ශ්‍රී ලංකාව තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පව...
ශ්‍රී ලංකාව තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පවසයි.
ඒ පෙරේදා (29) යාපනය උතුරු පලාත් සභාපතිවරයාගේ කාර්යාලෙය් පැවති සාකච්ඡාවකදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී උතුරු පලාත් සභාවේ සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“යුද්ධය අවසන් වී වසර අටකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති මෙවැනි මොහොතක එම සංවිධානය තහනම් කොට තිබීම කිසිඳු වැදගැම්මක් නැති ක්‍රියාවක්. ඔවුන්ගේ සාමාජිකයින්ද අවි අතහැර දේශපාලනයට පවා පිවිසී සිටීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීම තේරුමක් නෑ. එල් .ටී.ටී.ඊ.සංවිධානය අවි ආයුධ අතට ගෙන වුවත් අපේක්ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සහන් කරන්නේද එම අයිතිවාසිකම් දිනා ගැනීමටයි. අත්අඩංගුවේ සිටින හා බන්ධනාගාරවල සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගෙන ඔවුන්ද සමාජගත කොට තහනම් කොට ඇති එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කොට අතීතය අමතක කිරීමට හොදම කාලය දැන් එළඹ තිබෙනවා.”
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS