දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙට පුද්ගලික අංශයට නිවාඩු දිනයක්ද?
Homeප්‍රවෘත්ති

හෙට පුද්ගලික අංශයට නිවාඩු දිනයක්ද?

PropellerAds

හෙට (15) දිනය බැංකු හා කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වෙතත් හෙට (15) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන ක...

කුසල් මෙන්ඩිස්ට ඇප හිමිවෙයි
‘මැතිතුමා අපිට හෙන හයියක්’ - මුස්ලිම් ජනතාව.. ‘ඡන්දෙ දෙන්න ඕන... හයිය උනාට වැඩක් නෑ’ - ජනාධිපති
මාරක රිය අනතුරෙන් පසු කුසල් පැන ගිහින්.. පැයකට පසු බාරවෙලා.. පාරේ වැරදි පැත්තෙන් ගිහින්.. බීලාදැයි පරීක්‍ෂණ.. අවිශ්කගෙන්ද ප‍්‍රශ්ණ කරයි
හෙට පුද්ගලික අංශයට නිවාඩු දිනයක්ද?

හෙට (15) දිනය බැංකු හා කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් හෙට (15) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන කරුණකි. කෙසේ වෙතත් 2017 ජනවාරි 15 සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ.

එහෙත් දෙමළ තෛපොන්ගල් දිනය ඉරිදා (14) යෙදී තිබීම හේතුවෙන් ඒ වෙනුවෙන් නිවාඩු දිනයක් සතියේ දිනයක දී ලබා ගත හැකි ද යන්න පිළිබඳව බොහෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි නියුතු දෙනා විමසිලිමත් වී තිබේ.

සේවක නිවාඩු සම්බන්ධයෙන් බලපත්වන ප්‍රධනතම නීතිමය අණපනත් දෙක වනුයේ සාප්පු හා කාර්යාල සේවක පනත හා පඩිපාලක සභා ආඥා පනතයි.

ඊට අනුව වර්ෂයක් තුළ විශේෂ වෙළෙඳ නිවාඩු 08 කට පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිමිකම් කියනු ලැබේ. එනම්, දෙමළ තෛපොන්ගල් දිනය, ජාතික නිදහස් දිනය, මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය, සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය‍, සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය, මැයි 01 දින කම්කරු දිනය, වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය, නත්තල් දිනය වේ.

මෙම නිවාඩු දින හැඳින්වෙන්නේ ව්‍යවස්ථාපිත නිවාඩු දින ලෙසිනි. මේවා රජය විසින් පුද්ගලික අංශයේ සේවය කරනු ලබන්නා වූ සේවකයින් හට වැටුප් සහිතව ලබා දී ඇති නිවාඩු වර්ගයකි.

ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩු දිනයක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක එම නිවාඩුව ලබා දිය යුතු බව නීතියෙහි සඳහන් වේ.

ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩුවක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක් යෙදෙන දිනක යෙදුනහොත් එකී දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු වන අතර ඒ හරහා අහිමි වන සති නිවාඩු දිනය හෝ අර්ථ නිවාඩු දිනය එකී සතිය තුළ දී හෝ ඉන්පසු එළඹෙන සතිය තුළ දී ලබා ගැනීමට සේවායෝජකයන් විසින් ඉඩ සැලසිය යුතුවේ.

මේ අනුව පුද්ගලික අංශයට ජනවාරි 15 සඳුදා දිනය නිවාඩු දිනයක් වනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙට පුද්ගලික අංශයට නිවාඩු දිනයක්ද?
හෙට පුද්ගලික අංශයට නිවාඩු දිනයක්ද?
http://ift.tt/2Dti9jd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_638.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_638.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy