එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව යහපාලන රජය ස්ථාපිත කළා. මේ දිනවල මැතිවරණ ව...
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව යහපාලන රජය ස්ථාපිත කළා. මේ දිනවල මැතිවරණ වේදිකාවේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. එම සියලු ප්‍රකාශ පෙබරවාරි 10 වන විට අවසන් වෙනවා. ඉන් පසු ප්‍රධාන පක්ෂ දෙක එක්ව ඉදිරියට ගමන් කරනවා. වෙන්ව ගමන් කර එකට පහරදීමක් තමයි මේ සිදුවන්නේ. රජය තුළ ගැටලු තිබුණත් 2020 වනතුරු යහපාලන රජය ඉදිරියට ගමන් කරනවා. ඉන් පසු මැතිවරණය ජයගෙන වසර 2025 දක්වා යහපාලන රජය ක්‍රියාත්මක වෙනවා. මාධ්‍ය මඟින් අද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවේචනය කරන්නේ මාධ්‍ය නිදහස ලබාදී තිබීම නිසයි. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවාව ස්වාධීන කර තිබෙනවා. යහපාලන රජය ලබාදුන් පොරොන්දු එකිනෙක ඉටු කරනවා. පසුගිය රජයේ දූෂණ, වංචා සහ මනුෂ්‍ය ඝාතන සිදුකළ අයගේ නඩු විභාග වෙනවා. ආණ්ඩුව වෙනස් වුනාට රාජ්‍ය වෙනස් වී නැහැ. නමුත් වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩයි."
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා ඇතුළු අපේක්ෂකයන් රැසක් එක්ව සිටියහ.
COMMENTS