දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ETI හා ස්වර්ණමහල් ෆිනෑන්ස් කළමනාකරණයට මහ බැංකුවෙන් මණ්ඩලයක්.
Homeගොසිප්

ETI හා ස්වර්ණමහල් ෆිනෑන්ස් කළමනාකරණයට මහ බැංකුවෙන් මණ්ඩලයක්.

PropellerAds

ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බලා, එ...

සමාජ මාධ්‍ය ජාල පුවත්වලින් වැඩි හරියක් බොරු- ජනාධිපති.
දුමින්ද, කට අරින්න සැරසෙයි.
අපනයනකරුවන්ට ඇමරිකානු GSP බදු සහනය නැවතත්

ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බලා, එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණයහිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාය හා ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවර කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද (02) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ එහි මුල් පියවර වශයෙන් විශ්‍රාහික හිටපු සහකාර මහ බැංකු අධිපතිවරයෙකු වන සේපාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මණ්ඩලයක් පත්කර එම ආයතන දෙකෙහි කළමනාකරණ කටයුතු කරගෙන යාම සඳහා බාර කරනු ලබන බවයි. මෙම මණ්ඩලයට ලංකා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු හා නියෝජ්‍ය සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ද ඇතුළත් වේ.

“මේ සමාගම් දෙකේ සම්පූර්ණ වත්කම් නැති වීමේ ප්‍රශ්නයක් නැහැ. එදිනෙදා සමාගම් දෙක පවත්වා ගෙන යාම සඳහා මූල්‍ය සැපයීමේ අපහසුතාවයක් පමණයි තිබෙන්නේ. මෙය තාවකාලික ප්‍රශ්නයක්. තාවකාලික ප්‍රශ්නයක් නිසා මාස 06 ක කාලයක් අදාළ සමාගම්වලට කල් දීලා තියෙනවා මේක විසඳා ගන්න.“

“ETI සමාගමේ දැනට තැන්පත්කරුවන් 33,000 ක් පමණ සිටිනවා. රුපියල් බිලියන 33.5 ක පමණ තැන්පතු තිබෙනවා. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සමාගමේ 90% ක අයිතිය තියෙන්නේ ETI සමාගමට. ස්වර්ණමහල් ෆිනෑන්ස් සමාගමේ දැනට තිබෙන්නේ රුපියල් බිලියන 2.4 ක පමණ තැන්පතු ප්‍රමාණයක්. තැන්පතුකරුවන් ආසන්න වශයෙන් 2,300 ක් පමණ සිටිනවා.“, යැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මේ අතර කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමාකරමින් එම තැන්පතු මාස 06 ක කාලයක් දක්වා දීර්ඝ කිරීමටත්, තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය එකඟ වූ කොන්දේසිවලට අනුව සිදුකිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කර තිබේ.

තවද අද සිට මෙම ආයතන දෙක අධීක්ෂණය සඳහා මහ බැංකුවේ නිලධාරීන් 06 දෙනෙකු ද පත් කර තිබේ.

මෙම ආයතනවල තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන සම්බන්ධව තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සහ එම ආයතනවල මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව මෙම ආයතන දෙකෙහි තැන්පත්කරුවන් වෙත දැනුම් දී සිටී.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112-477258 හෝ 0112-477229 යන දුරකථන අංක මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැකිය.

මහ බැංකුව විසින් ගෙන ඇති මෙම සියලු පියවර, මෙම ආයතනවල තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ඒවා බව පැවසූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙය ජනතාවට කලබල විය යුතු තත්ත්වයක් නොවන බවත්, තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මහ බැංකුව පෙනී සිටින බවත් ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ETI හා ස්වර්ණමහල් ෆිනෑන්ස් කළමනාකරණයට මහ බැංකුවෙන් මණ්ඩලයක්.
ETI හා ස්වර්ණමහල් ෆිනෑන්ස් කළමනාකරණයට මහ බැංකුවෙන් මණ්ඩලයක්.
http://ift.tt/2lDBaYA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/eti.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/eti.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy