එම පෙරමුණේ සාමාජික හිටපු ධීවර අමාත්‍ය චන්ද්‍රසිරි විජේසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ නිල නිවසට ගෙන්වා ප්‍රශ්න කිරීමට මහ ඇම...
එම පෙරමුණේ සාමාජික හිටපු ධීවර අමාත්‍ය චන්ද්‍රසිරි විජේසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ නිල නිවසට ගෙන්වා ප්‍රශ්න කිරීමට මහ ඇමතිවරයාට කිසිසේත්ම අයිතියක් නැති බවයි. එවැනි දේශපාලනයක් පෙර පැවති නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ එම තත්ත්වය පරාජයට පත්කිරීමට මිස නැවත එවැනි තත්ත්වයකට පත්වීමට නොවන බව විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මහ ඇමතිවරයාගේ වරද විමර්ශන වලදී තහවුරු වුව හොත් ඔහු එම ධූරයෙන් පහකර දැමිය යුතු බවයි පළමු පෙරමුණ පෙන්වා දුන්නේ. විමර්ශන වලට බලපෑමක් නොවන ලෙස ඔහුව අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගැනීම සතුටුදායක බවද එම පෙරමුණ වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS