ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් පැමිණ සිටි රජිත කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විදුහල්පතිනියට මුහුණ ද...
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් පැමිණ සිටි රජිත කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විදුහල්පතිනියට මුහුණ දීමට සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුවූවක් බව බැහැර කළ නොහැකි බවයි. සෑම රාජ්‍ය සේවකයෙකුටම ගෞරවනීය ලෙස සිය වෘත්තීය කිරීමේ අයිතියක් ඇති බවයි තෙන්නකෝන් මහතා සඳහන් කළේ.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යාලවල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේද එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. උන්වහන්සේ අවධාරණය කළේ රාජ්‍ය සේවකයන් දේශපාලඥයන්ගේ වුවමනා වෙනුවෙන් ක්‍රියා නොකළ යුතු බවයි. මේ අතර විදුහල්පතිනිය දණ ගැස්සවිමේ සිද්ධියට සම්බන්ධ, ඊට අනුබල දුන් සියලුම රාජ්‍ය සේවකයන් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විමර්ශනයක් පවත්වා ඔවුන්ට විනයානුකූලව ක්‍රියාමාර්ග ගත යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS