දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලංකා සතොසේ CCTV හයිකරන්න හාල් මුදලාලිට බාරදීලා

ලංකා සතොස ආයතනයේ පරිගනක පද්ධතිය සහ CCTV කැමරා පද්ධති සවි කිරීමේදීද එවැනි දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් සිදුව ඇති බව වාර්තා වේ. විස්මය දනවන කරු...

ලංකා සතොසේ CCTV හයිකරන්න හාල් මුදලාලිට බාරදීලා
ලංකා සතොස ආයතනයේ පරිගනක පද්ධතිය සහ CCTV කැමරා පද්ධති සවි කිරීමේදීද එවැනි දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් සිදුව ඇති බව වාර්තා වේ. විස්මය දනවන කරුණ වන්නේ මෙම තාක්ෂණික පද්ධති සවිකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ එම ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු පළපුරුද්දක් හෝ අත්දැකීමක් නොමැති සමාගමකට වීමයි.
 
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව සතොස ආයතනය සඳහා පත් වූ ඉහළ බලධාරීන් සතොස ආයතනය තුළ විවිධ වෙනසක්කම් සිදුකිරීමට උත්සුක විය. ඒ ආයතනය වැඩිදියුණු කිරීමට නොව තමන්ගේ සාක්කුවට වැටෙන කොමිස් මුදල් වැඩිකර ගැනීමේ අරමුණ ඇතිවයි.
 
නව පරිගනක පද්ධතියක්
 
සතොස ආතනය සහ රටපුරා විසිර පවතින ශාඛා සඳහා නව පරිගනක පද්ධති ස්ථාපිට කිරීමට තීරණය කරන්නේ ඒ අනුවයි. ඊට අමතරව CCTV කැමරා පද්ධති සවි කිරීමට ද තීරණය කර තිබේ. මෙවැනි තීරණයක් ගන්නේ ඒ වනවිට ස්ථාපිත කර තිබූ පරිගනක පද්ධතිය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වෙමින් තිබියදීය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවූ අතර දිවයිනේ ප්‍රකට සහ අත්දැකීම් සහිත සමාගම් කිහිපයක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබිණි.
 
කෙසේ වෙතත් සතොස කළමනාකාරීත්වය විසින් පළපුරුදු සමාගම් පසෙක තබා මෙම ටෙන්ඩරය ලබාදෙන්නේ softwatch නමැති සමාගමකටයි. මෙම සමාගම අදාල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති, අකාර්යක්ෂමතාවය හේතුවෙන් වැසීයාමට ආසන්නව තිබූ සමාගමකි.
 
softwatch කාගෙද ?
 
ලංසු ඉදිරිපත් කළ සෙසු සමාගම් මේ සම්බන්ධයෙන් සතොස පාලනාධිකාරිය දැනුවත් කර ඇති අතර එහෙත් ඒ පිළිබඳව සතොස පාලනාධිකාරිය කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත. softwatch සමාගම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රාජන් නැමැත්තාට අයත් වන අතර ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ විදෙස් රටවලින් ලංකාවට සහල් ආයනයන කිරීමයි. වරින් වර රටතුළ නිර්මාණය වන සහල් අර්බුදවලදී සහල් ආනයනය කිරීම හරහා ඔහු මේ වනවිට කෝටිපතියෙකු වී ඇති අතර ඒ හරහා ඔහු සතොස ආයතනයේ ඉහළ නිළධාරීන් හා සබඳතා ඇතිකර ගනී. ඉහත කී ටෙන්ඩරය ඔහුට ලැබෙන්නේ සතොස ආයතනයේ ඔහුගේ හිතවතුන් හරහාය.
 
කෙසේ වෙතත් සතොස ආයතනයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු කළමනාකාරීත්වය විසින් ගත් තීරණයක් අනුව පරිගනක පද්ධති සහ CCTV කැමරා පද්ධති ස්ථාපිත කරයි. එම කටයුතු අවසන් කර කෙටි කලකදීම මෙම ව්‍යාපෘතිය පසුපස තිබූ සැබෑ තත්වය අනාවරණය වූ අතර රටපුරා සතොස අලෙවි සැල්වලින් නව පරිගනක පද්ධතිය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙන්නට පටන් ගනී. යම් සමාගමක් විසින් මෙවැනි පද්ධති සවිකළ පසු ඒවා නඩත්තු කිරීම අදාල සමාගමට පැවරෙන අතර පරිගනක පද්ධතියේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් softwatch සමාගම දැනුවත් කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ ඒ සඳහා සුදුසුකම් ලත් සහ පළපුරුද්ද සහිත සේවකයන් අදාල සමාගම සතුව නොමැති බවයි. 
 
පැමිණිලි යට ගසයි
 
මෙම පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරනවා වෙනුවට සතොස පාලනාධිකාරිය සිදුකරන්නේ පැමිණිලි සිදුකිරීමේ ක්‍රමවේදය නතර කිරීමයි. එය මතුවී ඇති ගැටලුවට පිළියමක් නොවූවද ඉතා අඩුමිලට softwatch සමාගම විසින් මිලදී ගත් බාල වර්ගයේ උපකරණ හේතුවෙන් සහ පළපුරුද්ද සහිත සේවකයන් නොමැතිවීම හේතුවෙන් පරිගනක පද්ධතිය සඳහා පිළියම් යෙදීමට නොහැකි වී තිබේ.
 
softwatch සමාගමේ හිමිකරු වන රාජන් නැමැත්තා සතොස පාලනාධිකාරිය වෙත මුදල් විසි කරමින් ගැටලුව යටපත් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. එහෙත් සතොස ආයතනය වැනි දිවයින පුරා ශාඛා ජාලයක් හිමි ආයතනයක මෙවැනි තත්වයක් මුදල් මිටි විසිකිරීම හරහා සමනය කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. මෙවැනි බාල ගනයේ ක්‍රියා සහ දූෂිත ගනුදෙනු හරහා සිදුවන්නේ තවදුරටත් රාජ්‍ය ආයතන කඩාවැටීම සහ මහජනතාවගෙන් ඈත්වීමයි.
 
මේ වනවිට සතොස ආයතනයේ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා කිසිදු පියවරක් ගෙන නොමැති අතර කිසිදු පියවරක් නොගෙන සිටින්නේ ඔහුද මෙම දූෂිත ගනුදෙනුවේ කොටස්කරුවෙක් නිසාද යන්න ප්‍රශ්නාර්ථයකි.
 
වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට පොරාන්දු වී බලයට පැමිණි යහපාලන රජයේ ප්‍රධාන ආයතනයක් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකුගේ මුදලට යටවීම හා එවැනි ආයතනයක සිදුවන ටෙන්ඩර් ගනුදෙනුවලදී කොමිස් මුදල් මත ආයතන ප්‍රධානීන් කටයුතු කරන්නේ නම් යහපාලන ආණ්ඩු සම්බන්ධයෙන් ජනතාව තැබූ විශ්වාසයට කුමක් වන්නේද යන්න ගැටලුවකි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකා සතොසේ CCTV හයිකරන්න හාල් මුදලාලිට බාරදීලා
ලංකා සතොසේ CCTV හයිකරන්න හාල් මුදලාලිට බාරදීලා
http://ift.tt/2mM4oUP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/cctv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/cctv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy