දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පළාත් පාලන මැතිවරණය සහ රාජපක්ෂ දේශපාලනයේ අවසානය - සුනන්ද දේශප්‍රිය

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජපක්ෂ අගමැති බවට පත්කර රාජපක්ෂගේ ආණ්ඩුවක් පිහිටුවන බව පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන දේශපාලන සටන් පාඨය වී තිබ...

පළාත් පාලන මැතිවරණය සහ රාජපක්ෂ දේශපාලනයේ අවසානය - සුනන්ද දේශප්‍රිය

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජපක්ෂ අගමැති බවට පත්කර රාජපක්ෂගේ ආණ්ඩුවක් පිහිටුවන බව පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන දේශපාලන සටන් පාඨය වී තිබේ. එනයින් පෙනී යන්නේ මෙම පළාත් පාලන මැතිවරණය රාජපක්ෂවාදීන්ගේ ගල උඩ සටන බවයි. මෙම සටනින් ඔවුන් නිශ්චිත ජයක් දිනා පෙන්විය යුතුය.

ලබන පෙබරවාරි 10දින මෙරට ජනයා විසින් රාජපක්ෂගේ එම සිහිනය බොඳ කර දමනු ඇති බව තේරුම් ගැනීමට රොකට් විද්‍යාඥයකු වීමට අවශ්‍ය නැත. එවිට සිදුවනු ඇත්තේ කුමක්ද? රාජපක්ෂ දේශපාලනයේ අවසානය එමගින් සනිටුහන් වනු ඇත්ද?

රාජපක්ෂ අගමැති කිරීමේ සිහිනයෙන් අඩුම වශයෙන් අවදි නොවී සිටීමට නම් පොහොට්ටු පක්ෂය එජාපය මෙන්ම ශ්‍රීලනිපයද එකවරම පරාජය කළ යුතුය‍. සරළ අංක ගණිතය අනුව ඉන් අදහස් වන්නේ මෙම පළාත් පාලන මැතිවරණයෙහිදී රාජපක්ෂවරුන් විසින් එජාපය සහ ශ්‍රීලනිපය එක්ව ගන්නා ජන්ද ප්‍රමාණය අභිබවා ජන්ද ලබා ගත යුතු බවයි. අප ඉන් එහාට ගොස් සමස්ත දේශපාලන සමීකරණයම විමසා බලන්නේ නම් එජාපය සහ ශ්‍රීලනිපය පමණක් නොව දෙමළ ජාතික සන්ධානය ලබා ගන්නා ජන්ද ප්‍රමාණය ද ( සහ සමහර විට ජවිපෙ ගන්නා ජන්ද ප්‍රමාණයද ) ඉක්මවීමට රාජපක්ෂවරු සමත්විය යුතුය.
වත්මන් දේශපාලන බලතුලනය අනුව එය කෙසේවත් සිදු විය හැකි දෙයක් නොවේ. රාජපක්ෂවරුන්ට සිංහල බෞද්ධ ජන්ද දායකයින්ගෙන් පමණක් හෝ සියයට 51ක් ලබා ගැනීම අතිශය දුෂ්කරය.

අනෙක් අතට ව්‍යවස්ථා සංසෝධනයක් සිදුවුවත් නැතත් දැන් පෙනෙන හැටියට විධායක ජනාධිපතිධූරය 2020 වනතුරු අහෝසි වන්නේ නැත. ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට ජාතික මට්ටමේ නායකයකු ද රාජපක්ෂවරුන්ට නැත. එමෙන්ම 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සිරිසේනගේ මෑත කාලීන දේශපාලන ව්‍යාපෘතියෙහි කොටසක් බවට සැකයක් තිබිය නොහැකිය. සිරිසේන දිනෙන් දින දේශපාලන අධිකාරිත්වයක් අල්ලා ගනිමින් තිබේ. බැදුම්කර වංචාව නිසා මහත් අප්‍රසාදයකට පත්ව සිටින රනිල් වික්‍රමසිංහද 2020 දී ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකයකු නොවනු ඇත.

තවද සිරිසේන සහ රාජපක්ෂ අතර දේශපාලන හාදකමකට ඇති ඉඩකඩ දැන් වේගයෙන් නැතිවී ගෙන යයි. සිරිසේනගේ දේශපාලන ප්‍රහාරයන් වැඩි පුරම එල්ල වන්නේ රාජපක්ෂ වෙතය. බැඳුම්කර ප්‍රශ්ණය මගින් එජාපය වෙත එල්ල වූවාට වැඩි දේශපාලන ප්‍රහාරයක් දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභා වාර්තාව මගින් රාජපක්ෂවරුන්ට සහ අන්තේවාසිකයිනට එල්ල වී තිබේ. සිරිසේන එම වාර්ථාවද බැදුම්කර වාර්තාව මෙන්ම ප්‍රසිද්ධ කර තිබේ.

බැදුම්කර වාර්තාවට පිළිතුරු දීමට එජාපයට සිදුව ඇතිවාක් මෙන්ම වංචා දූෂණ වාර්තාවට පිළිතුරු දීමට දැන් රාජපක්ෂවරුන්ට සිදුවනවා ඇත. බැදුම්කර වාර්තාව එම වංචාව සම්බන්ධයෙන් එජාප නායකත්වයට සෘජු චෝදනා එල්ල කර නැත. එනමුත් වංචා දූෂණ පරීක්ෂණ වාර්තාව විසින් රාජපක්ෂ පරපුරටත් එහි අන්තේවාසිකයිනටත් නඩු පැවැරිය යුතු බවට කෙලින්ම නිර්දේශ කර තිබේ.
මෙම වාර්තා දෙක දෑතින් ගෙන ලෙලවිය හැකි එකම දේශපාලනඥයා වශයෙන් ජනාධිපති සිරිසේන දැන් ඉදිරියට පැමිණ ඇත. ඔහුගේ දූෂණ විරෝධී චතුරත්වය ජන්ද ඇද ගැනීමට කොපමණ සමත්වනු ඇත්දැයි තවම කිව නොහැකිය. එනමුත් ශ්‍රී ලාංකික දේශපාලන රංග භූමියෙහි දුෂණ සහ වංචා විරෝධයේ ධජය දැන් සිරිසේන අතට පත්ව තිබේ. සිරිසේනගේ දේශපාලන කතා විමසිල්ලෙන් අසා සිටින විට ඔහුගේ ප්‍රධාන ප්‍රහාරය යොමුවන්නේ රාජපක්ෂ හොර ගුහාව වෙත බව පැහැදිළිය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජපක්ෂවාදී පොහොට්ටුකරුවන් සහ සිරිසේනගේ නායකත්වයෙන් ඇති ශ්‍රීලනිප මූලික සන්ධානය අතර හවුලක් ඇතිවීමට තිබෙන ඉඩද එන්න එන්නම දුර්වල වෙයි. දැනට පෙනෙන එක් විචල්‍ය සාධකයක් නම් රාජපක්ෂ යටතට පත්වීමට සිරිසේන කිසිසේත්ම සූදානම් නැති බවයි. එමෙන්ම එලඹෙන දෙවසර රාජපක්ෂවාදී හොර දෙටුවන් සිර ගතවීමේ කාල පරිච්ජේදය බවට පත්වීමට හොඳටම ඉඩ තිබේ.

එජාපය මුහුණ දී සිටින්නේ තනි අශ්වයා දිනන තරඟයකට නොවේ. බැදුම්කර මගඩිය නොවූයේ නම් 2015 අගෝස්තුවෙහිදී තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 115 දිනා ගැනීමට එජාපයට ඉඩ තිබුණි. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහගේ කෛරාටික උපාමාරු දේශපාලනය නිසා එජාපය තව දුරටත් දුර්වල විය. ඔහුගේ කපටි සැළැස්ම වූයේ ශ්‍රිලනිපය බෙදා තැබීම මගින් එජාපයට ජය ලබා ගැනීමයි. රාජපක්ෂවරුන්ගේ කපටි ආරක්ෂකයා වූයේ අන් කවරකුවත් නොව රනිල් වික්‍රමසිංහය.

ඔහුගේ කූටෝපාය යම් දුරකට හෝ අසාර්ථක වූයේ විශේෂයෙන්ම බැදුම්කර කොමිසමේ පරීක්ෂණය සහ වාර්තාව නිසාය. එසේ තිබියදීත් පෙරවාරි 10දා වැඩිම පළාත් පාලන ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇත්තේ එජාපය විසින් පෙනෙන්නට තිබේ. එය එසේ නොවුව හොත් එය රනිල් වික්‍රමසිංගේ දේශපාලන අවසානය වනු ඇති අතර මෙරට දේශපාලන බල සමීකරණය සම්පුර්නයෙන්ම වෙනස් වනවා කිරීමට හේතු වනවා ඇත.

වත්මන් දේශපාලන තත්වයෙහි තවත් විචල්‍ය සාධකයක් නම් රනිල් - සිරිසේන ආණ්ඩුව ඉදිරි දෙවසර තුළද පවතිනු ඇති බවයි. සිය දේශපාලන පැවැත්ම සඳහා පමණක් වුවත් ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ ඉදිරි දෙවසර තුළද යම් ආකාරයක සම්මුති ආණ්ඩුවක් පවත්වා ගෙන යා යුතුය. අනෙක් අතට ඉදිරි දෙවසර තුළ දැනට පෙනෙන පරිදි ආර්ථිකය කැපී පෙනෙන වර්ධනයක් ලබා ගැනීමට ඉඩ තිබේ. එවැනි වර්ධනයක වාසිය රනිල් වික්‍රමසිංහට දී ආණ්ඩු සම්මුතියෙන් සිය පක්ෂය ඉවත් කර ගැනීමට සිරිසේන පියවර ගනු ඇතැයි සිතිය නොහැක. එපමණක් නොව 2020 ජනවාරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට හුදෙක් ජනාධිපති ධුරයේ බලය මත පමණක් මුහුණ දෙනවාට වඩා ඇමැති කට්ටලයක බලයද ඇතිව මුහුණ දීම සිරිසේනට වාසිදායකය.

රනිල් වික්‍රමසිංහ පලවා හැර තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවන බවට සිරිසේන කඳවුරෙහි වචාලයන් කියන කතා රාජපක්ෂ අගමැති කරවීමේ සිහිනයට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නැත. එනයින්ම රනිල් වික්‍රමසිංහවාදී වාචාලයින් කියන පරිදි පෙබරවාරි 10දායින් පසු තනි එජාප ආණ්ඩුවක් හැදෙන්නේ ද සිහින මාලිගා තුල පමණය. මේ සියල්ල ජන්ද ලබා ගැනීමට කැරෙන බාල කතාය.

පළාත් පාලන මැතිවරණය ආරම්භයේදී ජනාධිපති සිරිසේන සිටියේ තෙවැනි ස්ථානයට ආසන්නයේ ය. දැන් ඔහු සිය පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරකයා බවට පත්ව දේශපාලන බල සමීකරණයට මහත් බලපෑමක් එල්ල කරයි. පසුගිය තෙවසරෙහි දුටු අන්ද මන්ද මෛත්‍රීපාල සිරිසේන දැන් නැත. ඒ වෙනුවට යම් ආකාරයක අනුහස් සහිත නායකයකු බවට තමා පරිවර්තනය කර ගැනීමට ඔහු සමත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දැන් සිරිසේනගේ දේශපාලන අනාගතය තීරණය කරන හැරවුම් ලක්ෂය බවට පත්වේගෙන එයි.

පළාත් පාලන මැතිවරණයෙහි කල් තබා කිව හැකි එකම අනාවැකිය නම් එමගින් රාජපක්ෂ සහ අන්තේවාසිකයින්ගේ අගමැති සිහිනය කුඩු පට්ටම් වී රාජපක්ෂ දේශපාලනයේ අවසානය එමගින් සනිටුහන් වනු ඇති බවයි. රාජපක්ෂවරුන්ට මෙරට දේශපාලන බලය යළි අල්ලා ගත නොහැකි බව යළිත්වරක් පෙබරවාරි 10 දින සනාථ වනු ඇත.

මේ කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන විසින්ද පිළිතුරු දිය යුතු දූෂණ වංචා චෝදනා ඇති බව මෙහිලා සටහන් කළ යුතුමය. ඉන් ප්‍රධානතම එක වන්නේ මහාරාජා ආයතනයට රූපවාහිනී සංඛ්‍යාත අතයට විකුණන ලද බවට ඇති චෝදනාවයි. එමගින් වූ අලාභය බැදුම්කර මගඩිය ඉක්මවන බවට චෝදනා කරන ලද්දේ රවි කරුණානායක විසින් ආණ්ඩුවේ අයිසීටීඒ ප්‍රධානියා ලෙස පත් කරන ලද මුහුන්දන් කානගී විසිනි. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර විසින් තොරතුරු පනත යටතේ කරන ලද විමසීමට වූ දෙයක් දැන ගන්නට නැත. රුසියානු යුද නැව පිළිබඳ කොමිස් කතාව තවත් එකකි. එය ප්‍රථමයෙන් වාර්තා කරන ලද්දේ, දැන් සිරිසේනගේ සහෝදරයා පාලනය කරන විදුලි සංදේශ නියාමන කොමිසම විසින් තහනම් කර ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසිනි. දූෂණ විරෝධී ධජය සිය අත තබා ගැනීමට නම් ජනාධිපති සිරිසේන එවැනි චෝදනා ඉදිරිපත් කරන්නේ කවරකුදැයි නොසළකා ඒවාට පිළිතුරු දිය යුතුය.

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන මැතිවරණය සහ රාජපක්ෂ දේශපාලනයේ අවසානය - සුනන්ද දේශප්‍රිය
පළාත් පාලන මැතිවරණය සහ රාජපක්ෂ දේශපාලනයේ අවසානය - සුනන්ද දේශප්‍රිය
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/6070f46c5441c1d6c4043cb2bcc1a0ae_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_849.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_849.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy