ඉන්දීය රජය මගින් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කලද එම පළාත් වල වැසියන්ට අහිමි වී ඇති ඉඩම් සියල්ලම ආපසු ලබා දීමට වහාම වැඩ පිළිවෙලක් සකස් කරන මෙ...
ඉන්දීය රජය මගින් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කලද එම පළාත් වල වැසියන්ට අහිමි වී ඇති ඉඩම් සියල්ලම ආපසු ලබා දීමට වහාම වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
අමාත්‍යවරයා යාපනයේ පලාලි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට පවසා ඇත්තේ කන්කසන්තුරේ හා පලාලි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු නිසා ඉඩම් අක්කර 20,000 ක් පමණ ජනතාවට අහිමි වී ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දීය රජය කටයුතු කිරීමේදී තවත් ඉඩම් විශාල ප්‍රමාණයක් උතුරේ වැසියන්ට අහිමි වී යා හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමේ දී ඊට ආසන්නයේ පිහිටි මයිලිට්ටි ධීවර වරාය උතුරේ ධීවරයින්ට ලබා දීම සිදු විය යුතු බවත් නාවික හමුදාව විසින් ඒ ආසන්නයේ පිහිටි ධීවර වරායන් ගණනාවක මසුන් මැරීමේ කටයුතු සදහා ධීවරයින්ට පනවා ඇති තහංචි ඉවත් කල යුතු බවත් පෙන්වා දී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS