන එක. අද මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව හොරු අල්ලන එක. හැබැයි හොරකම එලියට එනකොට මේක 2008 සිට සිදුවෙලා තිබෙන බව හෙළිවී තිබෙනවා.'
'ඡන්දය ඉවර උනාම ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඉන්න ඔය කණ්ඩායම නැවත ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එකතුවෙනවා' එතකොට අමාරුවේ වැටෙන්නේ ජී.එල්. පීරිස් මහත්තයාගේ පක්ෂය පස්සේ ගියපු අය විතරයි.'
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS